2023 ඔක්තෝබරයේ ලංකාවට ආ චීනයේ SHI YAN 6 පර්යේෂණ නැව පසුගියදා ලංකාවේ විශේෂ ආර්ථික කලාපයේදී නැවේ මගියෙකුට ප්‍රතිකාර ඉල්ලා ලංකාවේ නාවික හමුදාවට ඩිස්ටේරස් සිග්නල් එකක් එව්වේය. නැවේ මගියකුගේ වකුගඩු රෝගයක් උත්සන්න වීමෙන් මෙම ඩිස්ටේරස් සිග්නල් එක එවනු ලැබීය. වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව බෝට්ටුවක් එවා ලෙඩාව රැගෙන ගාල්ල මහරෝහලට ඇතුළත් කරනු ලැබීය.SHI YAN 6 2003 ලංකාවට ආ පර්යේෂණ නැවකි. චීනයෙන් ලංකාවට ආ අවසන් පර්යේෂණ නැව SHI YAN 6ය. මේ නැවට ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ බලවත් විරෝධය එල්ල විය. එකල බලයේ සිටි රනිල්ගේ ආණ්ඩුව ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ විරෝධයට බයවී පර්යේෂණ නැව් සඳහා තහනමක් පැනවීය. රනිල්ගේ ආණ්ඩුව ප්‍රකාශ කළේ මින් පසු පර්යේෂණ නැව් සඳහා රෙගුලාසි පද්ධතියක් හදන බවය. 2024 ජනවාරි සිට මෙතෙක් එම රෙගුලාසි පද්ධතිය (SOP) සකස් කර නැත. 2024 අනුරගේ ආණ්ඩුව බලයට පත්වූ පසු චීනය පර්යේෂණ නැව් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න යැයි දිගින් දිගටම බලපෑම් කළත් අනුරගේ ආණ්ඩුව එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන SHI YAN 6 6 පර්යේෂණ නැවේ සිටි මගියෙකුට ලංකාවේ විශේෂිත ආර්ථික කලාපය ආසන්නයේ වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටියේ මෙවැනි පසුබිමකදීය. මෙම මගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඩිස්ටේරස් සිග්නල් එක දෙන්න කලින් නැව ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් චීනය නිල ප්‍රකාශයක් කර නැත. මේ තීරණයෙන් පැහැදිලි වන්නේ චීන පර්යේෂණ නැව් සඳහා ලංකාවට ඇතුලු වීමට අවසර දීමට අනුරගේ ආණ්ඩුව සූදානම් නැති බවය.Sri Lanka Latest News
ඒත් චීනය තවමත් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් දැනෙන ප්‍රතිඋත්තරයක් දී නැත. ඒ වෙනුවට චීන තානාපති ඉන්නේ බොහොම සැහැල්ලුවෙන්ය. එයට හේතු විය හැක්කේ අනෙකක් නොව ලංකාව චීන වාහන සඳහා පාරාදීසයක් වීමය. මීට පෙර ලංකාවේ ජනප්‍රියතම වාහන වූයේ ජපාන වාහනය. 2015දී මෛත්‍රී-රනිල් ආණ්ඩුව වාහන සඳහා බදු සංශෝධන හඳුන්වා දුන් අතර, මේ නිසා ලංකාවේ ඉන්දීය මරුටි වාහන ප්‍රචලිත විය. වත්මන් ආණ්ඩුව ගෝඨාගේ ආණ්ඩුව පනවා තිබූ වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග චීන ඉලෙක්ටි්‍රක් වාහන සඳහා ලංකාවේ ඉල්ලුම වැඩි විය. චීන තානාපතිවරයා සැහැල්ලුවෙන් සිටින්නේ චීන පර්යේෂණ නැව් තහනම් කළත් ලංකාවේ වාහන වෙළෙඳපළ ආක්‍රමණය කිරීමට චීනයට හැකි වීම නිසාදැයි දන්නේ නැත.










