• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දොස්තර සිංහල මොහොමඩ් දිනයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දොස්තර සිංහල මොහොමඩ් දිනයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1960 ජනවාරි 12 කොළඹ නගර සභාවට අමතක නොවන දවසක් විය. එයට හේතුව කොළඹ නගර සභා ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතිකයෙක් නගරාධිපති ධුරයට පත්වීමය. ඔහු අන් කවරකුවත් නොව එම්.එච්. මොහොමඩ් නොහොත් මොහොමඩ් හනීෆා මොහොමඩ්ය.Sri Lanka Latest News

මොහොමඩ්ලාට කොළඹ නගර සභාව අලුත් තැනක් නොවීය. ඒ වගේම මොහොමඩ්ලාට දේශපාලනයත් අලුත් දෙයක් නොවීය. එම්.එච්. මොහොමඩ්ගේ සීයා එම්.ඩී. අබ්දුල් රහුමාන් 1876 ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් විය. ඔහුගේ මුණුබුරන් වූ එම්.අයි.එම්. හනීෆා සහ එච්.එල්.එම්. ෂයිනුදීන් 1894 සිට 1900 දක්වාත්, 1900 සිට 1907 දක්වාත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු වූහ. මේ කියන්නේ සුද්දාගේ කාලයේය. මොහොමඩ්ලාගේ පවුල එකල සටන් කළේ සුද්දාගේ පාලනයට එරෙහිවය. මේ නිසාම ඔවුන් දේශපාලනයේ දැඩි වාමාංශිකයන් විය. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන් පමණක් නොව ආචාර්ය එන්.එම්. පෙරේරාද මොහොමඩ්ලා සමග සමීප සබඳකම් පැවැත්වූහ. එම්.එච්. මොහොමඩ්ගේ පියා එන්.එම්.එම්. හනීෆා, ඒ.ඊ. ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂයට සම්බන්ධ වූයේ මොහොමඩ් පවුලේ වාමවාදී දේශපාලනය නිසාය. රණසිංහ ප්‍රේමදාසත්, වී.ඒ. සුගතදාසත් දේශපාලනය අකුරු කරන්නේ ඒ.ඊ. ගුණසිංහගේ කම්කරු පක්ෂයෙනි. එකල යූ.ඇන්.පී. නායකයන් වූ ඩඩ්ලි සහ ජේ.ආර්., කම්කරු පක්ෂයේ සාමාජිකයන් වූ රණසිංහ ප්‍රේමදාස සහ වී.ඒ. සුගතදාසද යූ.ඇන්.පී.යට දිනාගන්න සමත් වූහ.

1956 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී.ය අන්ත පරාජයකට පත්වී අලියා හතර ගාතෙන් වැටී සිටින වෙලාවක අලියා නැගිටුවන්න ජේ.ආර්. පුංචි ඡන්දයේදී කොළඹට දැම්මේ වී.ඒ. සුගතදාසවය. වී.ඒ. සුගතදාස දින්නේ 1956 රැල්ලේ නිර්මාතෘ අගමැති බණ්ඩාරනායකත්, යූ.ඇන්.පී. මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැහුවා කී ඇමැති පිලිප් ගුණවර්ධනත් හොල්මන් කරමිනි.

සුගතදාස නගරාධිපති වන විට වාමවාදී දේශපාලනය අකුරු කොට ආ එම්.එච්. මොහොමඩ් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් විය. ඔහු පවුලේ අඩි පාරේ යමින් 1947 පළමු වරට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කොළඹ නගර සභාවට මාලිගාවත්ත කොට්ඨාසයෙන් තරග කරමින් මන්ත්‍රීවරයෙක් විය. වී.ඒ. සුගතදාස මෙන්ම මොහොමඩ් ද කොළඹ ජනතාව අතර ජනප්‍රියය. ඔවුන් වැඩිපුරම ජනප්‍රිය වූයේ වැඩ කරන ජනතාව අතරය.

වී.ඒ. සුගතදාසට පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ලෙසට ඩඩ්ලි සහ ජේ.ආර්. උපදෙස් දුන් අතර, මොහොමඩ් නගරාධිපති ධුරයට නම්කරන්න ඩඩ්ලි සහ ජේ.ආර්. තීරණය කළහ. 1947 සිට 1965 තෙක් මොහොමඩ් කවදාවත් ඡන්ද පරාජය වූයේ නැත.

