• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේදාසගේ 22 බදාදා පාර්ලිමේන්තුවට අරන් එයි! තුනෙන් දෙකක් හම්බ වෙයිද?

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
විජේදාසගේ 22 බදාදා පාර්ලිමේන්තුවට අරන් එයි! තුනෙන් දෙකක් හම්බ වෙයිද?
Share on WhatsAppShare on Facebook

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවිය. ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.

ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාලන කටයුතු සඳහා සම්බන්ධවීමට ඇති හැකියාව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අවහිර කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

එසේම වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සිදු නොවිය යුත්තක් බවද එම සංශෝධනයේ දැක්වේ.

ස්වකීය අත්සන මගින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුණහොත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දැරීමට නුසුදුසු බවද එහි දැක්වෙයි.

යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය සක්‍රියව පවතින්නේද එතෙක් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දරන බවද විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.

මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇති බවට ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වේ.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් නොවිමසා යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් හෝ වෙනස් කිරීමක් නොකළ යුතු බවද සඳහන් වේ.

අමාත්‍යවරයකු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මඟින් ඉවත් කළ හැකි බවත් ඕනෑම අමාත්‍යවරයකුට ජනාධිපතිවරයාට යවන සිය අත්සන සහිත ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස් විය හැකි බවත් සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කැබිනට් කැබිනට් නොවන හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වන බව ද ව්‍යවස්ථා සංශෝධනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. -ලංකාදීප

SendShareShare
Previous Post

අද පිළියන්දල තෙල් පෝලිමක සිටි පුද්ගලයෙක් මරුට!

Next Post

විදුලිය කියන්නේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන කොටසක්! රට අන්ධකාරයේ තබන ස්විච් එක පිටරට සමාගම්වලට දෙන්න බෑ! -විපක්ෂනායක (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.