• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 5, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ජෝර්ජ් පැපන්ඩෘ වහාම ඉවත් විය යුතුයි. ඔහුට ආර්ථික අර්බුදය මැනේජ් කරගන්න බැහැ…’

මේ 2011 ග්‍රීෂියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැලා කී සටන් පාඨයය. පැපන්ඩෘ පවුල ග්‍රීසියේ බලවත් දේශපාලන පවුලකි. හරියට ලංකාවේ රාජපක්ෂ පවුල වගේය. ඔහුගේ සීයා කිහිප වරක්ම ග්‍රීසියේ අගමැති ධුරය දරපු අයෙකි. ඔහුගේ පියාත් ග්‍රීසියේ අගමැති ධුරය දැරුවේය. ග්‍රීසියේ පැරැණිතම විශාලතම පක්ෂය වූ පැසො පක්ෂය බිහි කළේත් ඔහුගේ පියාය. 2009 මහ ඡන්දයෙන් ජෝර්ජ් පැපන්ඩෘ අගමැති වූයේ අතිවිශාල බහුතරයකිනි.

‘පැපන්ඩෘ පවුල ග්‍රීසියේ මුල් ඇදලා තියෙන්නේ. ඔවුන්ව විනාශ කරන්න බැහැ…’

මේ, 2009 ජෝර්ජ් අගමැති වූ වෙලාවේ ග්‍රීසියේ පමණක් නොව ලෝකයේම දේශපාලන විචාරකයන් කී කතාවය. දේශප්‍රේමය පැපන්ඩෘ පවුලේ සහ පැසො පක්ෂයේ දේශපාලන න්‍යාය විය. ඒත් කවුරුත් නොසිතූ දෙයක් 2009 ජෝර්ජ්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව සිදුවිය. ග්‍රීසියේ මහා ආර්ථික අර්බුදයක් පැනනැඟිණි. අර්බුදය කට ළඟටම ආවේ ජෝර්ජ් අගමැති වී හරියටම වසර දෙකකින්ය. ග්‍රීසියේ මිනිසුන් කීවේ ජෝර්ජ්ගේ නොහැකියාව මත මෙම අර්බුදය උපත ලද බවය. ඒත් ග්‍රීසියේ ආර්ථික විශේෂඥයන් කීවේ ජෝර්ජ් බලයට පැමිණෙන විට අර්බුදය බීජයක්ව පැවැති බවත්, ඔහු එය නොවිසඳා අර්බුදයක් නැති බව රටට පෙන්වන්න ගොස් අර්බුදය ග්‍රීසිය යටකරන සුනාමියක් බවට පත්වූ බවත්ය.

අර්බුදය මැද ජෝර්ජ් අසරණ විය. සීයාගේ හෝ පියාගේ කයිවාරු අහන්න මිනිසුන් සූදානම් නොවීය. දේශප්‍රේමය තවදුරටත් විකිණිය හැකි සටන් පාඨයක් නොවීය. බැරිම තැන ජෝර්ජ් පාර්ලිමේන්තුවේ තමාට විශ්වාසය පළ කරන යෝජනාවක් සම්මත කරගත්තේය. යෝජනාව දින්නායින් පසු ජෝර්ජ් සහ ඔහුගේ පක්ෂය ගැම්මක් ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ද කීවේ අර්බුදය ගොඩගන්න ජෝර්ජ්ගේ ආණ්ඩුවට දැන් ජනප්‍රිය නොවන තීරණ ගත හැකි බවය. ජෝර්ජ් ආඩම්බරයෙන් කීවේ ග්‍රීසියේ අස්ථාවරත්වය අවසන් වූ බවය. එහෙත් ජෝර්ජ්ට අර්බුදය ජයගන්න හැකියාවක් හෝ එඩිතරකමක් නොවීය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදය ජයගමු යැයි ජෝර්ජ් විපක්ෂ නායක අන්තෝනියෝ සමාරස්ට යෝජනා කළේය. විපක්ෂ නායකයා කෙළින්ම ඒ යෝජනාව ප්‍රතික්ෂෙප කළේය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවටත්, නිර්පාක්ෂික අගමැතිවරයෙක් අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා විය යුතු බවටත් විපක්ෂ නායකයා යෝජනාවක් කළේය. ඒත් ජෝර්ජ් එයට අදිමදි කළේය.

‘ඔබට අර්බුදය විසඳාගන්න බැරිව බලයේ එල්ලී සිටියොත් ඔබගේ පවුලත් පක්ෂයත් විනාශ වෙයි. මේ වෙලාවෙ බලය අතහරින්න…’

ජෝර්ජ්ගේ උපදේශකයෝ කීහ. ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කැමැති විය. ඔහුගේ ඒ තීරණයට දැඩි ලෙස බලපෑවේ අර්බුදය විසඳන්න සහාය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසියය.

‘අර්බුදය විසඳන්න මහජන සහාය අවශ්‍යයි. විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුව අතර එකඟතාවක් අවශ්‍යයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ජෝර්ජ්ට බලපෑම් කළේය.