මේ නිසාම 1965 මහ ඡන්දයට බොරැල්ල ආසනයෙන් මොහොමඩ් දමන්න ඩඩ්ලි සහ ජේ.ආර්. තීරණය කළහ. එකල බොරැල්ල ආසනයේ සිටියේ වමේ ගිනි සිළුව ලෙස ප්‍රකට විවියන් ගුණවර්ධනය. විවියන් එක්ක හැප්පෙන්න යූ.ඇන්.පී. අපේක්ෂකයන් බයවිය. ඒත් මොහොමඩ් ඒ අභියෝගය භාරගත්තේය. 1965 මහ ඡන්දයෙන් මොහොමඩ්, විවියන්ව පරාජය කළේ වාමවාදීන් තුෂ්ණිම්භූත කරවමිනි. පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ මේ තරුණයාව කැබිනට් මණ්ඩලයට ගන්න ඩඩ්ලි අදිමදි කළේ නැත. ඔහුට කම්කරු, රැකියා සහ නිවාස ඇමැති ධුරය ලැබිණි. 1977 දී ජේ.ආර්. ඔහුට ප්‍රවාහන ඇමැතිකම දුන්නේය.

ඩී.ඇස්. සේනානායක යූ.ඇන්.පී.ය හදද්දී හදපු සංස්කෘතියක් තිබිණි. එනම්, ජාති-ආගම් භේද නැති කරන්න, සිංහල කතාකරන මුස්ලිම් මන්ත්‍රීවරු පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් බවට පත්කිරීමය. බාකීර් මාකර්, ඒ.සී.එස්. හමීඩ්, එම්.එච්. මොහොමඩ්ලා බිහිවෙන්නේ ඒ සංස්කෘතියෙන්ය. ඔවුන් රටත් පක්ෂයත් ආරක්ෂා කරගත්තේ තමන්ගේ ආගම වගේය. 1970-77 කාලයේ යූ.ඇන්.පී.ය අන්ත පරාජයකට පත්වී දුර්වලව සිටිද්දී පක්ෂ නායක ඩඩ්ලි සහ විපක්ෂ නායක ජේ.ආර්. අතර ගැටුම් ඇතිවිය. ඒ වෙලාවේ මොහොමඩ් සිටියේ ඩඩ්ලි එක්කය. හමීඩ් හිටියේ ජේ.ආර්. එක්කය. හැබැයි මේ දෙදෙනාම පක්ෂය එක්සේසත් කළේය. 1977 මහ මැතිවරණයට පෙර ජේ.ආර්. හමීඩ්ට එන්න කීවේය.

‘මම මේ විදියට වෙන කිසිම කෙනෙක්ගෙන් අහලා නෑ. ඔබට ඕනෙ ඇමැතිකම කියන්න, මම ඒක දෙන්නම්…’

ජේ.ආර්., හමීඩ්ට කීවේය. හමීඩ් විදේශ ඇමැතිකම ඉල්ලුවේය. ජේ.ආර්. කැමැති විය. ඒ වනවිට විදේශ ඇමැති ධුරය අගමැතිට හිමි ඇමැති ධුරයක් විය. සාම්ප්‍රදායිකව විදේශ ඇමැති ධුරය අගමැති යටතේ තබාගත්තේය. ඒත් ජේ.ආර්., හමීඩ්ගේ ඉල්ලීම ඉටුකරමින් ඔහුට විදේශ ඇමැතිකම දෙන්න පොරොන්දු විය.

ප්‍රේමදාස ජනාධිපති වූ විට ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන්නත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහා ජවිපෙ සමග සාම සාකච්ඡා කරන්නත් සාම දූතයා ලෙස පත්කළේ හමීඩ්වය.
1994 ගාමිණී දිසානායක ඝාතනය වූ විට ගාමිණීවාදීන් සහ රනිල් අතර පක්ෂ නායකත්වයට ගැටුමක් පටන්ගත් විට ජනාධිපති අපේක්ෂකම ගාමිණීගේ බිරියටත්, පක්ෂ නායකත්වය රනිල්ටත් දෙන ක්‍රමවේදය හැදුවේ හමීඩ්ය.

