ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “රටවැසි විපක්ෂය එක්වෙමු! – පෙරට යමු!” ජන සංවාද මාලාවේ තෙවැන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉලුක්වත්ත, දූව පන්සල පාර, කළුතර හිදී පැවැත්විය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක සහ කළුතර දිස්ත්‍රික් නායක ජයන්ත සමරවීර මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ කළුතර මහ නගර සභා මන්ත්‍රී නලින් හේවාගමගේ, කළුතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රුෂාන් ප්‍රියන්ත සහ ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් හා ප්‍රදේශවාසීන් ඇතුළු මහජනතාව එක්ව සිටියහ.










