• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිඹුල්ලු කොළඹ ආක්‍රමණය කරයිද?

January 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කිඹුල්ලු කොළඹ ආක්‍රමණය කරයිද?
Share on WhatsAppShare on Facebook

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා ගැන අපි බොහෝ දේවල් අහලා තියෙනවා. ඇත්තටම ඒ කවිය ලියැවිලා තියෙන්නේ කිඹුලෙක් ගැන නෙවෙයි කියලත් කතාවක් තියෙනවා. හැබැයි ඒ මොනවා වුණත් අදටත් මාතර නිල්වලා ගඟේ විශාල ප්‍රමාණයේ කිඹුල්ලු ඉන්නවා. උන් හිටි හැටියේ මිනිස් ජීවිත පවා බිලිගන්නවා. ගඟේ ඉන්න කිඹුල්ලු ගැන අහලා තිබුණට මුහුදේ ඉන්න කිඹුල්ලු ගැන අපි වැඩිය අහලා නැහැ. ඇත්තටම කිඹුලා කියන්නේ මිරිදිය ආශ්‍රිතව ජීවත් වෙන සත්වයෙක් කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නේ.

ඒත් පසුගිය දවසක දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකුට එල්ල වූ කිඹුල් ප්‍රහාරය හින්දා මුහුදේ ඉන්න කිඹුල්ලු ගැනත් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අවාසාවන්ත සිදුවීමෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටි ඒ කිමිදුම්කරු ජීවිතක්ෂයට පත් වුණා.

මුහුද ආශ්‍රිතව කිඹුල් ප්‍රහාරයකින් මිනිස් ජීවිතයක් බිලිගත් අවස්ථාවක් මීට පෙර අපේ රටෙන් වාර්තා වෙලා නැහැ. ඒ හින්දා මේක ඉතාම නරක ආරංචියක්. මේ සිදුවීමෙන් පස්සේ මුහුදේ ඉන්න කිඹුල්ලු ගැන සොයන්න, කතා කරන්න බොහෝ දෙනෙක් උනන්දු වුණෙත් ඒ නිසාමයි.

දෙහිවල සිදුවීම වාර්තා වීමෙන් පස්සේ වැල්ලවත්ත, ගාලු මුවදොර වැනි මුහුදු තීරවලින් කිඹුලන් දුටු බවට වාර්තා වීමත් එක්ක ඇතැම් අය තුළ මේ සම්බන්ධ අනියත බියකුත් නිර්මාණය වෙන ආකාරයක් දැක ගන්න ලැබුණා. ඇත්තටම ගෝල්ෆේස් වෙරළේ කිඹුල්ලෝ ඉන්නවා කියන එක අතකින් පුදුමයට කරුණක් තමයි. එක සිදුවීමකින් පස්සේ මේ වගේ ජනාකීර්ණ වෙරළ තීරවල ජීවත් වෙන ජනතාව භීතියට පත් වෙනවා කියන එකත් තවත් අතකින් පුදුමයට කරුණක් නෙවෙයි.

පරිසරවේදීන්ට අනුව ලංකාවේ ජීවත් වෙන කිඹුල් විශේෂ දෙක අතරින් ගැට කිඹුලා ලෙස හැඳින්වෙන විශේෂය තමයි මේ සිදුවීමට මුල් වෙලා තියෙන්නේ. ලංකාවේ ජීවත් වෙන විශාලතම උරග විශේෂය වෙන්නෙත් මේ ගැට කිඹුලා තමයි. ස්වභාවයෙන්ම ලවණ මිශ්‍ර ජලයට ආසා කරන මේ කිඹුල් විශේෂයට කරදිය තුළත් ඉතාම හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලයි සත්ව විශේෂඥයින් කියන්නේ.

අතීතයේ සිටම කොළඹ කියන්නේ කිඹුලුන්ගේ රජදහනක්. කොළඹ සුප්‍රසිද්ධ කයිමන් දොරකඩ නිර්මාණය වෙලා තියෙන්නෙත් කිඹුල් ගහනය හින්දා කියලයි ඉතිහාසය අනුව පේන්නේ. අදටත් කොළඹ ආශ්‍රිත දියවන්නා ඔය සහ වැල්ලවත්ත, නාවල ආශ්‍රිත ඇළ මාර්ගවල මේ ගැට කිඹුලන් ජීවත් වෙනවා. ඒ වගේම කිඹුලන් ඒ ජල මාර්ග හරහා ගමන් කිරීමත් සිදු කරනවා. කිඹුලන් මුහුදට පැමිණෙන්නෙත් ඒ ඇළ මාර්ග හරහාම තමයි. ඇතැම් අවස්ථාවල ඇළ මාර්ග දෙකක් අතර ගමන් කිරීම සඳහා කිඹුලන් නොගැඹුරු මුහුද යොදා ගන්න බවටත් වාර්තා වෙනවා.

