• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳුලු මැව්වේ කුමට කිව මැන ඇයි ගියේ හුස්මක් තබා?දරුවන්ට මාරයා එක්ක සෙල්ලම් කරන්න අම්මලා තාත්තලා ඉඩ දෙන්නේ ඇයි? Sri Lanka Latest News

November 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
කඳුලු මැව්වේ කුමට කිව මැන ඇයි ගියේ හුස්මක් තබා?දරුවන්ට මාරයා එක්ක සෙල්ලම් කරන්න අම්මලා තාත්තලා ඉඩ දෙන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරු පැටව් කියන්නේ මුළු ජීවිතයම. දරුවෙක් මේ ලෝකෙට බිහිවෙනකොට අම්මලා තාත්තා දහසක් සිහින බලාපොරොත්තු මවාගන්නවා. ඒ දරුවා ලොකු මහත් කරලා, හොඳට උගන්වලා, රටට ලෝකයට වැඩදායක පුරවැසියෙක් කරන්න ඒ මවුපියෝ දරන්නේ සුළුපටු වෙහෙසක් නෙවෙයි. ඒත් පුංචි දරු පැටියෙක්ගේ ජීවිතය අනතුරට ලක්වෙන්න ගතවෙන්නේ එක මොහොතක් විතරයි. ඒ විදියේ අනතුරකින් දරුවෙක් මෙලොව හැරගියාම දැනෙන වේදනාව දන්නේ එහෙම අත්දැකීමකට මුහුණ දුන්නු මවුපියන් විතරයි. (Sri Lanka Latest News)

විදුලිය කියන්නේ මාරයෙක්. එයින් තමන්ගේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීම කාගේත් යුතුකමක් වගේම වගකීමක්. ඒ වගකීම පැහැර හැරියොත් පරම්පරා ගණනකට දුක් වෙන්නට සිදුවෙනවා. අද අපි ඔබට කියන අනුවේදනීය සිදුවීමට මුල් වුණේත් විදුලිය කියන මාරයා. ඒ අනතුරෙන් දිවි අහිමි වුණේ පුංචි දරු පැටියෙකුටයි.

මේ දරු පැටියා ජීවිතයෙන් සමුගෙන තිබුණේ සෙල්ලම් කරමින් සිටියදීයි. ඒ අවස්ථාවේ ඔහු අත තිබූ බැටරි කැබැල්ලක් නිවෙසේ ශීතකරණය යටට විසිවී ගොස් ඇති අතර, එය ගැනීමට යෑමේදී විදුලි සර වැදීමෙන් මෙම දරු පැටියාට දිවි අහිමි වී තිබුණා. එලෙස මියගොස් තිබුණේ ගම්පහ අලවිල ප්‍රාථමික විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ජේ.එම්.ඒ. තේජාන් දිනුවර නමැති දරුවෙකි.

නතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ මව මුළුතැන්ගේ තුළ ආහාර පිසිමින් සිට තිබුණා. දරුවා ඒ අසල සෙල්ලම් කරමින් සිටි නිසා මව නොසිතන්නට ඇති ඔහු අනතුරක් කරගනීවි යැයි කියා.

මව පවසා සිටියේ දරුවා බැටරි සහ වයර් කැබලි ගෙන ඒවා එකට එකතු කරමින් සෙල්ලම් කරමින් සිටි බවයි. දරුවාගේ මිත්තණිය දරුවාට සිදුවූ විපත දරාගැනීමට නොහැකිව දරුවාගේ සෙල්ලම් බඩු පෙන්වමින් හඬා වැටෙන්නට වුණා.

