තංගල්ල පොලිසියට තමා අද දින (06) නොයන බවත් ඵ් සඳහා තමන් වෙනත් දිනයක් තංගල්‍ල පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරනවා.Sri Lanka Latest News
එම දිනය අද දවස තුළ තමාට දැනුම් දීමට නියමිත බවද විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අද (06)වෙනි දින තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ(05) දින ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් අද දින අප කළ විමසුමකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද දින තමා තංගල්ල පොලිසියට නොයන බවත් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි බවයි.
විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා මීට දින කිහිපයකට කරන ලද ප්‍රකාශයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම පොලිසිය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.










