• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැයි 14 සහ 18 දිනවල සිදුවන ගුරු – රාහු ග්‍රහ මාරුව ඔබගේ ලග්නවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ විග්‍රහයක්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා විසින් සිය යූටියුබ් නාලිකාවට ඉදිරිපත් කර තිබෙනවා. පහත පළවන්නේ එම ජ්‍යොතිෂ විද්‍යානුකූල පුරෝකථනයයි. Sri Lanka Latest News

ඔබ දන්නවා මැයි 14 සහ 18 දින දෙකේදී ඉතා වැදගත් ග්‍රහ මාරු තුනක් සිදුවෙනවා. පළමු එක විදියට සිදුවෙන්නේ ගුරු ග්‍රහයාගේ මාරුව. දෙවැනි එක එකවිට සිදුවෙන්නේ 18 වැනිදා රාහු සහ කේතු ග්‍රහයෝ දෙදෙනාම මාරු වෙනවා. ඒ අනුව එක ළඟ ඉතා වැදගත් ග්‍රහ මාරු 3ක් සිදුවෙනවා. නමුත් බොහෝ විට බොහෝ අය කතා කරන්නේ රාහුගේ මාරුව ගැන. නමුත් මෙතැන ග්‍රහයෝ තුනක් ඉන්නවා. මේ දේවල් සිදුවෙන්නේ ළඟ ළඟ දිනවල. අපි මෙතැන් සිට උත්සාහ කරන්නේ මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා මේ ග්‍රහ මාරු ත්‍රිත්වය ඔබේ ජීවිතයට මොන ආකාරයේ වෙනසක් සිදුකිරීමට සමත් වන්නේද, සිදුවෙනන්නට නියමිත යම් අහිතකර දෙයක් වේනම් එය වළක්වා ගන්නේ කෙසේද, හොඳ දෙයක් සිදුවෙනවා නම් එය වැඩිදියුණු කරගන්නේ කොහොමද කියන විශ්ලේෂණයක නිරත වෙන්න. අපි ඒ ලග්න පලාපලයට යොමුවෙමු.

මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 11 වැන්න වූ ඊසාන දිශාවටත්, 3 වැන්න වූ ගිනිකොන දිශාවටත්, 5 වැන්න වූ නිරිත දිශාවටත් තමයි ග්‍රහයන් තුන්දෙනා මාරු වෙන්නේ. ඒ අනුව රාහු ග්‍රහයා 11 වැන්නේ, ගුරු 3 වැන්නේ, කේතු 5 වැන්නේ ගමන් කරනවා. පැහැදිලිවම මේෂ ලග්න හිමියාට මේක වාසිදායක අවස්ථාවක්. පළමු වැනි වාසිය අත්වෙන්නේ රැකියාවක්, වෘත්තියක්, ව්‍යාපාරයක් සොයමින් ඉන්න මේෂ ලග්න හිමියන්ට තමන්ගෙම ස්වෝත්සාහයෙන් ඒවා ආරම්භ කරන්න පුළුවන්. රැකියාවල යෙදී සිටින මේෂ ලග්න හිමියන්ට එහි අභිවෘද්ධියක්, උසස්වීම්, රැකියා තහවුරු වීම්, වැඩි වැටුප් හා වරප්‍රසාද ලබාගැනීමට හැකියාව තියෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේ, ක්‍රීඩාව, සමාජ නායකත්වය ගන්නා මේෂ ලග්න හිමියන් ඒ වෙනුවෙන් අවස්ථාවක් සොයමින් හිටියා නම් ඔබට ඒ අවස්ථාව මැනැවින් ලබාදීලා තියෙනවා. කේතු ග්‍රහයාගෙන් පෙන්වන්නේ අධ්‍යාපනික වශයෙන් ලබන දියුණුව. ඕනෑම ගැඹුරු විෂයන් ඉගෙන ගැනීමට අපූරු හැකියාවක් ඇතිවෙනවා. හොඳ ස්මරණ ශක්තියකුත් තියෙනවා. මනසේ සමතුලනය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ලෞකික ජීවිතයට අවශ්‍ය මුදල් ආදී මූලික අවශ්‍යතාවනුත්, දැනුම බුද්ධි ප්‍රබෝධය ආදී වශයෙනුත් හොඳ සන්තෘෂ්ටියක් මේෂ ලග්න හිමියාට ලැබෙනවා. හැබැයි ගුරු ග්‍රහයා 3 වැන්නේ සහ ගිනිකොන දිශාවේ යන ගමන මේෂ ලග්න හිමියාගේ ශාරීරික සෞඛ්‍යයට ඒ තරම් සුබ නැහැ. දිගු