ලබන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂයේ කොටසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට ජාතික නිදහස් පෙරමුණ සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම කණ්ඩායමට වත්මන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට කිසිදු විකල්පයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබී නොමැති බවකි.
එවැනි විකල්පයක් ඇතිනම් පමණක් තම පක්ෂය ඊට එකවන බවත්, තවමත් එවැන්නක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව නැති බවත් වීරවංශ මහතා කීය.










