• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව ඉරානයට ගහන්න ඔන්න මෙන්න කියා තියෙද්දී අමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ කමාන්ඩර් කේලර් හදිසියේම ලංකාවට ආවේ ඇයි? I Sri Lanka Latest News

February 20, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
අමෙරිකාව ඉරානයට ගහන්න ඔන්න මෙන්න කියා තියෙද්දී අමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ කමාන්ඩර් කේලර් හදිසියේම ලංකාවට ආවේ ඇයි? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ: 19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි.Sri Lanka Latest News

ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය.

අද්මිරාල් කේලර් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර රජයේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමග සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ පොදු වටිනාකම් පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ, ඇමෙරිකාව ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට මත පළවන පසුබිමක ය.

‘උපායමාර්ගිකව ශ්‍රී ලංකාව අපට වැදගත්’

අද්මිරාල් කේලර්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර, 2024 වසරේදී ද ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ලොව විශාලතම නාවික හමුදා බලඇණි විධානය වන ඇමෙරිකා පැසිෆික් නාවික බලඇණිය ලෝකයේ අඩකට ආසන්න මුහුදු කලාපයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන බව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ගෝලීය සමුද්‍රීය මාර්ග එකිනෙක හමුවන මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාව ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරන බවත්, තව ද එය නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා පවතින දිගුකාලීන හවුල්කාරී කැපවීම තහවුරු කර සිටින බවත් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරීවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආරක්ෂක හවුල්කාරිත්වය සහ හවුල්කරුවන්ගේ වෘත්තීයභාවය හා හැකියාව පිළිබඳ පවතින අපගේ විශ්වාසය නැවත තහවුරු කරන බවත්, සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ සිට දේශසීමා ඉක්මවමින් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම දක්වා, පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමග ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව කටයුතු කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද්මිරාල් ස්ටීව් කේලර් යනු කවුද?

අද්මිරාල් ස්ටීව් කේලර් 1986 වසරේදී බෝල්ඩර්හි පිහිටි කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර, එහිදී ඔහු නාවික සංචිත නිලධාරී පුහුණු බළකාය හරහා අධිකාරී නිලයට පත්වීම් ලැබුවේ ය.

1989 මාර්තු මාසයේදී නාවික ගුවන් නියමුවෙකු ලෙස පත්වීම් ලැබූ ඔහු, F-14 ටොම්කැට් සහ F-18 සුපර් හොර්න්ට් ගුවන් යානාවල පැය 3,900කට වඩා පියාසර කර ඇති අතර, ගුවන් යානා ප්‍රවාහන නෞකා මත ගොඩබෑමේ වාර 600ක් ද සිදු කර ඇත.

අද්මිරාල් ස්ටීව් කේලර් නාවික යුද විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇති අතර ඒකාබද්ධ මාණ්ඩලික විද්‍යාලයේ සහ නාවික හමුදා න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනේ උපාධිධාරියෙකු ද වේ.

ඔහුගේ සේවා කාලයේදී නාවික ප්‍රහාරක බලඝණ සමග සේවය කර ඇති අතර, USS කාල් වින්සන් නෞකාවෙහි විධායක නිලධාරියෙකු ලෙසත්, USS බැටාන්, USS ඩ්වයිට් ඩී. අයිසන්හවර් සහ 09 වන ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරිවරයා ලෙසත් කටයුතු කර ඇත.

මෙම මෙහෙයුම් අතරතුර අද්මිරාල් ස්ටීව් කේලර් මැද පෙරදිග, බොස්නියා-හර්සගොවිනියා සහ ලිබියාවේ මෙහෙයුම් සඳහා සහය වූ ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝර්ම්, සදර්න් වොච්, ඉරාක් ෆ්රිඩම්, ඉන්හෙරන්ට් රිසොල්ව්, ෆ්රිඩම්’ස් සෙන්ටිනෙල්, ඩෙලිබරේට් ගාර්ඩ් සහ යුනිෆයිඩ් ප්‍රෝටෙක්ට්ර් යන මෙහෙයුම් සඳහා ද, හයිටි රාජ්‍යයේ හදිසි ආපදා සහන සැලසීමේ ඒකාබද්ධ ප්‍රතිචාර මෙහෙයුම සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ මෙහෙයුම් සඳහාද දායක වී තිබේ.

එමෙන් ම, ගොඩබිම් සේවා කාලයේදී අප්‍රිකා ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ මාණ්ඩලික ප්‍රධානියා ලෙසත්, ඉන්දු-පැසිෆික් විධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ එහි නියෝජ්‍ය අණදෙන නිලධාරී තනතුර ද ඇතුළුව ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක් ද දරා ඇත.

2024 අප්‍රේල් 4 වන දින අද්මිරාල් ස්ටීව් කේලර් ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගත්තේ ය.

BBC සිංහල

SendShareShare
Previous Post

බුදුදහමට එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරන මහා සඟ සමුළුව අද කොළඹදී! මහජන පෙත්සමකට අත්සන් තියන්නත් පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණ දෙන නිලධාරියා ලංකාවට! ආරක්ෂක ලේකම් සමග විශේෂ සාකච්ඡාවක්! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.