මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ විවාදයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට කටයුතු නොකිරීම පිළිබදව විපක්ෂයේ බොහෝ දෙනා ප්‍රශ්න කොට ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමට එරෙහිව අදහස් දක්වා තිබියදී ජවිපෙ වෙනුවෙන් අදහස් දැක්වීම සිදු කොට තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාය.
නමුත් අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රශ්නයේදී නිහඩව සිටීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කොට ඇති බවද වාර්තා වේ.









