• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රේමදාස අගමැතිතුමා මාව බෙල්ලෙන් අල්ලලා මේසේ යටට තල්ලු කළා’ ඇයි ජේ.ආර්. මෙහෙම දෙයක් ප්‍රසිද්ධියේ කිව්වේ? Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ප්‍රේමදාස අගමැතිතුමා මාව බෙල්ලෙන් අල්ලලා මේසේ යටට තල්ලු කළා’ ඇයි ජේ.ආර්. මෙහෙම දෙයක් ප්‍රසිද්ධියේ කිව්වේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාව ඝාතනය කිරීමට අවස්ථා තුනකදී විවිධ කණ්ඩායම් විසින් උත්සාහ දැරූ අන්දම, ජයවර්ධන මහතා උත්සව සභාවකදී හෙළිකළ අන්දම පහත දැක්වේ. Sri Lanka Latest News

‘මහාසංඝයා වහන්සේලාගෙන් අවසරයි. ඇමැතිවරුනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි. තමුන්නාන්සේලාට මහපොළ සම්බන්ධයෙන් විස්තර රාශියක් අහගන්න ලැබුණා. ඒ නිසා මම ඒ සම්බන්ධ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගේ කතාවෙන් අදහසක් මගේ කතාවේ මාතෘකාවේ හැටියට මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කිව්වා එතුමා අද මේ වේදිකාවේ කතාකරන කාරණාව වාසනාවන්ත කාරණාවක් හැටියට අපි බලාපොරොත්තු වෙන කාරණාවක් හැටියට පිළිගන්න වුවමනායි කියලා. එතුමා කතා කෙරුවේ අගෝස්තු මාසේ රාජ්‍ය පක්ෂයේ පාර්ලිමේන්තුවේ සභා රැස්වෙන කාලේ බෝම්බ දෙකක් පුපුරලා එතුමාට බරපතළ තුවාල ඒ වෙලාවේ භුක්ති විඳින්න සිදුවුණ නිසයි. එතුමා සහ තවත් කීපදෙනකුටත් ඒ බරපතළ තුවාල භුක්ති විඳින්න සිද්ධ වුණා. දෙන්නෙක් මරණයට පත්වුණා. අබේවික්‍රම දිසා ඇමැතිතුමත්, අපේ කණ්ඩායමේ ලේකම් මහත්මයෙකුත්. තවත් හුඟාක් දෙනකුට තුවාල වුණා. මට කිසි තුවාලයක් වුණේ නැහැ. ඒකත් පුදුමයක්.

මම දන්නේ නෑ බෝම්බ දෙකක් ගැහුවා කියලා. පුපුරනවත් ඇහුණේ නෑ. මගේ කතාව කරන්න මම පාර බලාගෙන ඉන්නකොට හදිසියේ අගමැතිතුමා මාව බෙල්ලෙන් අල්ලලා මේසය යටට තල්ලු කෙරුවා. මම හිතුවා මොකද මේ, මෙහෙම බැරිවෙලාවත් වෙන්න හොඳ නෑ ජනාධිපතිවරයෙකුට, මම එකපාරටම නැගිට්ටා. මම දන්නේ නෑ මට පිටිපස්සේ එක්කෙනෙක් මැරිලා වැටිලා ඉන්නවා කියලා. මම දන්නේ නෑ ඇතුලත්මුදලි ඇමැතිතුමාට බරපතළ තුවාල භුක්ති විඳින්න සිද්ධ වුණා කියලා. මම දන්නේ නෑ බෝම්බ දෙකක් පිපිරුණා කියලා. මම දන්නේ නෑ අබේවික්‍රම මහත්තයා මරණයට පත්වෙලා තියෙන බව. ඔක්කොම මන්ත්‍රීවරු මාව වටකරගෙන මාව එළියට තල්ලු කරගෙන ගියා. මම දැක්කා ලේ ගඟක් වාගේ සිමෙන්තියේ ගලනවා. එතකොටයි මම ඇහුවේ මොකක්ද වුණේ කියලා. මම දැක්කා ඇතුලත්මුදලි ඇමැතිතුමා සිහිය නැතුව මෝටර් රථයක දමාගෙන ඉස්පිරිතාලෙට අරගෙන යනවා. ඊට පස්සේ මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ මන්ත්‍රීවරු දැක්කා. මුන්නැහැට ශල්‍යකර්මයක් කරලා වාසනාවන්ත විදියට ජීවත් වුණා. ඒ, මාව මරන්න අදහස් කරපු තුන්වැනි වතාව. පළමු වතාව නුවර ගමන කාලේ. නුවරට අපි ඇවිදින්න බලාපොරොත්තු වුණා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව.
කැලණිය පාලම ළඟදී අපිට බෝම්බ ගැහුවා. පෑලියගොඩදී ගල් ගැහුවා. කඩවතදී ගල් ගැහුවා. ලොකු ගලක් මගෙ කර උඩට වැටුණා. නමුත් වාසනාවකට ඔළුව බේරුණා. ඒ පළමුවැනි වතාව 1958. දෙවැනි වතාව 1976 දී පර්සි සමරවීර මහත්මයාගේ කොට්ඨාස සභාවට යනකොට එතුමා ජීප් එකේ ඉස්සරහා වාඩිවෙලා හිටියා. මම පිටිපස්සේ වාඩිවෙලා හිටියා. අපිට ගල් ගහන්න පටන් ගත්තා. ඒ කාලේ පොලිසිය අපිට ගල් ගැහීම නැවැත්තුවෙ නෑ. පර්සි සමරවීර මහත්තයා වහාම බැස්සා. බැස්සාම ලොකු ගලක් වැදුණා එතුමාගේ ඔළුවට. මම හිටියේ පිටිපස්සේ. එතුමාගේ හිසේ කටුව පිපිරුවා. ලේ පෙරාගෙන ඉන්නැද්දී අපි එතුමාව යැව්වා බදුල්ල ඉස්පිරිතාලෙට. කොළඹ බැරි නිසා එතැනින් මැඩ්රාස් රෝහලට යැව්වා. එතැන ගිහිල්ලා අලුත් කටුවක් දාලා මැහුවා. අද එතුමා සුවවෙලා මෙතැනට ඇවිල්ලා ඉන්නවා. ඒ ගල මගෙ ඔළුවට වැදුණා නම් මගේ කටුවත් කුඩුවෙනවා. ඒක දෙවැනි වතාව.

තුන්වැනි වතාව පාර්ලිමේන්තුවේ. තවත් ඔහොම කී වතාවක් කරයිද කියලා මම දන්නේ නෑ. නමුත් එංගලන්තේ කතාවක් තියෙනවා රොබට් බෲස් තුන්වතාවක් මරන්න හැදුවලු, ඒත් මරන්න බැරි වුණාලු. ඊට පස්සේ මරන්න බැහැ කියලා මට ආරංචියි. ඒ කෙසේ වුණත් කමක් නෑ. මම මේ කාරණාව කියන්නේ අද තියෙන තත්ත්වය ගැන තමුන්නාන්සේලාට වචන ස්වල්පයක් කතා කරන්න. අපිව මරන්න පමණක් නොවෙයි උත්සාහ ගන්නේ. අපිව මැරුවට අපේ දර්ශනය මරන්න බෑ. අපිව මැරුවට අපේ පක්ෂය මරන්න බෑ. අපිව මැරුවට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය නැතිවෙන්නේ නෑ. නැතිවෙන්න දෙන්න හොඳ නෑ. අපිව මරන උදවියට ජය ලබාගැනීමට ඉඩක් දෙන්න හොඳ නෑ. ඒකයි මේ මහපොළෙන් උගන්වන්නේ. එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. නිදහස. කතාකරන්න තියෙන නිදහස. බණ්ඩාරනායක මැතිනියට වගේ කතාකරන්න තියෙන නිදහස. විපක්ෂයේ පාර්ලිමේන්තු එන්න තියෙන නිදහස. විපක්ෂයට ඉදිරිපත් වෙන්න තියෙන නිදහස. ප්‍රවෘත්ති පත්‍රවලට ඕනෙම බොරුවක් ලියන්න තියෙන නිදහස. ඒ නිදහස තමයි අපි මේ රටට ඇතිකරලා දුන්නේ. මේ කොට්ඨාසයේ හිටපු ඩී.එස්. සේනානායක අගමැතිතුමා, එක්සත් ජාතික පක්ෂය මේ නිදහස තමයි අපි ආරක්ෂා කරන්නේ. ජීවතුන් අතර හිටියත්, මරණයට පත්වුණත් මේ රටේ ආරක්ෂා කරන්න ඕනේ. මේවා ආරක්ෂා කරන්න වටිනා ප්‍රතිපත්තියක් නිදහස.’

(තිස්ස අත්තනායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පළකරන ලද වීඩියෝවකිනි)

SendShareShare
Previous Post

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

Next Post

කොඩිගහ යට බලය කාටද? මාලිමාවටද? විපක්ෂයටද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.