• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ලයිට් බිල වැඩි කරද්දි වසන්ත සමරසිංහලා විපක්ෂේ ඉඳන් කෑ ගැහුවේ කොහොමද? 37%කින් බිල අඩු කරන්න කිව්වා! සජබ මාධ්‍ය හමුවේදී හඬපටත් අරන් බන්දුලාල් ආණ්ඩුවට දීපු දීම කොහොමද? VIDEO I Sri Lanka Latest News

May 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා ලයිට් බිල වැඩි කරද්දි වසන්ත සමරසිංහලා විපක්ෂේ ඉඳන් කෑ ගැහුවේ කොහොමද? 37%කින් බිල අඩු කරන්න කිව්වා! සජබ මාධ්‍ය හමුවේදී හඬපටත් අරන් බන්දුලාල් ආණ්ඩුවට දීපු දීම කොහොමද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ පාරිශුද්ධ දේශපාලනයක් කරන බව ජනතාවට පොරොන්දු වෙලා. නමුත් ආණ්ඩුවේ වංචා දුෂණ කිහිපයක් පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වෙලා තිබෙනවා. පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන වෙන්දේසි කරලා , ඉහළ මිල ගණනන් වලින් යුක්ත වාහන අඩු මුදලකට තක්සේරු කරලා , ඇතැම් වාහන යම් මුදලක් වැඩියෙන් වෙන්දේසි කරලා ඒ තුළින් රටට විශාල පාඩුවක් සිදුකරලා තිබෙනවා. ඒ වගේම 2025 වසරේ ජනවාරි මාසයේ රේගුව විසින් කිසිදු පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් නිදහස් කරලා තිබුණා. මේ ආකාරයට නිදහස් කළ බහලුම්වල තිබුණේ මොනවාද ? ඒවායේ හිමිකරුවන් කවුද? යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. ඒ අතරතුර හර්ෂණ සුරියප්පෙරුම ඇමැතිවරයා ප්‍රකාශ කළා මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න ආණ්ඩුව කමිටුවක් පත්කරලා තිබෙනවා කියලා. එම කමිටුවේ වාර්තාවෙන් පසු සියලු තොරතුරු රටට ඉදිරිපත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළා. හර්ෂණ සුරියප්පෙරුම ඇමැතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ 2025 පෙබරවාරි 25 වැනිදා. නමුත් තවම ඒ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. මෙය බරපතල කාරණයක්. ඒ වගේම මෙම බහලුම් පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත හරහා තොරතුරු ඉල්ලුවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනිමට නොහැකි වුණා.

ඒ වගේම විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබා ඇති බව වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබෙනවා. එම නිසා විදුලි බිල ඉහළ දැමිමට සිදුවන බවට වන ප්‍රවෘත්තිය ආණ්ඩුව සමාජගත කරමින් සිටිනවා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබන්න හේතු වුණ කාරණා පිළිබඳව රටට පැහැදිලි කිරිමක් සිදුකළ යුතුයි. ඒ වගේම අධික වර්ශාව නිසා රටේ ලුණු හිඟ වුණ බවත් ඒ නිමා ලුණු නිෂ්පාදනය කරගැනිමට නොහැකි වුණ බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අධික වර්ශාව නිසා ජලවිදුලියන උත්පාදනය කර ගැනිමට නොහැකි වුණාද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. කෙසේ නමුත් පසුගිය සති කිහිපය පුරා ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ශාපනයක් ඇද හැලුණා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබපු නිසා විදුලි බිල සියයට 18 කින් ඉහළ දැමිමට සිදුවෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ වගේම සුර්ය බල විදුලි පද්ධතියත් ආණ්ඩුව ඉවත් කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ වැඩපිළිවෙළ නැවැත්විමට ආණ්ඩුව උත්සහ කරන්නේ කාගේ අනුදැනුමක් ඇතිවද? වෙනත් ආකාරවලින් විදුලිය මිලදි ගන්න කා හටද අවශ්‍ය වෙලා තිබෙන්නේ. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් මෙවැනි දේවල් සිදුකරන්න ආණ්ඩුවට කවුද උපදෙස් ලබාදෙන්නේ. දුෂණ වංචා නෑ කියලා කියන ආණ්ඩුවෙන් සමගි ජනබලවේගය මේ ප්‍රශ්න ටික ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.

ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මන්නාරමේ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාරයක් ඉදි කරන්න යම්කිසි සමාගමකට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. මෙය සිදුවන්නේ කාගේ අවශ්‍යතාවයකටද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව මොනයම් හෝ හේතුවක් ඉදිරිපත් කරලා හාල් පිටරටින් ගෙන්නවන්න කටයුතු කරනවා. ඒ වගේම පොල් ගෙන්නවන්න නැතිනම් විකල්පයක් හොයන්න කටයුතු කරනවා. ඒ වගේම ලුණු හිගයක් ඇති වුණාට පස්සේ ලුණුත් පිටරටින් ගෙන්නවන්න කටයුතු කරනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මේ හරහා කාට හෝ වසන්තය උදාවෙනවා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම ආණ්ඩුව තුළ වංචා දූෂණ නැති බව ප්‍රකාශ කළත් ආණ්ඩුවේ කවුරුන් හෝ කොමිස් කුට්ටි බලාපොරොත්තුවෙන් භාණ්ඩ ආනයනය කිරිමටත් ඒ වගේම විදුලිය ඇතුලු සේවා සම්පාදනය කරගැනිමට කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. මෙවැනි දේවල් වලින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත දැන් හෙළිවෙමින් තිබෙනවා. ඒ වගේම විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2024 දි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ වගේම මීට පෙර ආණ්ඩුව විදුලි බිල වැඩිකිරිමට යාමේදී විදුලිබිල අඩුකරන ලෙස මහජන උපයෝගිතා කොමිසටමෙන් ඉල්ලා සිටියේ සමගි ජනබලවේගයයි. ඒ වගේම වසන්ත සමරසිංහ ඇමැතිවරයා බලය ලබාගැනිම පෙර ප්‍රකාශ කළේ විදුලි බිල සියයට 37 කින් විදුලිබිල අඩුකරන්න හැකියි කියලා. ඒ වගේම පසුගිය වසර තුළ විදුලි බල මණ්ඩලය බිලියල 150 ක ලාභයක් ලබා තිබෙනවා. ඒ ලාභයේ ප්‍රතිලාභ අද ජනතාවට ලබාදෙන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. කෙසේ නමුත් අද වනවිට සියයට 18 කින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව මාන බලමින් සිටිනවා.

ඒ වගේම රණවිරුවන් සිහි කිරිම සඳහා පැවැත්වෙන ජාතික උත්සවයට රටේ විධායක ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහත්තයා සහභාගි නොවන තින්දුවේ තමයි මුලින්ම සිටියේ. නමුත් රටේ ජනතාව සහ විපක්ෂය නගපු හඩ නිසා රණවිරුවන් සිහි කිරිම සඳහා පැවැත්වෙන ජාතික උත්සවයට අනුර දිසානායක මහත්තයා සහභාගි වන ලෙස දන්වා තිබෙනවා. ඒ පිළිබඳව සමගි ජනබලවේගය ලෙස අපි සතුටු වෙනවා. ඒ වගේම රටේ ජනතාව සහ විපක්ෂය එක්වෙලා තමයි අනුර දිසානායක මහත්තයාව මේ රණවිරු සැමැරුමට සහභාගි කරවන්න කටයුතු කළේ.

ඒ වගේම පළාත් පාලනවන බලය අපි පිහිටුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදිවයි. ඒ වගේම ජාතික ජනබලවේගයට බහුතර බලයක් හිමි පළාත් පාලන ආයතනවලට බලපැමක් කරන්න විපක්ෂය කටයුතු කරන්නේ නෑ. නමුත් පොදු විපක්ෂයට මහජනතාව බහුතර බලයක් ලබාදි තිබෙනවානම් ඒ තින්දුවට හිස නවලා පොදු විපක්ෂයට බහුතර බලය තිබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ වෙලා කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතන සඳහා කොමසාරිස්වරු පත් කරනවා කියලා. මෙවැනි ප්‍රකාශ කරන්න පෙර මුලින්ම පළාත් පාලන අණ පනත් කියවන්න කියවන්න කියලා අපි ඒ මැති ඇමැතිවරුන්ට කියන්න කැමැතියි. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පළාත් පාලන ආයතන නිලධාරි පාලනයට යටත් කරන්න හැකියාවක් නෑ. මෙවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධි ගමනක ආණ්ඩුව යනවානම් ඒ සඳහ උත්තය දෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම විපක්ෂයට බහුතර බලයක් හිමි දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය මේ වනවිට සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම වරදාන වරප්‍රසාද ලබාදි පුද්ගලයන් සමගි ජනබලවේගයට එකතු කරන්න අපේ කිසිදු සුදානමක් නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදිව සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මහජන තින්දුවට එරෙහිව කටයුතු කරන පිරිසට විරුද්ධව පියවර ගන්න සමගි ජනබලවේගය පසුබට වෙන්නේ නෑ.‘‘

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු ආපු දේශබන්දුට ලොකු බාල්දියක් පෙරළෙයි! විරෝධතා-ඉල්ලීම් විසිවෙයි! ‌චෝදනා 23ක්! I Sri Lanka Latest News

Next Post

රණවිරු සැමරුම් උත්සවයට මුලින් අනුර එන්නෙ නැතිව ඉන්න හදලා අන්තිම මොහොතේ එන්න තීන්දු කළේ ඇයි? මෙන්න හේතුව ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික වරුණ දීප්ත හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.