අවසානයේ හමීඩ්ලාටත්, මොහොමඩ්ලාටත්, බාකීර් මාකර්ලාටත් රනිල්ව එපාවූයේ රනිල් ඔවුන්ව කොන් කළ නිසාය. මොහොමඩ්ලා වගේ මුස්ලිම් නායකයන් හිටියා නම් යූ.ඇන්.පී.යට මෙහෙම වෙන්නේ නැත.

මොහොමඩ් සහ හමීඩ්ගේ දේශපාලන සුසංයෝගයෙන් බිහිවූ මුස්ලිම් නායකයෙක් හදන්න සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කරන්න ඇත්තේ මේ නිසා විය හැකිය. ඔහු අන් කවරෙක් හෝ නොව එම්.එච්. මොහොමඩ්ගේ මුණුබුරු දොස්තර රුවේයිස් හනීෆාය. හනීෆා උගතෙකි. බුද්ධිමතෙකි. ඔහු ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයෙකි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. ඔහු වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දරා ඇත. ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ උපසභාපති ධුරය දරා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිපත්ති රාමු සකස් කිරීමේ කමිටු සාමාජිකයෙකි. කොවිඩ් සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධීකරණය කළ අයෙකි. යුද්ධය කාලයේ උතුරේ හමුදා සාමාජිකයන්ටත්, දමිළ වැසියන්ටත් සේවය සපයන්න බය නැතිව වෙඩි වරුසා මැද උතුරට ගිය වෛද්‍යවරයෙකි. ඒ වගේම ඔහු කොළඹ ප්‍රජා සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කළ කෙනෙකි.

ඔහු දේශපාලනයට ආවේ ඔහුගේ සීයාගේ අඩිපාරේ යන්නට නොවේ. මොහොමඩ් කෙනෙක් අවසානයේ පාර්ලිමේන්තුවේ සිටියේ 2010 තෙක්ය. ඔහු වෛද්‍ය වෘත්තිය ජීවිතය කරගත් වෛද්‍යවරයෙකි. හරියටම ඉන් වසර 15කට පසු ඔහු දේශපාලනයට එන්නේ සජිත්ගේ ආරාධනාවෙනි. මී මුත්තලාගේ සීයලාගේ තාත්තලාගේ අඩිපාරේ යනවා නම් ඔහු තෝරාගන්නේ වෛද්‍ය වෘත්තිය නොව දේශපාලනයය. එහෙනම් ඔහු 2010 පාර්ලිමේන්තුවේය.

හනීෆාගේ සීයා මොහොමඩ්ට කොළඹ මිනිස්සු කියන්නේ ‘සිංහල මොහොමඩ්’ කියාය. ප්‍රවාහන ඇමැති ලෙස ඔහු දහම් පාසල් යන බෞද්ධ ළමයින්ට නොමිලේ බස්වල යන්න අවස්ථාව ලබාදුන්නේය. මොහොමඩ් ජනප්‍රිය හාමුදුරුවරු අතරය. ඔහුට ‘සිංහල මොහොමඩ්’ කියන්නේ ඒකය.

අද ලංකාවට සිංහල මොහොමඩ්ලා පමණක් නොව හමීඩ්ලා වගේ සාම දූතයන්ද අත්‍යාවශ්‍ය යුගයකි. හනීෆා දේශපාලනයට එන්නේ ඒ වගේ යුගයකය.

‘ඔහු කොළඹ පුරපති සටන දිනයිද…?’

ඒක ගැන කියන්න තවම කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලේ ආරවුල අධිකරණයට! පුංචි ඡන්දයෙන් පත්වන මාලිමා මන්ත්‍රීවරුන්ගේ ධුර අහිමිවීමේ අනතුරක්! Sri Lanka Latest News

Next Post

රාජපක්ෂලාගේ කාලේ නයි පෙන්නුවා! අනුරගේ කාලේ දළදා ප්‍රදර්ශනය කරනවා! දෙකම දේශපාලන සෙල්ලම්? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.