ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ ගුරු වැටුප් ප්‍රශ්නය පිළිබදව අගමැතිවරයා දැනුවත් කළ බවත්, හෙට දිනයේ වෘත්තීය සමිති සමග සාකච්ජා කොට ප්‍රශ්නයට විසදුමක් ලබා දීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවත්ය.










