ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට සහ දත්ත විශ්ලේෂකයෙකු (Data Analyst) වන ජී. ටී. නිරෝෂන් මහතාට කොරෝනා ආසාදිත වීම හේතුකොටගෙන ලබන 13 වනදා පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය බොහෝදුරට දින කිහිපයකින් කල් යනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ඒක්දින තරගය ලබන 17 වැනිදා තෙක් කල් තැබීම සම්බන්ධයෙන් මේ වනවිට දෙරටේ බලධාරීන් අතර සාකච්ජා ආරම්භ වී ඇති බව පැවසේ.
මේ වනවිට පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා ජී.ටී. නිරෝෂන් මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.