විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට නියමිතය.Sri Lanka Latest News
කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සහ ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමයි.
මේ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධානීහු අද(19)ද, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රධානීහු හෙට(20)ද කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීහු අනිද්දා(21)ද ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධානීහු ලබන මස 3 වැනිදාද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදාද ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධානීහු ලබන මස 6 වැනිදාද කෝප් කමිටුව හමුවට මෙසේ කැදවෙති.
කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.










