• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටපතක් නෑ! කිසිම භූමිකාවක් නෑ! මොකද්ද මේ? 21 රැලිය ගැන විජේවීරගේ පුතා සියලු පක්ෂවලට ලියුමක් ලියයි! VIDEO I Sri Lanka Latest News

November 5, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පිටපතක් නෑ! කිසිම භූමිකාවක් නෑ! මොකද්ද මේ? 21 රැලිය ගැන විජේවීරගේ පුතා සියලු පක්ෂවලට ලියුමක් ලියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටපතක් සහ භූමිකාවක් නොමැතිව පොදු වේදිකාවක් නිර්මාණය කිරීම සහ එයට ගොඩ වීමේ වරද පෙන්වා දෙමින් දෙවන පරපුර පක්ෂයේ නිර්මාතෘ උවිදු විජේවීර මහතා විසින් සියලු පක්ෂ වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News

එම ලිපිය මෙසේය.

2025.11.04

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වෙත,

ගරු මහත්මයාණෙනි, මහත්මියනි.

පළමුවෙන්ම විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක් පොදු වේදිකාවකට කැදවීම සඳහා යම් දේශපාලන පක්ෂ නායකයන් විසින් ගනු ලබන උත්සාහයට අපි ගරු කරමු. එසේ වුවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ යම් නායකයෙන් පිළිබදව මෙන්ම ඔවුන්ගේ පාලන කාලය තුළ සිදු වූ වැරදි හෝ අසමත්කම් පිළිබඳව මහජන අප්‍රයාදයක් පවතින බව අපට අවංකවම පිළිගැනීමට සිදු වේ. පසුගිය මැතිවරණ ප්‍රතිඵල තුළින් ඒ බව මනාව ප්‍රත්‍යක්ෂ විය.

ඊට අමතරව වත්මන් රජය බලය ලබා ගැනීමට පෙර මහජනයා හමුවේ පසුගිය ආණ්ඩු වලට එරෙහිව එල්ල කරනු ලැබූ චෝදනා සහ එම ආණ්ඩු වල ප්‍රතිපත්තිමය වැරදි මහජනයා විසින් පිළිගත් බැවින් පවතින ආණ්ඩුවට ඉතා සුවිශේෂී ජනවාරමක් ලැබුණු බවද පිළිගැනීමට සිදු වේ. එසේ වුවත් ඉතා කෙටි කාලයක් තුළ වත්මන් ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට වෙනස්ව ක්‍රියා කරන බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක.

එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ ජනවරමට අදාළ මහජන අපේක්ෂා ආරක්ෂා කිරීම, එනම් ආණ්ඩුව විසින් මහජනයාට ලබා දුන් පොරොන්දු ඉටුකරන බව සහ ජනවරමට පටහැනිව කියා නොකරන බව සහතික කිරීම විපක්ෂයේ ප්‍රබල වගකීමක් බවට පත් වේ. එසේ වුවත් සමස්තයක් ලෙස විපක්ෂය විසින් එම වගකීම ඉටු නොකරන බව ඉතා පැහැදිලිව දැකගත හැක. ආණ්ඩුව විසින් ගනු ලබන රටට හානිදායක බරපතල ක්‍රියා මාර්ග අභියස විපක්ෂය ඊට අදාළ තම මතය අවංකව සහ නිර්භීතව ප්‍රකාශ කිරීමට මැලි වීම තුළින් එම තත්ත්වය මහජනයාට පැහැදිලි විය.

