දෙරණ මයික් එක පෙන්නලා විමල් එදා ගහපු ගැහිල්ල!
ඊයේ රාත්‍රී දෙරණ නාළිකාවේ 360 දේශපාලන වැඩසටහනට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය හමුවේ විපක්ෂය දුර්වල ක්‍රියාකාරීත්වයක සිටින බව කියමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත්, විපක්ෂයටත් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
මෙහි ඇති විශේෂත්වය වන්නේ මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාට සහ ඒ මහතාට අයත් දෙරණ නාළිකාව සමග කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන ස්ථාවරයක සිට හදිසියේම නැවත දෙරණ නාළිකාවට පැමිණ මෙසේ විපක්ෂයට ප්‍රහාර එල්ල කිරීමය.
පසුගිය වසරේ ජුලි මාසයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා දෙරණ නාලිකාවටත්, එහි හිමිකරු වන දිලිත් ජයවීර මහතාටත් ප්‍රසිද්ධියේ බැන වදිමින් කියා සිටියේ එම නාළිකාව සිය කතා ප්‍රචාරය නොකරන බවත්, තම කතා එම නාළිකාවේ පළ නොකරන ලෙස ඉල්ලා සිටින බවත්ය.
එමෙන්ම දෙරණ නාළිකාව සිය හාම්පුතාට සහ හාම්පුතාගේ දේශපාලනයට තර්ජනයක් වන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සහාය නොදක්වන බවත්, ඊට හාම්පුතාගේ මේනියාවක් ඇති බවත් විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේය.