කවුරු ඉවසුවත් දසමසක් කුස දැරූ අම්මා කෙනකුට තමන්ගේ දරුවාට මෙවැනි විපතක් වුණාම එය දරාගන්නට හැකියාවක් ඇත්තේ නැහැ.
‘අනේ අපි කොහොම හිත හදාගන්නද දරුවා මෙතැන වැටිලා හිටිය හැටි මතක් වෙනකොට. පොඩි පුතා හප්පෙක් හප්පෙක් කියලා අයියා ෆ්‍රිජ් එක ළඟ වැටිලා ඉන්නවා පෙන්නුවා. ඒ නිසා මම දුවගෙ ආවා. මම ඇහුවා දිනූ ඔයා මොකද ඔතන කරන්නේ කියලා. කෙඳිරිගාපු නිසා මම ඉක්මනට ෆ්‍රිජ් එකේ ප්ලග් එක ගැලෙව්වා. මට සැක හිතුණා ෆ්‍රිජ් එක අස්සේ අත දාගෙන වැටිලා ඉන්නකොට. ටෝච් එකකුත් අතේ තිබුණා. ටෝච් එක අරගෙන එයා මොනවා හරි හොයන්න යන්න ඇති. එයා ආසයි මෝටර් කෑලි අරගෙන ලයිට් පත්තු කරන්න. ඒ වැඩ කර කර ඉන්නේ නිතරම. පිහිය ගන්න හැදුවේ. මම කිව්වා අම්මාට උයන්න ඕනේ පිහිය ගන්න එපා කියලා. එක විනාඩි දෙකක් යන්න ඇති… මගේ පුතා ආයෙ එන්නේ නැහැ. මම උස්සගෙන දිව්වේ මගේ පුතා බේරලා දෙන්න කියලා. කොහොම ඉවසන්නද? මම අත්දෙකෙන් උස්සගෙන දිව්වා ඉස්පිරිතාලෙට. එයා හරහට ගන්නකොට කෙඳිරිගෑවා. මම මෙතන බලන්නේ කොහොමද වැටිලා හිටිය හැටි මතක් වෙනකොට? මගේ රත්තරන් දරුවාව ගෙනත් දෙන්නකෝ…..’ යනුවෙන් පවසමින් තේජාන් දිනුවර දරුවාගේ මව හඬා වැටුණා.

අම්මෙකුගේ තාත්තෙකුගේ වේදනාව ගැන අපිට කියන්න දෙයක් නැහැ. ඔවුන් තමයි ඒ දුක දන්නේ. මේ මවුපියනුත් දරුවා ඉපදුණු දා පටන්ම ඔහු ගැන සිහින පොදි බැඳගෙන ඉන්න ඇති. දැන් ඒ සිහින, බලාපොරොත්තු සියල්ල බිඳවැටී හමාරයි.

කුඩා දරුවන් කියන්නේ හැම තිස්සෙම සෙල්ලම් කරන දුව පැන ඇවිදින පිරිසක්. පොඩි වයසෙදී ඔවුන් හරිම ක්‍රියාශීලීයි. අනාරක්ෂිතකම ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. අතට අහුවෙන හැම දෙයක්ම කටට ඔබාගැනීම සාමාන්‍ය දෙයක්. ඇතැම් දරුවන් හැංගිමුත්තන් කිරීමට පවා ශීතකරණය තුළට අල්මාරිය තුළට රිංගා දොර වසාගන්නවා. එවැනි අවදානම් කටයුතු නිසා බරපතළ අනතුරු සිදුවිය හැකි බව ඒ දරුවන්ට වැටහෙන්නේ නැහැ.

අවුරුදු 6ක දරුවෙක් කියන්නේ පාසලට පය තිබ්බා විතරයි. ඒ සෙල්ලම් වයසට දරුවෝ එක තැනකට වෙලා ඉන්නේ නැහැ. හැම දෙයක් ගැනම විමර්ශනයට ලක්කරනවා. ජීවිතේට අලුත් අත්දැකීම් එකතු වෙන්නේ මේ පොඩි වයසෙදී. වැඩිහිටියන් ඔවුන් ගැන අවධානයෙන් නොසිටියොත් අනතුරක් සිදුවෙන එක වළක්වන්න බැහැ.
තවමත් අපේ නිවෙස්වල දර ළිප් භාවිත වෙනවා. ඇතැම් පොඩි දරුවන් මුළුතැන්ගෙට ගිහින් ඒ දර ළිප්වලින් ගිනි පෙනෙල්ලක් අරගෙන සෙල්ලම් කරන්නේ එයින් සිදුවිය හැකි අනතුරු ගැන නොතේරුම්කමටයි. ඒ වගේම කුප්පි ලාම්පු, උණු වතුර වගේ දේවල් දරුවන්ට හසු නොවන තැන්වල තැබීම වැඩිහිටියන් වගබලාගත යුතුයි.

කුඩා දරුවන් පඩිපෙළවල් දිගේ ඉහළට නගින්න හරිම ආසයි. කුඩා දරුවන් සිටින නිවෙස්වල එවැනි පඩිපෙළවල් ඇත්නම් ඒවාට ආරක්ෂිත අත් වැටක් සවිකිරීම නුවණට හුරුයි. ඒ වගේම ගෙවත්තේ අනාරක්ෂිත ළිඳක් හෝ වළක් තිබෙනවා නම් දරුවන්ගේ ආකර්ෂාව ගැන සිතා ඒවා වසා තැබීමටද කටයුතු කළ යුතුයි. පිහි, කතුරු, බ්ලේඩ් වැනි තියුණු ආයුධ කුඩා දරුවන්ට හසු නොවන සේ තබන්නත් වගබලාගත යුතුයි. දරුවන්ට යමක් තේරුම්ගත හැකි වයසට පැමිණෙන තුරු ඔවුන්ව ඇස් මානයේ තබාගෙන ආරක්ෂා කිරීම සෑම අම්මා කෙනකුගේම තාත්තා කෙනකුගේම වගකීමක්. එහෙත් කුමක් හෝ අවාසනාවකට තේජාන් දිනුවර පුතාගේ අම්මා තාත්තාට තම දරුවා මෙවැනි විපතක් සිදුකර ගනීවි යැයි හීනෙකින්වත් නොසිතෙන්නට ඇති.

