• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණවිරු සැමරුම් උත්සවයට මුලින් අනුර එන්නෙ නැතිව ඉන්න හදලා අන්තිම මොහොතේ එන්න තීන්දු කළේ ඇයි? මෙන්න හේතුව ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික වරුණ දීප්ත හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

May 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘රණවිරු සැමැරුම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය පිළිබඳව රටේ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙලා තිබුණා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව , රටේ තිබුණ යුද්ධමය වතාවරණය පිළිබඳව පැහැදිලි අදහසක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ විවිධ අවස්ථාවල විවිධ දේශපාලන ස්ථාවරවල තමයි කටයුතු කරලා තිබෙන්නේ. 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ සිටි ලයනල් බෝපගේ ස්වයං නිර්ණ අයිතියට පක්ෂව පොතක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම රෝහණ විජේවිර මහත්මයා ඊට ප්‍රති පක්ෂව දෙමළ ඊලාම් අරගලයට අපේ විසදුම කියලා පොතක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 1997 දී යුද්ධය එපා කියලා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවා. ඒ වගේම ජනතා විමක්ති පෙරමුණ යුද්දයක් ඉල්ලා සිටියා. ඒ නිසා යුද්ධය සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ දරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාලයේදිත් ජනතා විමුක්ති පෙරමුණ විවිධ මත දරනවා. එලෙස ඔවුන් විවිධ මත දරන්නේ ඡන්ද ලබාගැනිමේ පරමාර්ථය මත පදනම්වයි. ඒ හැර ඔවුන්ට වෙනත් කිසිදු දේශපාලපන ප්‍රතිපත්තියක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ උතුරේදි එක දේශපාලන පණිවිඩයක් ලබාදෙනවා. දකුණේදි තවත් දේශපාලන පණිවිඩයක් ලබාදෙනවා. ඒ් වගේම ජනතා විමුක්ති පෙරමුණ කැනඩාවේ ඩයස්පෝරාව හමුවුණාම එක කතාවක් කියනවා. ලංකාවේ දී තවත් දෙයක් ප්‍රකාශ කරනවා. මේ සියල්ල ක්‍රියාවට නංවන්න උත්සහ කිරිම හරහා ජනාධිපති අනුර දිසානායක මහතා විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ජනාධිපති අනුර දිසානායක මහතා මේ හරහා විහිලුකාරයෙකු බවට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම අපේ රට තුළ යුද්ධයක් නිර්මාණය වීමට බලපාන ලද දේශපාලන කාරණා රැසක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ යුද්ධයක් නිර්මාණය වීම වළක්වා ගැනිමට කටයුතු නොකිරිම දේශපාලනික වශයෙන් පරාජයක්. රට තුළ යුද්ධයක් ඇති වීමට රටේ උතුරත් දකුණත් ජනතාව සහ දේශපාලනික වමත් දකුණුත් දේශපාලනය නියෝජනය කරන පිරිස් වගකිව යුතුයි. ඒ වගේම අපේ රටේ ඇති වුණ යුද්ධය යුද්ධයකින් අවසන් නොකර දේශපාලනිකව විසඳුම් සොයන්න සෑම පාලකයෙක්ම උත්සහ ගනු ලැබුවා. එය සාර්ථක කරගැනිමට නොහැකි වීමත් පරාජයක්. ඒ වගේම යුද්ධය යුද්ධයකින් පමණක් පරාජය කිරිමට හැකි වුණ අවස්ථාවක් නිර්මාණය වුණාට පස්සේ ඒ යුද්ධය ජයගැනිම ජයග්‍රහනයක්. ඒ වගේම රාජ්‍ය නායකයාට කොන්ද පණ තිබිය යුතුයි. ඒ වගේම රටේ තිබෙන දේශපාලන ව්‍යාපාරවලට දේශපාලනිකව විවිධ මත තියෙන්න හැකියි. නමුත් මේ අවස්තාවේ අනුර දිසානායක කියන්නේ රටේ රාජ්‍ය නායකයා. ඒ වගේම රටේ සේනාධිනායකවරයා වන්නෙත් අනුර දිසානායක මහතා. ඒ වගේම රටේ තිබුණ ත්‍රස්තවාදය පරාජය කළ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා අනුර දිසානායක මහතා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයාට යුද්ධය පිළිබඳව විවිධ මත අදහස් තිබිය හැකියි. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහත්තයාට යුද්ධය පිළිබඳව මත තියෙන්න නොහැකියි. ඒ වගේම ජනාධිපතිවරයෙක් ලෙස රණවිරු සැමැරුමට සහභාගි විම වැදගත් වෙනවා.