අපේ රටේ බලශක්තිය මෙහෙය වීමේ බලය පිට රටවල් වලට ලබා දී රට ආලෝකමත් කිරීමේ ස්වීචය පිටරටවලට භාර දීමෙන් සිදුවන්නේ රට අන්ධකාරයට හෙලීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ බලශක්ති පද්ධතිය ඉදිරියට ගෙනයන නව විදුලිබල ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සිය අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් බොහෝ දෙනා සිදුකරමින් සිටින්නේ විකුණා දැමීම සහ පෞද්ගලිකරණය කිරීම බවද පැවසීය.
අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
විදුලිබල මණ්ඩල යනු ජාතික සම්පතක් වන අතර එය සුරක්ෂිත කොට ගොඩ නැංවීමත්, වඩා ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ග සැලසුමත් වහා ක්‍රියාත්මකව ක්‍රියාත්මකව කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
පාරිභෝගිකයාට සහන සැලසෙන ක්‍රමවත් විදුලි උත්පාදන ක්‍රියාවලියකට අවශ්‍ය කරන වැඩපිළිවෙළක් වෙත සිය අවධානය යොමුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා පාරිභෝගිකයන්ට සහන සැලසෙන බවද පැවසීය.