විශේෂයෙන්ම ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුම් ඇතුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරී භාවයට, ජාතික ආරක්ෂාවට, ආර්ථික ස්වාධිපත්‍යයට, බලශක්ති සුරක්ෂිතතාවය සහ දත්තස්වෛරී භාවය ආදී ක්ෂේත්‍ර වල බරපතල බලපෑම් ඇති කරන ගිවිසුම 7 ක් අත්සන් කිරීමේදී විපක්ෂය ඊට අදාළ තම මතය සහ විරෝධය ප්‍රකාශ කළේ නැත. අඩු තරමින් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ වැරද පෙන්වාදීමට හෝ ඊට අදාලව විරෝධය ප්‍රකාශ කිරීමට ක්‍රියා කළේ නැත. ඊට අමතරව පිනිවාහි මානව හිමිකම් ක්‍රියාන්විතයට යටත් වීම මගින් රණවිරුවන් පාවාදීම සහ රට බෙදුම්වාදී මර උගුලට තල්ලු කිරීමේ වරද පිළිබඳව නිසි බරකින් මහජනයාට කරුණු පැහැදිලි කිරීම සහ ආණ්ඩුවට විරෝධය පළ කිරීමට විපක්ෂයේ ප්‍රමුඛ පක්ෂ අසමත් වූ බව රහසක් නොවේ. එම වැරදි ලැයිස්තුව තවදුරටත් දීර්ඝව සදහන් කිරීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් විපක්ෂය මීට පෙර ආණ්ඩු බලය හෙබ වූ පිරිස් ලෙසත් ඉන් පසුව විපක්ෂය ලෙසත් ඉටුකළ භූමිකාවට අදාළව ධනාත්මක සහ නිසේදනාත්මක පැතිකඩ පිළිබඳ ආපසු හැරී බැලීමක් හෝ ස්වයං විවේචනයක් අවශ්‍ය බව අපගේ පිළිගැනීම වේ.

එසේම කුමන හෝ පැන නගින තත්වයන් යොදා ගනිමින් හුදු ආණ්ඩු විරෝධය පමණක් උස්සන්න කිරීම මගින් රට මේ වන විට මුහුණ දෙන සැබෑ අනතුරුදායක තත්ත්වය පිළිබඳව මහජනතාවට අවබෝධයක් හො ලැබෙන බව ඔබ තුමන්ලා පිළිගන්නවා ඇත. ඊට අමතරව පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උස්සන්න වීම තුල ගොඩනැගෙන ආණ්ඩු විරෝධය යොදාගනිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම් වලට දායක වීම මගින් රට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට ගොදුරු නොකළ යුතු බව අප තරයේ විශ්වාස කරමු.

ඒ අනුව වත්මන් ආණ්ඩුව විසින් රට තවදුරටත් අර්බුදයට රැගෙන යාම වැළැක්වීම සහ අර්බුදය ජය ගැනීම මුල් කරගත් ජාතික න්‍යාය පත්‍රයක් රටට ඉදිරිපත් කිරීම විපක්ෂයේ මූලික වගකීම බවට විවාදයක් නැත. විශේෂයෙන්ම අපගේ පිළිගැනීම අනුව විපක්ෂය අනාගත මැතිවරණ වලට මුහුණ දිය යුත්තේ පුද්ගලික චරිත මුල්කර ගැනීම වෙනුවට ජාතික න්‍යාය පත්‍රයක් වටා සමස්තරටේ ජනතාව ගොනු කිරීම මුල් කරගත් උපාය මාර්ගික ප්‍රවේශයක් තුළය. එසේ නොමැතිව හුදු ආණ්ඩු විරෝධය පමණක් මුල් කරගත් එකතුවක් මඟින් වත්මන් දේශපාලන අභියෝග ජයගතනොහැකි බව අප තරයේ විශ්වාස කරමු. නිශ්චිත පිටපතකට අනුව භූමිකාව කුමක්දැයි නොදැන වේදිකාවකට ගොඩ වීම මගින් පමණක් මහජනයා ඉදිරියේ රඟ දැක්විය යුතු භූමිකාව කුමක්දැයි වටහාගත හැකිද?

එම නිසා එවැනි එකතුවකට එනම් එක් වේදිකාවට ගොඩ වීම මගින් මහජනයාට ප්‍රබල පණිවිඩයක් ලබාදීම සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙස සහ අනාගතයේදී ජාතික න්‍යාය පත්‍රයකට මූලික පදනමක් ලෙස පහත සඳහන් යෝජනා එකඟතාවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙසේ ඉදිරිපත් කරමු.