විදුලිය කියන්නේ ඇසට නොපෙනන ප්‍රබල ශක්තියක්. අපිට විදුලිය නොමැතිව ජීවත්වෙන්න අපහසුයි. එහෙමයි කියලා අපි ජීවිත බිලිදිය යුතු නැහැ. හැම කෙනකුටම වගකීමක් තිබෙනවා තමන්ගේ ආදරණීයයන් ආරක්ෂා කරගන්න.

නිවෙසේ ප්‍රධාන විදුලි පරිපථයේ තියෙන ටි්‍රප් ස්විච් එක කියන්නේ මොකද්ද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද යන්න ගැනත් ඔවුන්ට අවබෝධයක් නැහැ. ආරක්ෂිත ටි්‍රප් ස්විචයක් නම්, නිවෙසේ විදුලි කාන්දුවක් හෝ අකුණු ගැසීමක් හෝ විදුලිබල පද්ධතියේ දෝෂයක් සිදුවූ විට ස්වයංක්‍රීයව නිවෙසේ විදුලිය විසන්ධි වනවා. ඒ අනුව සිදුවිය හැකි මහා විනාශයන් වැළකී යනවා. එසේ ස්වයංක්‍රීයව ටි්‍රප් ස්විචය අක්‍රීය නොවන්නේ නම් වහාම ඒ ගැන සොයාබලා එය අලුත්වැඩියා කරගැනීම නිවැසියන්ගේ වගකීමක්. තේජාන් දිනුවර පුතාගේ මවුපියනුත් එම කරුණ ගැන දැන සිටියා නම් ඇතැම් මිට මේ අනතුර සිදු නොවන්නට පවා ඉඩ තිබුණා.

කෙනකුට විදුලි සර වැදුණාම වහාම කළ යුතු වන්නේ ඒ පුද්ගලයාව ඉවතට ගෙන ඇඳුම් ලිහිල් කර කෘත්‍රිම ශ්වසනය ලබාදීමයි. රෝහලට ගෙනයාමට ප්‍රමාද විය හැකි නිසා ඒ අවස්ථාවේදීම ප්‍රථමාධාර ලබාදිය යුතුයි. අනතුර ලක්වූයේ වැඩිහිටි අයෙකු නම් ඔහුගේ දෙඅත්ල උපයෝගී කරගෙන පපු ප්‍රදේශයට තෙරපුම් වාර 30ක් පමණ ලබාදිය යුතු වනවා. කුඩා දරුවෙක් නම් නාසය සහ මුඛය මුවෙන් වැසෙන සේ තබා කෘත්‍රිම ශ්වසනය ලබාදිය යුතුයි.

මවුපියන් හැම විටම හිතන්නේ දරුවන්ට කලින් තමන් ජීවිතය හැරදා යායුතු යැයි කියලා. කිසිම අම්මෙක් තාත්තෙක් කැමැති නැහැ තමන්ට කලින් දරුවන්ගේ ජීවිත අහිමි වෙනවට. ඒ නිසා හැම මවුපියෙක්ම තමන්ගේ දරුවෝ ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතුයි.
තේජාන් දිනුවර පුතේ, යළි උපදින කිසිදු භවයක මෙවැනි විපතක් ඔයාට සිදු නොවේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

‘සංසාරේ පුරා සිහින මැව්වේ
නුඹ දිවිය සරු කරනට
ලස්සන ලොවක් තැනුමට…
ඒ සිහිනවල තරම අප පමණි දන්නේ
නුඹේ තෙපුල් බස් ගේ පුරා රැව් දිදී
ඒ හඬ කෙසේනම් දරාගනිම්ද…?

කඳුළු මැව්වේ කුමට කිව මැන
ඇයි ගියේ හුස්ම තබා….
ලබන භවේ නුඹේම පියෙකු වෙලා
මවක වෙලා
අපේම පුතෙකු වී
එළිය කරනු මැන
අපේ දිවිය….’

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලසන්ත – තාජුඩීන් ඝාතන ගැන අලුත් සාක්ෂි ගලන්න ගනී! Sri Lanka Latest News

Next Post

2004 වයඹ.. 2024 ඇල්පිටිය.. කියන කතාව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.