කටුනායක ගුවන් මෙහෙයුම් සිදුකිරීම සඳහා ගුවන් යානා ඉන්ධන ඇත්තේ මැයි 31 වැනිදා වන තෙක් පමණක් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) ෂෙහාන් සුමනසේකර පැවැසුවේය.
මේ හේතුවෙන් ලංකාවට පැමිණෙන ගුවන් යානා ඉන්ධන සපයා ගැනීම සදහා ඉන්දියාව, මාලදිවයින සහ සිංගප්පූරුව යන රටවලට යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.