ඒ හින්දා කිඹුල්ලෝ කියන්නේ මුහුද නුහුරු ජීවී විශේෂයක් නෙවෙයි. ඒත් කලින් කිව්වා වගේම මුහුදේදී කිමිදුම්කරුවෙකුට කිඹුල් ප්‍රහාරයක් එල්ල වීම විශේෂ කාරණාවක්. ඒ වගේම ඒකට පිළියම් යෙදිය යුතු කාරණාවක්. විශේෂයෙන්ම මේ කාරණාව හින්දා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැළිලා ඉන්න කිමිදුම්කරුවන් දැඩි අසීරුතාවකට පත් වෙලා ඉන්නවා. මීට පෙර මාතර පොල්අතුමෝදර ප්‍රදේශයේදීත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ කිඹුලන් ගහනය වැඩි වීම හේතු කොට ගෙන ඒ අවට පවත්වා ගෙන ගිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නවතා දමන්න සිදුවෙලා. එවැනි තත්ත්වයක් නැවතත් ඇති වේවි කියලා දෙහිවල අවට ජනතාව තුළ තම ජීවිකාව සම්බන්ධ දෙගිඩියාවකුත් දැන් ඇති වෙමින් යන්නේ.

ඇත්තටම කිඹුලන් මේ ආකාරයෙන් මුහුදට පැමිණෙන්න අවිධිමත් නාගරික සංවර්ධනයත් හේතු වෙලා තියෙන බවත් කිව යුතුයි. නාගරික ප්‍රදේශවල කානු පද්ධතිය ඉදි කිරීමේදී කිඹුලන්ට ගොඩබිමට පැමිණීමට කිසිදු ස්ථානයක් නැති ආකාරයෙන් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ හින්දා උන් ගොඩබිමට පිවිසෙන්න තැනක් හම්බ වනතුරුම ඇළ මාර්ග දිගේ පිහිනා එනවා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් කිඹුලා කියන්නේ අපේ පරිසර පද්ධතිය තුළ ජීවත් වෙන සුවිශේෂී සත්වයෙක්. වසර මිලියන ගණනක පරිණාමයකට මුහුණ දීලත් වඳවී නොගිය සත්ව කාණ්ඩයක් තමයි කිඹුලන් කියන්නේ. මිනිස් පරිණාමය සිදුවෙන්නත් අවුරුදු මිලියන ගණනකට පෙර සිට කිඹුලන් පරිණාමය වූ බව තමයි පරිණාම විද්‍යාව අනුව තහවුරු වෙන්නේ. ඒ වගේම තමන් සමඟ එකට ජීවත් වූ සත්ව විශේෂ වඳ වී යද්දී, පරිසරයට හැඩ ගැසෙමින් තම පරපුර රැක ගන්න කිඹුලා කියන සත්වයා සමත් වෙලා තියෙනවා. අදටත් කිඹුලා කියන්නේ සුවිශේෂී විලෝපිකයෙක්. මිනිසා හැර උගේ ජීවිතයට වෙනත් කිසිදු සතෙකුගෙන් තර්ජනයක් නැහැ. කිඹුලාට ඇති එකම අභියෝගය පරිසරයට අනුගත වීම විතරයි.

කොහොම වුණත් කිඹුලා කියන්නෙත් අපි වගේම මේ පරිසරයේ අයිතිකාරයෙක්. ඒ හින්දා කිඹුලන්ගෙන් ප්‍රවේශම් වෙමින් අපේ වැඩ ටික කර ගන්න අපි පුරුදු වෙන එක තමයි හොඳ. වෙරළේ හරි කොහේ හරි කිඹුලෙක් ඉන්නවා දැක්කොත් ඒ ළඟට යන්න එපා. ඒ වගේම කිඹුලන් ඉන්නවා කියලා දන්න තැනක නාන්න යන්න එපා.

සාමාන්‍යයෙන් කිඹුලා කියන්නේ මිනිසුන් එළවාගෙන ඇවිත් පහර දෙන සත්වයෙක් නෙවෙයි. මිනිස්සු දැක්කම කිඹුලා මඟ හැරලා යන බව තමයි බොහෝ විට දකින්න ලැබෙන්නේ. ඒත් කුසගින්න, තමාගේ ජීවිතයට තර්ජනයක් දැනීම වැනි කරුණු හින්දා කිඹුලා මිනිසුන්ට පහර දෙන්න පෙලඹෙන්න පුළුවන්. ඉතිං ඒ තත්ත්වයට ඒ සතාව පත් නොකර ඉන්න අපිට පුළුවන් නම් කිඹුලගෙන් අපිට කිසිම තර්ජනයක් නැති වේවි.

ඒ වගේ සාමාන්‍ය කාරණා හැර අපි කතා කෙරුව අනෙක් කාරණාවලට පිළියම් යොදන්න ඕනෑ අදාළ බලධාරියෝ. ඒත් වල් අලි තර්ජනයට විසඳුමක් විදියට අඩි 12ක් ගැඹුරු අඩි 04ක් පළල වළවල් කපන්න තීරණය කරන රාජ්‍ය ඇමැතිවරුන්ට වනජීවී විෂය භාර වෙලා තියෙන රටක මේ වගේ සංවේදී කාරණා ගැන හිතන එකත් විහිළුවක් කියලයි අපිට නම් හිතෙන්නේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අනුර-චරිත-තිස්ස යළිත් පාර්ලිමේන්තුවේ මුල්පුටු හිමිවේ!

Next Post

ආණ්ඩුවේ බාධා කිරීම් මැද සජිත් පාර්ලිමේන්තුවේදී බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.