ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සදහන් කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් 02 වැනිදා යවා ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව සෞඛ්‍ය අංශද තවත් සතියක් සංචරණ සීමා දීරඝ කරන ලෙසත් එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි පෙන්වා දී ඇති බවත් දැනගන්නට තිබේ.
කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.
එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .










