• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවේ සිට යාපනයට ගලා ආ ආදරයේ ගංගාව නටබුන් ඉතිරි කොට ඇයි මෙසේ සිඳී ගියේ?

May 9, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ඇමෙරිකාවේ සිට යාපනයට ගලා ආ ආදරයේ ගංගාව නටබුන් ඉතිරි කොට ඇයි මෙසේ සිඳී ගියේ?
Share on WhatsAppShare on Facebook

දහඅට හා දහනවය සියවස්වල යුරෝපීය පුනරුදය මුල්කරගනිමින් ඇතිවූ විප්ලවීය වෙනස්කම් මාලාවේ තවත් එක් පැතිකඩක් වූයේ ඇමෙරිකාව හා එංගලන්තය පුරෝගාමී වූ මිෂනාරි ව්‍යාපාරයයි. මේ මිෂනාරි ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ සැමුවෙල් මිල් මහතායි. දාහත්වැනි සියවසේ අගභාගය වන විටත් එංගලන්තයේ ලන්ඩන් මිෂනාරි සංගමය (1795), බැප්ටීස්ට් මිෂනාරි සංගමය (1792) හා චරිච් මිෂනාරි සංගමය (1799) ආදී ලෙස මිෂනාරි සංගම් ආරම්භවී තිබුණද ඇමෙරිකාව මුල් කරගත් මිෂනාරි සංගමයක් නොවීය.

ඒ හේතුවෙන් 1812 වර්ෂය වන විට සැමුවෙල් මිල් මුල්කරගත් කණ්ඩායමයක් අප්‍රිකානු හා ආසියාතික මහද්වීපවල ඔවුන්ගේ මිෂනාරි ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අරමුණින් මුහුදු මාර්ග ඔස්සේ පිටත් විය. ඉන්දියාවේ ඒ වන විටත් පාලනය බි්‍රතාන්‍යයන් සතු වූ අතර පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (East India Company) යටතේ පැවති පාලනය හේතුවෙන් මිෂනාරි ආගම ප්‍රචාරය කිරීම මුල්කරගත් කිසිදු කටයුත්තක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. එයින් අධෛර්යවත් නොවූ එම කණ්ඩායමේ වූ සැමුවෙල් නේවෙල් (Samuel Newell) නැගෙනහිර අප්‍රිකාවේ මොරිසස් (Mauritius) දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළේ තම බිරිය හා කුඩා බිලිඳාද සමගය. නමුත් ගමනාන්තයට ළඟා වීමට මත්තෙන් බිරිය හා බිලිඳා මරණයට පත්වූ අතර අවසානයේ ඔහු ළඟා වූයේ සිලෝන්හි දකුණු වෙරළබඩ කලාපය වූ ගාල්ලටය.

ඒ වන විටත් සිලෝන්හි ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළේ රොබර්ට් බ්‍රවුන්රිග් (Robert Brownrigg) මහතායි. ඔහු බි්‍රතාන්‍ය යටත්විජිතයක් වූ සිලෝන් දූපතට නේවෙල් පිළිගත් අතර කතෝලික දහම ප්‍රචාරය කිරීම සඳහාද අවසර ලබාදුණි. ඒ සඳහා යාපනය ප්‍රදේශය තෝරාගැනීමද තවත් අපූරු කාරණයක් විය.

මන්ද ඒ වන විටත් රටේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වූයේ කොළඹය. නමුත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ දුරදක්නා නුවණට අනුව කොළඹ ආශ්‍රිතව මෙම ආගන්තුක කණ්ඩායමට කතෝලික ධර්මය ප්‍රචාරය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදීම අනාගතයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවනවාට බොහෝ ඉඩකඩ පැවතීම හේතුකොටගෙන කොළඹින් හැතැප්ම ගණනාවකට එහා යාපනය තෝරාදෙන ලදී.

තවද විශ්ලේෂකයන්ගේ මතයට අනුව නේවෙල්ගේ සිලෝන් සංචාරයේ මාස තුනෙන් මාසයක්ම ඔහු ගත කළේ උතුරු පෙනිසියුලාව ආශ්‍රිතවය. එහිදී එම සංචාර අතරතුරේදී 1796 දක්වා ලන්දේසීන් විසින් පාලනය නිමාකර අතහැර දැමූ පල්ලි, පාසල්, අනාථ නිවාස මෙන්ම පරණ ගොඩනැගිලි බොහොමයක් බි්‍රතාන්‍ය පාලනය යටතේ වුවද භාවිතයෙන් තොරව විනාශවී යන අයුරු ඔහුගේ නෙත ගැටෙන්නට විය. උදාහරණයක් ලෙස ඒවන විටත් චුන්ඩික්කුලි පල්ලිය එළුවන් ලගින ස්ථානයක් බවට පත්වී තිබිණි. තවත් කාරණයක් නම් ඒ වන විටත් ශුද්ධ වූ බයිබලය දමිළ භාෂාවට පරිවර්තනයවී තිබිණි. දකුණු ඉන්දියාවේද බහුතරය දමිළ වූ නිසාවෙන් ආගමික ප්‍රචාරණ කටයුතු කිරීමට වඩාත් උචිතම ස්ථානය යාපනය බව නේවෙල්ගේ මතය විය.

ඒ අනුව 1816 මැසචුසෙට් සිට තවත් කණ්ඩායමක් ඉන්දියාවට යැවීම වෙනුවට ඍජුවම ලංකාවට පිටත්කර එවන ලදී. එසේ ලංකාවට ගොඩබට පළමු මිෂනාරි කණ්ඩායම අතර ජේම්ස් රිචර්ඩ් (James Richard), වෝරන්(Warren), ඩැනියල් පුවර් (Daniel Poor) හා ඔහුගේ බිරිය, මෙයිග්ස් (Meigs) පුරෝගාමී චරිත වූහ. ඔවුන් යාපනය අවට වඩ්ඩුක්කොටෙයි හා තෙල්ලිපලෙයි මුල්කරගනිමින් මිෂනාරි ව්‍යාපාරය ආරම්භ විය. අදටත් ඒ ආශ්‍රිතව ඉදිවූ යුරෝපීය ලක්ෂණ සහිත බොහෝ ගොඩනැගි දැකගත හැකිය.

රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට පසු පාලනය හිමිවූයේ නැපෝලියන් යුද්ධයේ වෙලින්ටන්හි ලුතිනන්වරයා වූ සර් එඩ්වඩ් බාන්ස් (1820-1822) මහතාටය. ඔහු ඇමෙරිකානු මිෂනාරි ව්‍යාපාරයට මහත් සේ උරණ වූ අයෙක් වූයේ එම යුද්ධයේදී ඇමෙරිකාව ප්‍රංශයට පක්ෂපාතීව කටයුතු කළ නිසාවෙනි. ඒ හේතුවෙන් 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන තාක් ඇමෙරිකානු මිෂනාරින්ට ලංකාවට ඇතුළුවීම තහනම් විය.

නැවත ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනය මුල්කරගත් පුනරුදයක් ඇතිවන්නේ 1833 වර්ෂයට පසු ලංකාවට පැමිණ දෙවැනි මිෂනාරි කණ්ඩායම යටතේය. ඔවුන් ප්‍රාථමික, ද්විතීක පාසල් පමණක් නොව කාන්තා නේවාසිකාගාර මෙන්ම යුනිවර්සිටි කොලීජි පවා ආරම් කිරීමට පුරෝගාමී විය. මෙසේ ඇමෙරිකානු ආදර නදිය යාපනය ස්වයංපෝෂිත කරමින් උතුරු පෙනිසියුලාවේ සිවුකොන සිසාරා ගලා ගියේය. වඩ්ඩුක්කොටෙයි, මනිපායි, උඩුවිල්, පන්ඩතිරිප්පු, චාවකච්චේරි, තෙල්ලිපලෙයි, වරනි හා උඩ්ඩුප්පිට්ටි ඒ අතර ප්‍රධාන විය.

ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුකරන පාසල්

1816 වන විටත් යාපනයේ පැවතියේ පාසල් දෙකක් පමණකි. නමුත් 1900 වන විට පාසල් ගණන 133 දක්වා වර්ධනය වීම මිෂනාරි ව්‍යාපාරයේ තවත් එක් යහපත් පැතිකඩක් විය. යාපනයේ පළමු බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ සර් ෆෙඩි්‍රක් නෝත්‍ය. ඔහු සිරගත කර සිටි ලන්දේසි පූජකවරුන් නිදහස් කර පාසල්වල ඉගැන්වීම් කටයුතුවලට යොමුකළ අතර ඉන් පසු බලයට පත්වූ සර් තෝමස් මේට්ලන්ඩ් ‍යන අය අධ්‍යාපනය දිරිමත් කිරීමට තරම් උත්සුක වූ අය නොවීය.