කාලයක සිට බෙල්ල ආශ්‍රිත පීඩාවන්ගෙන් පෙළෙන අය සිටිනවා නම් ඒ අය පරිස්සම් වීම වැදගත් වෙනවා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමකට හෝ මෙරට සිටියදී හෝ අධ්‍යාපනය ලැබීමට බලාගෙන ඉන්න මේෂ ලග්න හිමියන්ට මේක අපූරු අවස්ථාවක්. විදේශ අධ්‍යාපනය ලබන්න, විදේශ ධනය ලබන්න සහ නොයෙකුත් ශාස්ත්‍රීය හෝ තාක්ෂණික පර්යේෂණ කරන්නත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ අනුව ගත්තාම 85%කට වැඩි ප්‍රමාණයක් මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ගුරු, රාහු, කේතු කියන ග්‍රහයන්ගේ මාරුව සුබදායක ලෙසටයි පෙළගැහිලා තියෙන්නේ.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රගේ ගුරු ග්‍රහයා 2 වැන්නේ, රාහු ග්‍රහයා 10 වැන්නේ, කේතු 4 වැන්නේ ගමන් කරනවා. මේක සුවිශේෂ ග්‍රහ පිහිටීමක්. රාහු ග්‍රහයාගේ 10 වැන්න කියන්නේ උතුරු දිශාව. ආලෝක මුදුන. වෘෂභ ලග්නයෙන් උපන් අයගේ රැකී රක්ෂාවලට, ව්‍යාපාර කටයුතු, සමාජ දේශපාලන කටයුතු, ක්‍රීඩා ආදියට පැහැදිලි කැපීපෙනෙන ජයග්‍රහණ ලබන්න පුළුවන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ජනප්‍රියත්වයක්, කලඑළියක්, මනා පෞරුෂයක් ඇතිව තමන්ගේ කටයුතු සංවිධාන කරගෙන, බොහෝ පිරිසකට නායකත්වය දෙමින්, තමන්ගේ ජීවනෝපාය සකස් කරගන්නත්, තවත් අයට රැකියා ලබාදෙන්නත් හැකියාව ඔබට තියෙනවා. කාලයකට පස්සේ ඔබට සමාජය ඉදිරියේ ඔබේ හැකියාවන් එළිදක්වන්නත්, ඒවායෙන් හොඳ ප්‍රතිලාභ ලබන්නත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. කේතු ග්‍රහයාගේ 4 වැන්නේ ගමනට බොහෝ අය බයවෙන්න පුළුවන්. නමුත් එවැනි බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. නිවාස හා ඉදිකිරීම් සම්බන්ධව වැරැදි මතයක් සමාජයේ තියෙනවා, කේතු 4 වැන්නට ආවාම එවැනි ඉදිකිරීමක් කරන්න බැහැ කියලා. නමුත් ඇත්තටම සිදුවෙන්නේ ඒකේ අනිත් පැත්ත. ලස්සන ගෙවල්, මනරම් වූ නිවාස ඉදිකරන්න ඔබට සිහිනයක් තිබුණා නම් කේතු ග්‍රහයාගේ 4 වැන්න විසින් ඔබට එවැනි ලස්සන දේපළ මිලට ගැනීමට හෝ එවැනි දේ ඉදිකිරීමට හෝ එවැනි වාසස්ථානවල වැඩිවශයෙන් පදිංචි වීමට හෝ අවකාශ ලබා දෙනවා. නමුත් ගුරු ග්‍රහයාගේ 2 වැන්නේ ගමන නම් ඔබට හිතකර නැහැ. විශේෂයෙන්ම තයිරොක්සින් ඌනතාව සම්බන්ධයෙන් හෝ තයිරොක්සින් අධික වීම සම්බන්ධයෙන් වන රෝගවලින් පීඩා විඳින අයට මේක බලපානවා. එවැනි අය බෙහෙවින් පරිස්සම් විය යුතු කාලයක්. සෞඛ්‍ය පැත්තට පමණයි අහිතකර බවක් තියෙන්නේ. නමුත් අධ්‍යාපනයේ ප්‍රාථමික අවස්ථාවේ සිට උසස් අධ්‍යාපනය දක්වා වූ ඕනෑම අදියරක ඉන්න වෘෂභ ලග්න හිමියෙකුට තමන්ගේ ශාස්ත්‍රීය හා තාක්ෂණ විෂයට අදාළ කටයුතු මැනැවින් සංවිධාන කොට ඉතා පිළිවෙළකට ඒවා ආරම්භ කරගෙන අවසානය දක්වාම සාක්ෂාත් කරගන්න ඉදිරි වසර දෙකක කාලය ඔබට හිතකරයි.