‘අර්බුදය විසඳන සහන පැකේජයක් දෙන්න පුළුවන් ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් ඇති කළොත් පමණයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ලෝකෙටම ඇහෙන්න කීවේය. ජෝර්ජ්ගේ ඉවත් වීමෙන් හිස් වූ අගමැති ධුරයට විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත්වුණේ යුරෝපා සංගමයේ මහ බැංකුවේ උපසභාපතිවරයෙකි. ඔහු නිර්පාක්ෂික ආර්ථික විශාරදයෙක් විය. අන්තර් පාලන ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව පිහිටුවා වහාම මහ ඡන්දයට යා යුතුය යන්න විපක්ෂ නායකයාගේ කොන්දේසිය විය. නිර්පාක්ෂික අගමැති ඒ කොන්දේසිය ඉටු කළේය. එහෙත් මහ ඡන්දයෙන් කිසිවකුට බහුතර ආණ්ඩුවක් පිහිටුවාගත නොහැකි විය. මහ ඡන්ද කිහිපයකට පසු පැවැති මහ ඡන්දයෙන් විපක්ෂ නායකයා බහුතර ආසන දිනා අගමැති විය. 2009 මහ ඡන්දයෙන් 48%ක් ගත් ජෝර්ජ්ගේ පැසො පක්ෂය 2015 මහ ඡන්දයෙන් අන්ත පරාජයකට පත් වී ඡන්ද ප්‍රතිශතය 5%ට වැටිණි. ග්‍රීසියේ පැරැණිතම ප්‍රබල පක්ෂයේ මේ වැටීම ලෝක දේශපාලනය අර්ථ දැක්වූයේ ‘පැසොකිෆිකේෂන්’ ලෙසය.

‘රාජපක්ෂලාටත් පැපන්ඩෘ පවුලට වෙච්ච දෙයම වෙයිද?’

අද රාජපක්ෂලා මුහුණ දෙන ආර්ථික අර්බුදය ග්‍රීසියටත් වඩා අන්ත ආර්ථික අර්බුදයකි. මේ අර්බුදයට රාජපක්ෂලාටත් විසඳුම් නැති බව පෙනේ. රාජපක්ෂලා මූල්‍ය අරමුදලට ඇමෙරිකාවට බි්‍රතාන්‍යයට, යුරෝපා සංගමයට යන්න බය, ග්‍රීසියේ ජෝර්ජ්ලාට දමපු කොන්දේසි රාජපක්ෂලාටත් දමයි කියන බය නිසාය. බලය අතේ තියාගෙන තමන් සහ රට දෙකම එකට නැති වෙනවා බලා සිටිනවාට වඩා බලය අතහැර රට බේරාගැනීම හොඳම විසඳුම යැයි ජෝර්ජ් සිතුවේය. ඒත් රාජපක්ෂලා බලන්නේ අර්බුදයට මකබෑවියන් කියා බලය ආරක්ෂා කරගත හැකි ක්‍රමයක්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජපක්ෂවරුන්ගේ ගැළවීමේ හමුදාව වී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවස්ථාවක් හදන මුවාවෙන් මහ ඡන්දයකට ගොස් ජාම බේරාගන්න ආණ්ඩුව උත්සාහ දරනවා යැයි මෛත්‍රිපාල පසුගියදා කීවේ ඒ නිසාය.

ආණ්ඩුව මේ වෙලාවේ කැමැතිම ඡන්දය නම් ජනමත විචාරණයක්ය. ඇතැම් විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් එන්න පුළුවන. නැතිනම් ආණ්ඩුවට තියෙන එකම විකල්පය මහ ඡන්දයය. හේතුව මහ ඡන්දයක් තියල පරාජය වුණත් පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිය. ආණ්ඩුව බයම ඡන්ද තුන පළාත් පාලන, පළාත් සභා සහ ජනාධිපතිවරණයය. පළාත් පාලන ඡන්දයක් තියල පරාජය වුණොත් ආණ්ඩුව ඉබේ කඩාගෙන වැටෙනවා පමණක් නොව පළාත් පාලන ආයතන ටික විපක්ෂයට යන බව ආණ්ඩුව දනී. පළාත් සභා ඡන්දය තිබ්බත් වෙන්නේ ඒකමය. පළාත් සභා විපක්ෂය අතට ගියොත් ආණ්ඩුවට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව ජාතික මැතිවරණයකට යෑමට සිදුවෙයි.

එදා 2011 ග්‍රීසියේ ජෝර්ජ් උත්සාහ ගත්තේත් අද රාජපක්ෂලා උත්සාහ ගන්නවා වගේ තම ශක්තිය පෙන්වලා අර්බුදය යටගහ ගන්න ක්‍රමයක්ය. ජෝර්ජ් නම් ඡන්දයකට ගියේ නැත. ඔහු ගියේ පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකර ගන්නා යෝජනාවකටය. ඒත් තම ශක්තිය පෙන්වා අර්බුදය ජයගන්න හෝ යට ගහන්න බැරි බව ඔහුට පසුව තේරිණි. ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සිදුවූයේ ඒ නිසාය.

‘ජෝර්ජ්ට වගේ රාජපක්ෂලාටත් ජනාධිපති ධුරය අගමැති ධුරය අත්හරින්න වෙයිද…?’

එතැනට නොයා ගොඩ එන ක්‍රමයක් ගැන මේ මොහොත වන විටත් රාජපක්ෂලාට චිත්‍රයක් නැත. මේ නිසා අද රාජපක්ෂලා කරන්නේත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නා දේශපාලනයක් බව නම් සහතිකය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සක්වලින් රුපියල් දසලක්ෂයක පරිගණකත් අරන් සජිත් පන්නිපිටියේ පාසලකට යයි! මේ 14 වැනි එකලු! (VIDEO & PHOTOS)

Next Post

අනුන්ගේ ඉඩමක් බලන්න ගිය විජිතට ගල් ගහන්න ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.