ඒ වගේම ජනාධිපති ලෙස අනුර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාව සමඟ ගනුදෙනු කළ යුතු අනිවාර්ය අවස්ථා තිබෙනවා. ඒ වගේම හමුදා විසිරයෑමේ උත්සවයකට රටේ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා සහභාගි වෙනවා. එහිදි ජනාධිපති සම්මාන ලබාදිම් පවා සිදුවෙනවා. මෙවැනි උත්සව පවා අනුර දිසානායක මහත්තයා මග හැර තිබෙනවා. රටේ සේනාධිනායකයා කියන දේ ඔහු තේරුම් ගෙන නැති බවක් තමයි මේ හරහා පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා මේ දිනවල කාර්යයබහුලයි. එලෙස ජනාධිපතිවරයා කාර්යයබහුල වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කටයුතු නිසා නෙවෙයි. ජනාධිපතිවරයා කාර්යයබහුල වෙලා තිබෙන්නේ විදුලිබිල වැඩි කරන්නේ නැතිව ජනතාවට සහනයක් දෙන්නේ කොහොමද කියනවා වගේ ප්‍රශ්න සමඟ නෙවෙයි. ඒ වගේම රටේ ලුණු හිඟයක් ඇතිවෙලා තිබෙනවා ඒ සඳහා විසදුමක් සෙවීමට නෙවෙයි. අනුර දිසානායක මහත්තයා මේ ප්‍රශ්න සියල්ල අත්හැර තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආණ්ඩුකරණය අත්හැර තිබෙනවා. අනුර දිසානායක මහත්තයාට දේශපාලනික ප්‍රශ්න රැසක් තිබෙනවා. එකක් තමයි ඔවුන්ගේ කඳවුර ඇතුළේ බෙදිම් ඇතිවෙලා තිබෙනවා. ඔහුගේ දේශපාලන ප්‍රශ්න විසදාගැනිමට ඔහු දේශපාලනය කරමින් සිටිනවා. අනුර දිසානායක මහත්තයා රාජයේ කටයුතු වලට සම්බන්ධ වන්නේ නෑ. ඒ වෙනුවට ඔහු පක්ෂයේ දේශපාලන පක්ෂයේ වැඩකටයුතු සිදුකරමින් සිටිනවා. ඔහුට හිතෙනවානම් ඔහු රාජ්‍ය නායකයා නෙවෙයි කියලා ඔහුට පුලුවන් පැලවත්තට ගොස් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්න. ඔහුට පරණ පුරුදු ආකාරයට බොරු කියමින් කටයුතු කරන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම රටේ කොතැනක හෝ දිනෙන් දින වෙඩි තැබිම් සිදුවෙනවා. වර්තමානය වනවිට එය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ප්‍රවෘත්ති විකාශනවල දැන් වෙඩි තබාගැනිම් ප්‍රධාන පුවතක් බවට පත්වෙලා නෑ. මේ ආකාරයට වෙඩි තියන්න ගිනිඅවි කොහෙන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම තුවක්කුවක් නැත්තේ රටේ කිහිපදෙනෙකුට පමණයි. මොකද රටේ සෑම තැනකම වෙඩි තැබිම් දැන් සිද්ධ වෙනවා. ඒ වගේම පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ඔලුව මහත්තයා ගමන් ගත් වාහනයට වෙඩි තබා තිබෙනවා. මේ සිද්ධිය හල්ඔලුවගේ නාට්‍යයක් නම් ආණ්ඩුවට ඉතා කෙටි කාලයක් තුළ මෙම සිද්ධිය හෙළි කිරිමට හැකියාව තිබෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා මුල්‍ය වංචාවක් සිදුකළ බවට හල්ඔලුව චෝදනාවක් එල්ල කළ පසු හල්ඔලුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් ප්‍රශ්න කරලත් තිබුණා. ඒ වගේම හල්ඔලුව මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ නීතිඥවරයාද සිටින විටයි. මෙය බරපතල තත්ත්වයක්. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හල්ඔලුව ගෙනැවිත් ප්‍රශ්න කළාට පසු චෝදනාවට ලක්වුණ ශාන්ත හෙට්ටිආරච්චි කියන පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්න කටයුතු කරනවාද? ඔහුට සිතාසි යවා තිබෙනවාද? ඔහුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දිලා තිබෙනවාද? ඒ වගේම හල්ඔලුව ප්‍රකාශ කළ පරිදි මෙම දුෂණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ඔහුගේ අදහස ඉදිරිපත් කළ යුතුයි. මේ සිද්ධියට සම්බන්ධද නැද්ද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතුයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම වැදගත් වෙනවා. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙනත් කිසිදු කටයුත්තක් කිරිමට නොහැකි වෙලා තිබෙනවා. ඔවුන් මේ දිනවල ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ගේ කිර්තිනාමයන් හානි විම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා. ආණ්ඩුවේ නායකයන්ට එල්ල වන චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවෙලා තිබෙනවා. මේවැනි දේවල් සිදුනොකර ජනාධිපතිවරයාට බරපතල චෝදනාවක් පුද්ගලයෙක් එල්ල කරලා තිබෙනවා. මේ වනවිට එම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා. එසේ නම් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවැත්විය යුතුයි. හල්ඔලුවට වෙඩි තැබුවේ කවුද කියලා ආණ්ඩුවට සොයාගැනිමට නොහැකි වුනොත් ආණ්ඩුවට එහි වගකිම භාර ගැනිමට සිදුවෙනවා.

SendShareShare
Previous Post

එදා ලයිට් බිල වැඩි කරද්දි වසන්ත සමරසිංහලා විපක්ෂේ ඉඳන් කෑ ගැහුවේ කොහොමද? 37%කින් බිල අඩු කරන්න කිව්වා! සජබ මාධ්‍ය හමුවේදී හඬපටත් අරන් බන්දුලාල් ආණ්ඩුවට දීපු දීම කොහොමද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙට කලින් ස්වාධීන කණ්ඩායම්වලින් එන්නේ හොරු කිව්වා! දැන් ස්වාධීන කණ්ඩායම් අරන් නගර සභා පිහිටුවන්න හදනවා! හරිනිගේ එකයි විජිතගේ එකයි බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.