මිථුන ලග්න
මිථුන ලග්න හිමියන්ගේ නැගෙනහිර දිශාවට ගුරු ග්‍රහයා ගමන් කරනවා. ඒක ඉතා හිතකර තත්ත්වයක්. ඒ වගේම කේතු ග්‍රහයා 3 වැන්නටත්, රාහු ග්‍රහයා 9 වැන්නටත් ගමන් කරනවා. මේ පිහිටීම 50ට 50 තත්ත්වයක්. සාමාන්‍ය කියමනක් තියෙනවා ගුරු මිථුන ලග්නයට බාධක ග්‍රහයෙක් කියලා. නමුත් මම ඒක ඒ විදියට සලකන්නේ නෑ. මොනම ක්‍රමයක් යටතේ හෝ ගුරු වැනි ග්‍රහයකු නැගෙනහිර දිශාවේ ලග්නභාවයේ ගමන් කිරීම සුබදායක දෙයක් හැටියටයි අපි අර්ථකථනය කරන්නේ. ඒ අනුව පෞරුෂ සාධනය, අධ්‍යාපනය, ප්‍රේමය හා විවාහය, කල්ගත වූ විසඳාගත හැකි ගැටලු ඉතා ප්‍රබුද්ධව විසඳා ගැනීමටත්, උසස් අධ්‍යාපනයටත් මේ අවස්ථාව මැනැවින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
නමුත් රාහු ග්‍රහයාගේ 9 වැන්නේ ගමනත්, කේතු ග්‍රහයාගේ 3 වැන්නේ ගමනත් කියන ඒ අක්ෂය නම් ඔබට හිතකර නැහැ. විශේෂයෙන්ම ප්‍රේමය හා විවාහය, රැකියාව, ආදායම් මාර්ග, උසස් අධ්‍යාපනය කියන කටයුතුවල බරපතළ වෙනස්වීම් කරන්න මිථුන ලග්න හිමියාව පොලඹවනවා. උදාහරණයක් විදියට ගත්තොත් දැනට ඔබ රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් ඒ රැකියාව අතහැර යෑමට ඔබට මායාමය වශයෙන් මානසික ස්වභාවයක් හදනවා රස්සාව දාලා යන්නම කියලා. උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා නම් ඒ ආයතනය හෝ තෝරාගත් විෂය ධාරාව වෙනස් කිරීමට හිතක් පහළ කරනවා. මේ උගුලට හසුවුණොත් ඔබ ගන්නේ අසාර්ථක තීන්දුවක් වෙනවා. උසස් අධ්‍යාපනය හෝ රැකියාව සම්බන්ධයෙන්, ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙන් එවැනි තීරණ ගැනීම අනුවණ ක්‍රියාවක් විදියට සලකන්න පුළුවන්. එවැනි වැරැදි වැටහීම් ඇතිව වැඩකරන්න ගත්තොත් ඔබ අසීරුතාවට පත්වෙනවා. ඒ නිසා පොදුවේ මිථුන ලග්න හිමියන්ට දෙන්න තියෙන උපදෙස තමයි ඔබ කිසියම් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් ඉන්නවාද, එය දිගටම පවත්වාගෙන යන්න. අධ්‍යාපන ආයතනයක ඉගෙනගනිමින් සිටිනවා නම් ඒ දේම දිගටම පවත්වාගෙන යන්න. 2026 දෙසැම්බර් මාසය දක්වාම ඔබ දැනට කරගෙන යන පිළිවෙළ රැකගැනීම තමයි ඔබේ එකම ජයග්‍රහණය වෙන්නේ.

කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා 12 වැන්නේත්, කේතු 2 වැන්නේත්, රාහු 8 වැන්නේත් ගමන් කරනවා. මේක සුවිශේෂ අවස්ථාවක්. විශේෂයෙන්ම රාහු 8 වැන්නේ ගමන් කරද්දී කෙනකු තුළ ඉබේම බයක් ඇතිවෙනවා රාහු වගේ ග්‍රහයෙක් 8 වැන්නේ යනකොට මහා විනාශයන් වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ. ඔබගේ රැකියාවේ උසස්වීම් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් මේක. වෙළෙඳ ව්‍යාපාර, වෘත්තීන් කරන කෙනෙක් නම් ඒවායේ අපේක්ෂිත සහ අනපේක්ෂිත ලැබීම් වැඩිවර්ධනය වීම් බලාපොරොත්තු වෙන්න පුළුවන් අවස්ථාවක්. නමුත් සෞඛ්‍ය පැත්තෙන් යම් අනතුරක් තියෙනවා. ඔබ සහජයෙන්ම යම් යම් අසාත්මිකතාවන්ට ලක්වෙන කෙනෙක් නම්, ආහාර පාන ගැනීමේදීත්, විවිධ රසායනික ද්‍රව්‍ය පරිහරණය කිරීමේදීත්, සුරතල් සතුන් සමග කාලය ගතකිරීමේදීත් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම විවිධ පැළෑටි සහ කෘමි සතුන්ගෙන් ප්‍රවේසම් වීමත් වැදගත් වෙනවා. මේ මොහොතේ එවැනි හානියක් ඇතිවුණොත් ඔබට ඒක තරමක් බැරