මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති බැවින්, අද දිනයේ දී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණි. Sri Lanka Latest News
මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සදහා ලබා දී තිබෙන දෙවන දිනයයි.
අල්ලස් කොමිසම අප්‍රේල් මාසයේ 17 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමට පසුව හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ අවුරුදු නිවාඩුව සදහා කොළඹ බැහැරව යන බැවින් එදින තමන්ට පැමිණිය නොහැකි බවයි.
ඒ අනුව කොමිසම ලබා දුන් දෙවන දිනය අද යි.
කෙසේ වෙතත්, පසුගිය දිනෙක හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ විදෙස්ගතව සිටින ඔහුගේ නීතීඥයා මෙතෙක් දිවයිනට පැමිණ නැති බවයි.
එය අද දිනයේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීමට හේතුවක් වේද යන්න මෙතෙක් මාධ්‍යයට වාර්තා කර නැත.










