• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමරදේවගේ ‘රට බල්ලට ගියාදෙන්’ සිංදුව හදිසියේම ගුවන් විදුලියෙන් තහනම් කළේ ඇයි? අද රටට වෙලා තියෙන දේ හරියටම කියන නිසාද?

December 22, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අමරදේවගේ ‘රට බල්ලට ගියාදෙන්’ සිංදුව හදිසියේම ගුවන් විදුලියෙන් තහනම් කළේ ඇයි? අද රටට වෙලා තියෙන දේ හරියටම කියන නිසාද?
Share on WhatsAppShare on Facebook

මං මේ ලිපිය පටන් ගන්නේ දීපාල් සිල්වා මහත්තයගෙ සින්දුවකින්. ඒකෙ කිව්වේ, ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු’ කියලා. ‘ඔළුව තදින් නරක් වෙච්ච – මිනිසුන් පිරිසක් හැදිච්ච – අරුම පුදුම රටක් තියෙනවා ඕයි… මහ මුහුදින් වට කෙරිච්ච – අඹ ගෙඩියක හැඩය වෙච්ච – ඒකට මරු නමක් කියනවා ඕයි…’ කිව්වම මතක් වෙන්නෙ මොන රටද?

කාට මොනව මතක් වුණත් අපට නම් මතක් වෙන්නේ අතිඋතුම් ශ්‍රී ලංකාව. මේ රමණීය දේශය. පිස්සු කෙළින මිනිස්සු. තමන්ගෙ දේශපාලකයොත් එක්ක කොච්චර නාඩගම් නටනවද කියලා අපි දන්නවා. කොළේ වහල කතාකරලා වැඩක් නෑ. ඒවා එළිපිට කතා කරන්න ඕනෙ දේවල්. සමහර වෙලාවට අපේ ගෙදරටත් මොනව හරි අරියාදුවක් එයි. අපට ඉතින් වෙන්න තියෙන අරියාදු ඔක්කොම වෙලා ඉවර හින්දා අලුතෙන් වෙන්න දෙයක් නෑ. අපේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු කියන එක ආයෙ අමතුවෙන් කියන්න දේකුත් නෑ. පස්සෙ දීපාල් සිල්වාට තගක් දාලා ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින් මිනිස්සු’ කියලා කියාගත්තට ඒක කාගෙ හරි පොඩි ආතල් එකක් විතරයි. අපි හැමදාම මේ මනරම් පුරේ අපූරු රටේ ඉපදෙන්න මතු වාසනා කිය කිය හිටියට මේකෙ වාසනාලා ඉන්නේ එකයි. ඒ කතරගම ඇතා විතරයි. අනෙක් ඔක්කොම වාසනාට වඩා අවාසනාව කරපින්නා ගත්ත මිනිස්සු. වාසනා කියන නම දාගත්තු කීපදෙනා ඇරුණම අනෙක් ඔක්කොටම දැන් තියෙන්නේ යන එන මං නැතිවෙලා නන්නත්තාර වෙලා පිස්සු පීකුදු වෙලා. ඒක හින්දා නිකන් බොරුවට බයිලා ගහලා වැඩක් නෑ. කාලයක් තිස්සේ අපි සින්දු තහනම් කළා. සින්දු තහනම් කරලා රට හදන්න පුළුවන් නම් ඔක්කොම සින්දු ටික තහනම් කරන්න කියලා අපි අපේ දේශපාලකයන්ට යෝජනා කරනවා. නන්දා මාලනී ‘පවන’ කැසට් එක ගහපු වෙලාවෙ පවනෙ තිබුණු දේශානුරාගයට බයවෙලා අපේ කට්ටිය පවන තහනම් කළා. අපේ කපුගේ මහත්තයගෙ‘කම්පන’ ප්‍රසංගයට පුදුම විදියෙ විරෝධය ආවා. හැබැයි ‘මේ රටේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්’ කියලා නන්දා මාලනී කියපු කතාව තාමත් ඇත්ත. මේකෙ සිංහ පැටව් නෑ. සත්තු වත්තෙ ඉන්න කීපදෙනා ඇරුණම අනෙක් එවුන් ඔක්කොම සිංහ හම් පොරවගත්ත බැටළුවො. සමහර එවුන් බැටළුවොත් නෙවෙයි නරි. තැන් තැන්වල වේදිකාවල උඩුබුරලනව හූ කියනවා ඇහුණම අපේ එවුනුත් රැලට ගිහිල්ලා හූ කියනවා. හැබැයි ඒ වුණාට අපට යන එනමං නැති වෙනකොට අපට ඇත්ත තේරෙන්න පටන් ගන්නකොට කරන්නේ මේ වගේ නෙයිනාඩගම් තමයි. පහුගිය දවසක ‘ලක්ෂෙට කොඩිය’ චිත්‍රපටයට 1970දි රචනා කරපු ගීතයක් අපේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක තහනම් කරනවා. ඒක අමරදේව මාස්ටර්ගෙ සංගීතයෙන් හැඩවුණු, අමරදේව මාස්ටර්ගෙම සහෝදරයෙක් වුණු බී.ටී. මෙන්ඩිස් විසින් රචනා කරපු ගීතයක්. ඒ ගීතයෙ තියෙන වචන ටික අපි අහලා ඉමු. මොකද මේවා තහනම් කළාට මේ වචන ටිකේ පොඩි ජොලියක් තියෙනවා කියලා හිතිච්ච හින්දා ඒ වචන ටික එකින් එක ඔබට කියල තියන්නම්.

‘රට බල්ලට ගියාදෙන්
ඇත්ත නැත්ත
කියන කලට
කට කන්නද අපේ දැන්
මගේ වැඩෙත්
හරි යා නම්,
උඹේ වැඩෙත්
හරි යා නම්,
කල්ලියටම හරි යා නම්,
ලොක්කො බක්කො
හුඟ දෙනෙක්ම
උන්ගෙම මඩි
තරි කරන්නේ
ඉතින් අපේ නායකයොත්
අපෙ උන්ගෙම
බෙලි කපන්නෙ
අපිත් කියලා නිකං ඉඳලා
වෙන මොනවද
දැන කරන්නේ
ඉතිං එහෙම රට කාලා
අප කෙරුවෝතින් ඇත්තට
අපොයි අමාරුවේ නේද
දරුමල්ලන් හැම ඇත්තට
ඒ හින්දම අප විහින්ම
නස්පැත්තිය
ළඟා නොකර
මේ රටේම සුබසිද්ධිය
ඇතිකරවමු
නොගා කෙකර
රට සරුවී වැඩීයන්
ලොවට නිවට
නොවන ලෙසට
කිරි පැණියෙන් පිරීයන්
මගේ වැඩෙත්
හරි යා දෙන්
නුඹේ වැඩෙත්
හරි යා දෙන්
කොයි කාටත්
හරි යා දෙන්
රට කන හැටි රොත්තම
කොනක ඉඳන්
වඳ කරන්න
පිටත් කරමු අවීචියට
කල්ප ගණන්
වද විඳින්න…’

මේක තමයි සින්දුව. ශේෂා පලිහක්කාර අධ්‍යක්ෂණය කරපු, කේ. ගුණරත්නම් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් තමයි ‘ලක්ෂෙට කොඩිය’ කියලා කියන්නේ. ඒ කාලෙ ලංකාවෙ තිබුණු දේශපාලන ප්‍රවාහය මේ විදියට ඔවුන් විවේචනයට ලක් කළාට දන්නා තරමින් නම් ඒ අයව තහනම් වුණේ නෑ. හැබැයි අද වෙද්දී මේක තහනම් කරන්න අපේ ගුවන්විදුලි මහ ගෙදරින් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා ආරංචියි. ඒකෙ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. කොහොම නමුත් සින්දු තහනම් කරලා මිනිසුන්ට දැනෙන එක, හැඟෙන එක, පේන එක තහනම් කරන්න පුළුවන් නම් තව ටික කාලෙකින් පුළුවන් විදියට අපි ඇස් පේන එකත් තහනම් කරමු. කන් ඇහෙන එකත් තහනම් කරමු. බලන එක, දකින එක, අහන එක තහනම් කරලා දාලා මේ රට අලුත් රටක් කරන්න පුළුවන් නම් අපිත් ඇස් පියාගෙන ඉමු. අපිත් කන් වහගෙන ඉමු. හැබැයි අවාසනාවට වෙලා තියෙන්නේ ඇස් පියාගෙන කන් වහගෙන ඉන්න බැරි තරමට දැන් තත්ත්වෙ බරපතළ වෙලා. ඒ නිසා මේ මනරම් පුරේ, මරනම් දේශයේ ඉපදෙන්න මතු වාසනා කියලා ඉවර කරන්න බැරි තැනට ප්‍රශ්නෙ ඔඩුදුවලා ඉවරයි. කවුරුහරි කියනවා නම් එහෙම නෑ කියලා එහෙම කෙනකුටත් අලුත් සින්දුවක් ලියලා පොඩි ජොලියක් ගන්න පුළුවන්.
කොහොම නමුත් දැන් ඉස්සර වගේ නෙවෙයි නෙ. ගුවන්විදුලියට අරකට මේකට සින්දු තහනම් කරන්න පුළුවන් වුණාට මිනිස්සු සින්දු අහන එක නවත්තන්න බෑ. කවදාවත් අහලා නොතිබිච්ච සින්දුවක් මේ ලියුම්කරු වෙච්ච මම ඇහුවෙත් මේ කතන්දරෙන් පස්සෙයි. හැබැයි මේ කාලෙ විදියට ගැළපෙන මරු සින්දු ටිකක් නැත්තෙ නෑ. නන්දා මාලනී ගායනා කරන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කරන ලද මේ ගීතය ගැන මොකද හිතෙන්නේ?

