• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලාපීය සාමයට ලංකා – පාකිස්තාන මිතුදම ප්‍රයෝජනයට ගත යුත්තේ ඇයි? Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බටහිරට අනතුරු ඇඟවීමක්!
Share on WhatsAppShare on Facebook

පාකිස්තානය ලංකාවේ සමීපතම මිතුරෙකි. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවලදී ලංකාවට උදව් කළේ පාකිස්තානයය. එහි කිසිදු විවාදයක් නැත. ශ්‍රී ලංකාව සෑම විටදීම ඒ සම්බන්ධයෙන් පාකිස්තානයට කෘතගුණ දැක්විය යුතුය. ඒ වගේම පාකිස්තානය තුළ සිටින අන්තවාදී ත්‍රස්තවාදීන් නිසා කලාපයට සිදුවන හානිය ගැන පාකිස්තානයට තේරුම් කර දීමට හොඳම රටත් ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව සිය මිතුරුකම පාවිච්චි කළ යුත්තේ පාකිස්තානයේ රැකවරණ ලබන ත්‍රස්තවාදීන්ගෙන් ඉන්දියාවට පමණක් නොව, ලංකාවටත් තිබෙන තර්ජනය ගැන පාකිස්තානයට අවබෝධ කර දීමටය.Sri Lanka Latest News

මේ ගැන උදාහරණ ඕනෑ තරම්ය. 2009 මාර්තු 03 පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ සිටි අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ගඩාෆි ස්ටේඩියම් එකේ සිට ලාහෝර්වලට දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා එමින් සිටියේය. ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ පාකිස්තානයට එරෙහිවය. ක්‍රීඩකයන් රැගත් බස් රථයට තුවක්කුකරුවන් 12 දෙනකුගෙන් ප්‍රහාර එල්ල වූයේ පාකිස්තානයේ ලිබර්ටි චතුරස්‍රයේදීය. ප්‍රහාරකයන් පාවිච්චි කළේ ඒ.කේ. 47 ගිනි අවියය. රොකට් ප්‍රහාරක විදිනයන්ය. අත්බෝම්බය. එම ප්‍රහාරයේදී පාකිස්තාන පොලිසියේ හයදෙනෙක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් දෙදෙනෙක් මරණයට පත්විය. එම බස් රථය පැදවූ රියැදුරා පවා මරණයට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හයදෙනෙක් තුවාල ලැබීය. ඔවුන් අතර තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන ද සිටියේය. තිලාන් සමරවීරගේ පාදයට වෙඩි වැදිණි. තරංග පරණවිතානගේ පපුවට වෙඩි වැදිණි. තවත් නිලධාරීන් දෙදෙනකු සහ විනිසුරුවරයකුට තුවාල සිදුවිය. එම බස් රථයේ රියැදුරු මෙහාර් මොහොමඩ් වීරවරයෙක් ලෙස පිදුම් ලැබුවේ ප්‍රහාර මැද එම බසය ක්‍රීඩාංගණය අසලට රැගෙන ගිය නිසාය. මෙම ප්‍රහාරය නිසා පාකිස්තානයට වසර ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩාව තහනම් විය. එයට හේතු වූයේ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වූ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයයි. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළේය. පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීම යම්තාක් දුරට වර්ධනය වුණේ 2019 ශ්‍රී ලංකාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගය.

මෙම ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ආරක්ෂක අංශ එරට ක්‍රියාත්මක අන්තවාදී ත්‍රස්ත සංවිධාන ගැන ඇස ගසාගෙන සිටිය යුතුව තිබිණි. එහෙත් එසේ නොවූ බව පැහැදිලි වන්නේ 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ ශ්‍රී ලාංකිකයකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුලුස්සා දැමීම නිසාය. පාකිස්තානයේ සියල්කොට්හිදී මෙලෙස ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය හැදෑරූ ප්‍රියන්ත මහතා 2010 වසරේදී එරට ඇඟලුම් කර්මාන්ත ශාලාවක කාර්මික ඉංජිනේරු කළමනාකරුවකු ලෙස සේවයට එක්ව තිබිණි. ඔහු මියයන විට සේවය කරමින් සිටි පන්ජාබ් පළාතේ ක්‍රීඩා උපකරණ කම්හලට එක්ව ඇත්තේ 2012 වර්ෂයේදීය. ගණේමුල්ල පොකුණ හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාට වයස අවුරුදු 14ක් සහ 09ක් වන පුතුන් දෙදෙනකු සිටියේය. මේ, ඔහුගේ බිරිය එදා කී වදන්ය.

‘මම ඉන්ටර්නෙට් එකෙන් සිද්ධිය දැක්කා. මගේ සැමියා අහිංසක කෙනෙක්. මම අපේ ජනාධිපතිතුමාගෙන් සහ පාකිස්තානයේ අගමැතිතුමාගෙන් මේ සිද්ධියට සාධාරණය බලාපොරොත්තු වෙනවා. මට මේ සිද්ධිය දරාගන්න බෑ…’

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත්කළ බවට කර්මාන්ත ශාලා සේවකයන් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහුව මරාදමා ඇති බවය. පාකිස්තාන 2020 ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සකස් කිරීම සිදුවන්නේද ප්‍රියන්ත සේවය කළ ක්‍රීඩා භාණ්ඩ කම්හලෙන් බව එරට මාධ්‍ය වාර්තා කළේය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 120 දෙනෙක් පාකිස්තානය අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ප්‍රකාශ කොට තිබිණි. මෙම ප්‍රධාන සැකකරු ටී.පී.එල්. නමැති දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයෙක් බව අනාවරණ වී තිබිණි. සිද්ධිය සැලවූ වහාම එවක ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කතාකොට මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස දැනුම් දී තිබිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැවැසුවේ මේ තරුණයා වෙනුවෙන් පාකිස්තාන ආණ්ඩුව යුක්තිය ඉටුකරනු ඇතැයි කියාය. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාකිස්තානය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් සඳහන් කරමින් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලට සංදේශයක් භාරදුණි. ඒ අවස්ථාවේ ලංකාවේ සිංහල සංවිධාන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වමින් ප්‍රියන්ත කුමාරට සාධාරණය ඉටුකරන මෙන් ඉල්ලා සිටියහ.

දැන් ඉන් වසර ගණනාවකට පසු යළිත් සිංහල සංවිධාන පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්වී ඉන්දියාවේ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ප්‍රහාරකයන්ව නීතියට හසුකර ගැනීමට ඉන්දියාවට උදව් කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත විය. මෙයින් පෙනෙන්නේ පාකිස්තානය තවමත් එරට ක්‍රියාත්මක අන්තවාදී ත්‍රස්ත සංවිධාන මර්දනය කිරීමෙහිලා අවංක උත්සාහයක් නොදරන බවයි. මෙය ඉන්දියාවට පමණක් නොව, ලංකාවටද බලපාන්නේ පාස්කු ප්‍රහාරය ගැන මතක් වන විටදීය. එම නිසා ලංකාව මෙහිදී නායකත්වය ගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීම වළකා පාකිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් මුලිනුපුටා දැමීමට පාකිස්තානයට බලපෑම් කළ යුතුය. මන්ද මේ ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියා නිසා අවසානයේ විනාශ වන්නේ කලාපයේ ආරක්ෂාව සහ ආර්ථිකයය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

තත්ත්වය බරපතළයි! පැලවත්තේ කාමර 4ක හදිසියේම රහස් මෙහෙයුමක් පටන් ගනී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් අනතුරු අඩු කරන්න සැලසුමක්! රම්බොඩ අනතුරින් අනුර කම්පනයට පත්වෙයි!  Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.