රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනකු වස වර්ගයක් ශරිරගත වීමෙන් අද පෙරවරුවේ මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.Sri Lanka Latest News
මෙලෙස මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ රඹුක්කන පත්තම්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටින වයස අවුරුදු 28 වන පියා වයස අවුරුදු 27 වන මව ඔවුන්ගේ දරු දෙදෙනා වන වයස අවුරුදු 4 මාස 10 වන දියණිය හා මාස 11 වයසැති දියණිය බවත් පොලිසිය පැවසීය.
මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මව පියා සිය දරුවන් දෙදෙනාට නිවසේ දී වස පොවා ඔවුන් දෙදෙනා ද වස පානය කරන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි.
පසුව ඔවුන් නිවසේ වැටී සිටින අයුරු අසල්වැසියන් දැක ත්‍රීරෝද රථයකින් ඔවුන් සිව් දෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
දරු දෙදෙනාට වස පොවා මව්පිය යුවළ වස පානය කිරීමට හෙතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පැවසීය.