‘රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැහුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ…’

තහනම් කරනව නම් තහනම් කරන්න කොච්චර සින්දු තියෙනවද නේද? සින්දු නෙවෙයි මහත්තයො තහනම් කරන්න ඕනෙ බයිලා. මොකද දේශපාලකයො හැම වෙලාවෙම බයිලා කියනවා. ඒ බයිලා අහගෙන අපිත් මේ රටේ නාඩගම් නටනවා. ජවුසම් නටනවා. කෝළම් නටනවා. නාඩගම්, ජවුසම්, කෝළම් කියලා කියන්නේ මේ රටේ තියෙන එක්තරා විදියක නාට්‍ය විශේෂයක්. ඒවා මේ රට ඇතුළේ තියෙන ඉතා ඉහළ සංස්කෘතිකාංග. අපේ මේ සංස්කෘතිකාංගවලටත් අපහාස වන විදියට නාඩගම් නටන මහත්වරු අපේ රටේ ඉන්නවා. අපට නම් හිතෙන්නේ මේ සින්දු තහනමත් එහෙම නාඩගමක් කියලා. කොහොම නමුත් මේ විදියේ තහනම් තහංචි දාපු ඉතිහාසයක් අපේ රටට තියෙනවා. කොහොම කොහොම හරි තහනම් තහංචි දාලා නතර කරනව නම් නතර කරන්න ඕනෙ සින්දු නෙවෙයි මේ රටේ දේශපාලකයො කියන බයිලා. ඒ බයිලාවලින් පස්සේ මේ රටට වෙන විපත මිනිහෙක් කවියකින්, කලාවකින්, අකුරකින්, චිත්‍රයකින්, පොතකින්, නවකතාවකින්, කෙටිකතාවකින් කිව්වට පස්සේ ඒ සාහිත්‍යයට තහංචි දාන එක, නිර්මාණකරුවන්ට තහංචි දාන එක රටක තියෙන චින්තනමය දුප්පත්කමේ ලක්ෂණයක්. පාලකයන්ගෙ තියෙන අදක්ෂකමේ ප්‍රතිඵලයක්. මේවා කළේ කවුරු වුණත් මේවා වෙන්නේ ඒ විදියටයි කියලා අපි ඔබට මතක් කරනවා.

පුළුවන් නම් මේ ගීතය හොයාගෙන අහන්න, මාරු ජොලියක් එන්නෙ. පද රචනය බී.ටී. මෙන්ඩිස්, තනුව සහ සංගීතය පණ්ඩිත් අමරදේව සූරීන්ගේ. ගායනය අයිවෝ ඩෙනිස්, සී.ටී. ප්‍රනාන්දු ඇතුළු පිරිස.

ජීවන් පහන් තිළිණ

SendShareShare
Previous Post

කෘෂිකර්ම ලේකම් අයින් කරන්න මොහොතකට කලින් මාධ්‍යයට කියපු ආන්දෝලනාත්මක පොහොර කතාව!

Next Post

හොඳටම කඩේ යන අයට ආණ්ඩුවෙන් නත්තල් තෑගි! පළමු ‌ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමි කරගනී!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.