1. 2025 පිනිවා එකඟතාවය හෙවත් 60/1 යෝජනාව මගින් ඇති කරගත් එකඟතාවය අනුව රණවිරුවන් දඩයම් කිරීම සඳහා සම්මත කිරීමට නියමිත සත්‍ය සෙවීම් කොමිසම් පනතසහ අභිචෝදක කාර්යාල පනත වහාම හකුළා ගැනීම.

2. රටේ ජාතික උපද්‍රවයක් බවට පත්වී ඇති මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා රාජ්‍යය ආරම්භ කර ඇති ක්‍රියාවලිය අගය කරන අතර එම ප්‍රවේශය මහජන සහයෝගීත්වය මුල්කරගත් සංදර්ශන වලින් ඔබ්බට ගොස් වඩාත් පුළුල් අර්ථයෙන් සහ පරාසයකින් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා (විස මත්ද්‍රව්‍ය වලට අමතරව දුම්වැටි සහ මධ්‍යසාර ඇතුළු සමස්ත මත්ද්‍රව්‍ය ඇතුළත් වන ලෙස) මේ වන විට 2024 පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති මත්ද්‍රව්‍ය විරෝධි පාර්ලිමේන්තු කාරක සභාව විසින් වගකිව යුතු සියලුම රාජ්‍ය ආයතන සහ මහාචාර්ය දිසානායක සමරසිංහ ප්‍රමුඛ විද්වතුන් රැසකගේ අදහස් සහ යෝජනා අනුව සකස් කරන ලද නිර්දේශ අඩංගු වාර්තාව වහාම ප්‍රකාශිත ජාතික සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීම.

3. මූල්‍ය අරමුදලේ අසාධාරණ කොන්දේසි වලට යටත් වීම වෙනුවට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නිශ්චිත උපාය මාර්ග සැලසුමකට අනුව මුල්‍ය අරමුදල සමග කේවල් කිරීම සහ විකල්ප කියා මාර්ග ලෙස ශ්‍රී ලංකාවට හිතවාදී රටවල් සමඟ ඊට අදාළව සාකච්ඡා කියා මාර්ග ආරම්භ කිරීම මෙන්ම එම ක්‍රියාවලිය තුළ අර්බුදය වර්ධනය කිරීමට හේතු වී ඇති 2023 මහ බැංකු පනත සහ 2018 විදේශ විනිමය පනත අහෝසි කර මුලින් තිබූ පනත් අවශ්‍ය සංශෝධන සහිතව නැවත බලාත්මක කිරීම.

4. සමාජය දෘෂ්ටිමය සහ සංස්කෘතික වශයෙන් බිද වැටවීම මෙන්ම ප්‍රචණ්ඩ කරනය කිරීම සඳහා යොදා ගන්නා සියලු ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම පාසල් සිසුන් අතර ශික්ෂණය බිඳවට්ටන සහ සමලිංගික චරියාවන් ප්‍රචලිත කරන සියලුම ක්‍රියාමාර්ග සහ නීති සංශෝධන අත්හිටුවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් අනාගත දරු පරපුරත් සමස්ත සමාජයත් බිඳ වට්ටන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට, ඉතිහාසය සාහිත්‍ය සෞන්දර්ය තුළින් මානවවාදී මිනිසෙකු බිහිකර ගැනීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ මහා ආර්ථික බරක් ලෙස දෙමව්පියන් මත පටවා ඇති මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම.

5. දේශීය ගොවියා සහ ගොවි තැන ආරක්ෂා කිරීම සඳහා වහාම ප්‍රධාන කෘෂි භෝග සඳහා ජාතික මට්ටමෙන් අවම සහායක මිල (Minimum Support price) නියම කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම සහ එම ක්‍රියාවලිය නීතිගත කිරීම සහ සමස්තයක් ලෙස රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම. එසේම සියලුම ආර්ථික මධ්‍යස්ථානවල පාලනය ගොවි සමුපාකාර යටතට පත් කිරීම මගින් ගොවියාගේ කේවල් කිරීමේ බලය ආරක්ෂා කිරීම සඳහා පරිපාලනමය සහ නීතිමය ප්‍රතිපාදන පැනවීම.