කෙසේ හෝ 1816 වනවිට දොස්තර ඩැනියල් පුවර් හා වෝරේන් විසින් තෙල්ලිපලෙයි හා මල්ලාහම් ආශ්‍රිතව මිෂනාරි ප්‍රාථමික පාසල් දෙකක් ආරම්භ කළහ. ඒවා අදටත් ක්‍රියාත්මක වන පාසල්‍ය. ඒවා නම් මල්ලාහම්හි කලානිති තන්ගම්මා අප්පාකුට්ටි කනිෂ්ඨ විද්‍යාලය හා තෙල්ලිපලෙයි තාන්තෙයි චෙල්වා පාසලය. කාන්තා නියෝජනය වෙනුවෙන් යාපනේ පරිසරයේ එතරම් අවස්ථාවක් නොවීය. ඒ නිසාම හැරියට් වින්ස්ලෝ මහත්මියගේ පුරෝගාමිත්වයෙන් (Harriet Winslow) උඩුවිල් කාන්තා මිෂනාරි පාසල ආරම්භ විය. ඔය අතරම කුලවත් වංශවල උදවියට වෙන්වූ විශේෂ පාසල් (තින්නායි පල්ලීකූඩම්) සමූහයක්ද විය. ඒවා පහත් කුලයේ උදවියට විවෘත නොවීය. 1821 වන විට ද්විතීක අධ්‍යාපනය ලබා දීමට තෙල්ලිපලෙයි ආශ්‍රිතව පාසලක් ආරම්භ විය. එම පාසල යුනිවර්සිටි කොලීජියක් හා සමාන වූ වඩ්ඩුක්කොටෙයිහි බැට්ටිකෝටා සෙමනේරියට අවශ්‍ය අධ්‍යාපන මට්ටමේ සිසුහු බිහි කළහ.

1823 වර්ෂයේ බැට්ටිකෝටා නමින් යාපනේ ආරම්භ වූ තෘතීක අධ්‍යාපනික ආයතනය සිලෝන්හි අධ්‍යාපන පුනර්ජීවනයේ තවත් එක් සංධිස්ථානයක් විය. එහි ගණිතය, විද්‍යාව, බටහිර පර්යේෂණ හා තාරකා විද්‍යාව ආදී විෂයන් ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකළේය. දාර්ශනිකයන්, ගත්කතුවරුන් මෙන්ම බහුවිධ විශාරදයන් බොහොමයක් බිහිවිය. ඔවුන් දමිළ සාහිත්‍ය හා භාෂාවේ පුනර්ජීවයට ග්‍රන්ථ ගණනාවක් රචනා කරන ලදී. ඒ අතරින් බිහිවූ බහුවිධ විශාරදයෙක් නම් ‘මෝනින් ස්ටාර්’ නම් පුවත්පතේ පළමු කර්තෘවූ හෙන්රි මාටින්‍ (Hendry Martyn)ය.

1872 වන විටත් මිෂනාරි අධ්‍යාපනය තවදුරටත් ප්‍රචලිත වෙමින් ජැෆ්නා කොලීජිය බිහිවිය.

රෝහල්, ඩිස්පෙන්සරි, මෙඩිකල් කෝලීජ

මිෂනාරි ව්‍යාපාරයේ තවත් පැතිකඩක් වූයේ දේශීය වෛද්‍ය විද්‍යාව වෙනුවට බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වා දීමයි. ඒ අනුව දකුණු ආසියාවේ ප්‍රථම රෝහල හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය වූ මනිපායි ග්‍රීන් රෝහල දොස්තර සැමුවෙල් ග්‍රීන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූයේය. ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය, පළමු ඇමෙරිකානු මිෂනාරි වෛද්‍යවරයා වූ වෛද්‍ය ජෝන් ස්කඩර්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූයේද යාපනයේ පන්ඩතිරිප්පුහිය. එපමණක් නොව ලංකාවේ පළමු වෛද්‍යවරිය වූ වෛද්‍ය මේරි ස්කොට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ග්‍රීන් මිෂනාරි රෝහල ආරම්භ කර වසර විස්සකට පසු ලංකාවේ පළමු හෙද විදුහල ඇරඹුණේත් යාපනේ මනිපායි ප්‍රදේශයේය.

1880 කාලවකවානුව වනවිට ගර්භණී මවුවරුන්ගේ සෞඛ්‍ය පිරිහී පැවති යුගයක මිෂනාරි ව්‍යාපාරයෙන් ඉවත්වී ලන්ඩන් මෙඩිකල් මිෂනාරි ව්‍යාපාරයට එකතු වී පුහුණුව ලබා යාපනය ආශ්‍රිතව මාතෘ සායනයක් ආරම්භ කිරීමට මේරි හා මාග්‍රට් ලෙයිච් සොහොයුරියන් (Mary and Margret Leitch sisters) කටයුතු කළහ. අදටත් කන්කසන්තුරේ පාරේ ඉනුවිල් ප්‍රදේශයේ වූ මැක්ලොයිඩ් රෝහල ඔවුන්ගේ කැපවීමේ ජීවමාන සාක්ෂි වේ.