6. හදිසි කර්තවයක් ලෙස රේගු බදු, සුරා බදු, සහ ආදායම් බදු වංචා වැළැක්වීම සඳහා ජනාධිපති බලතල යටතේ මහජන පැමිණිලි විභාග කිරීම මුල්කර ගත් කොමිසන් සභාවක් පත් කිරීම සහ දීර්ඝ කාලීනව එම අධීක්ෂණ ක්‍රියාවලිය නීති ගත කිරීම සඳහා නව නීතිමය රාමුවක් මඟින් ආදායම් කොමිෂන් සභාවක් පත් කිරීම.

7. දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම මගින් ආරම්භ කර ඇති රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය වහාම අත්හිටුවා අදාල පරීක්ෂණ නාවික හමුදා පනතට අනුව නාවික හමුදා බලධාරීන්ට භාරදීම සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුදා කදවුරු අනාරක්ෂිත වන ලෙස ඒවා ආශ්‍රිත මාර්ග සහ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය වහාම අත්හිටුවා ආරක්ෂක තත්ත්වය පිළිබඳව විධිමත් ඇගැයීමක් අනුව කටයුතු කිරීම සඳහා අදාළ ක්‍රියාවලිය ආරක්ෂක හමුදා විශේෂඥයින් වෙත භාර දීම.

8. සේවයේ නියුක්ත ආරක්ෂක හමුදා නිළධාරීන්ගේ වරප්‍රසාද මෙන්ම විශ්‍රාමික සහ ආබාධිතරණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ලැබිය යුතු දීමනා කපා දැමීම මගින් දියත් වන ආරක්ෂක හමුදා මානසිකව බිද වැටිට වීමේ මානසික යුධ උපක්‍රමය අත්හිටුවා අදාළ වරප්‍රසාද සහ දීමනා වහාම ලබාදීමට කටයුතු කිරීම.

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදී මර උගුලට තල්ලු කිරීම සිදුවන බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පරිපාලන කියා මාර්ග මගින් 13 වැනි සංශෝධනය සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීම සිදු නොකරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදීම සහ ඒ වෙනුවට උතුරු සහ නැගෙනහිර පළාත්වල කුල පීඩනයට සහ ආර්ථික පීඩනයට ගොදුරුව සිටින බහුතර ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන ක්‍රියාන්විතයක් දියත් කිරීම සහ එම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීතිමය ප්‍රතිපාදන පැනවීම සඳහා ක්‍රියා කිරීම.

10.මේ වන විට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සහ රටේ ව්‍යවස්ථාව සහ නීතිමය රාමු අභියෝගයට ලක්වන ආකාරයට මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 1971. 2832 යෝජනාව උල්ලංඝනය වන ලෙස අත්සන් කර ඇති සියලුම ජාත්‍යන්තර ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබාදීම සහ අනාගතයේදී එටිකා (ETCA) ගිවිසුම අත්සන් නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදීම මෙන්ම ජාත්‍යන්තර ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය නියාමනය සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීම.

උවිඳු විජේවීර

ජාතික කමිටුව

දෙවන පරපුර

SendShareShare
Previous Post

බයික් එකේ අම්බලන්ගොඩ පාර අයිනේ ගිය ව්‍යාපාරිකයා හප්පා බිම දමා පාතාලයන් කිසිම බයක් හැකක් නැතිව වාහනෙන් බැහැලා මුහුණටයි පපුවටයි වෙඩි තියන වීඩියෝව එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ ගිය සජිත් ලෝක් සභා කතානායක ඕම් බිර්ලා හමුවෙයි! ඉන්දු ලංකා පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කරන්න සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.