යාපනයේ මුද්‍රණාලය

ඇමෙරිකානු මිෂනාරීන් යාපනයට පැමිණියේ අධ්‍යාපනය ශිෂ්ටාචාරය හා පුස්තකයන්ගෙන් මනා සේ පෝෂණය වූ බොහෝ විද්වතුන් බිහිවූ බොස්ටන්හි මැසචුසෙට් සිටය. ඔවුන්ගේ ආගමනයට පෙර මුද්‍රණය කළ පොත්පත් කිසිවක් නොතිබීම නිසා 1820 වර්ෂයේ සිට බොස්ටන් සිට යාපනය දක්වා මුද්‍රණ යන්ත්‍ර හා තාක්ෂණික ශිල්පීන් එවන ලදී. නමුත් මුද්‍රණාලයක් ආරම්භ කිරීමට එඩ්වඩ් බාන්ස්ගේ පැවති විරෝධය හේතුවෙන් එම මුද්‍රණ යන්ත්‍රය නල්ලූර්හි ඇන්ජිලිකන් මිෂනාරි වූ ජෝසප් නයිට්ට විකුණන ලදී. බාන්ස්ගේ ක්‍රියාකලාපයන් බැට්ටිකෝටා සෙමනේරියටද බලපෑවේය.

කෙසේ හෝ යාපනයට නැවත පොත් හා මුල් වූ සංස්කෘතියක් සමීප කිරීමට 1834 වර්ෂයේ ඊයිස්ට්මන් (Eastman) සමත් විය. ඔහු ඇමෙරිකාවේ සිට මුද්‍රණාලයක් ස්ථාපනය කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණියේය. ඔහු මනිපායිහි සේවකයන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් එක්කරගනිමින් මුද්‍රණාලය පවත්වාගෙන ගියේය.

මෝනින් ස්ටාර් පුවත්පත

මිෂනාරිවරුන් බොහෝ සේ කියවීමට හා ලිවීමට ළැදි පාර්ශ්වයක් වූ නිසාවෙන් පුවත්පතක අවශ්‍යතාවද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1841 වර්ෂයේ දකුණු ආසියාවේ දෙවැනි දමිළ හා ඉංග්‍රීසි පුවත්පත ලෙස උදය තාරකී නොහොත් මෝනින් ස්ටාර් පුවත්පත ප්‍රකාශයට පත්විය. එහි කර්තෘ මණ්ඩලය වූයේ බැට්ටිකෝටා සෙමනේරියේ විද්‍යාර්ථයන් වූ හෙන්රි මාටින් හා සෙත් පේසන් උඩයාර් යන පිරිසය. ඔවුහු පිළිවෙළින් ඉංග්‍රීසි හා දමිළ කර්තෘන් ලෙස සේවය කළහ.

ඉංග්‍රීසි ශබ්දකෝෂ

ඇමෙරිකානු මිෂනාරි ලංකාවට පැමිණි කාලසීමාවේ ශබ්දකෝෂ කිසිවක් නොතිබුණි. එක වචනයකට සමාන බොහෝ වචන භාවිත කිරීම පුරුද්දක් කරගත් නිසා ශබ්දකෝෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවී තිබිණි. නමුත් මේ සඳහා මූලික පියවර තබා තිබුණේ එවකට නල්ලූර්හි ඇන්ජිලිකන් මිෂනාරි වූ ජෝසප් නයිට්ය. ඔහු දෙමළ ඉංග්‍රීසි ශබ්දකෝෂය නිර්මාණය කිරීම අවසන් කිරීමට මත්තෙන් ජීවිතය නිමා කළ නිසා එහි වගකීම ඇමෙරිකානු මිෂනාරීන් සතු විය.

වගකීම බාරගත් ලෙවී ස්පෝල්ඩින් (Levi Spaulding) වචන 58,500ක් අඩංගු කරමින් ශබ්දකෝෂයක් නිර්මාණය කළ අතර එය 1842 වර්ෂයේ මනිපායි මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදී. මෙය ලෙවී ස්පෝල්ඩින්ගේ ශබ්දකෝෂය, මනිපායි ශබ්දකෝෂය හා යාපනයේ ශබ්දකෝෂය ලෙස හඳුන්වා ඇත. මෙසේ ක්ෂේත්‍ර ගණනාවකින් යාපනය පෝෂණය කළ ඇමෙරිකානු නදිය කුලභේදය, අධික උෂ්ණත්වය නිසා ඇතිවූ සෞඛ්‍ය ගැටලු හා හින්දු සංස්කෘතිය මුල්කරගත් කාරණා හේතුවෙන් සිඳීගියේ ඇමෙරිකානු මිෂනාරි ව්‍යාපාරයේ ජීවමාන සාක්ෂි අදටත් ශේෂ කරමිනි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

සංගාගේ බිරිඳ අරගල වේදිකාවට නගී! (VIDEO)

Next Post

ගෝඨා පන්නන තරුණ අරගලයට මාසයයි! අරගල නායකයො මහ රෑ කේක් කපා ජය සැමරුවේ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.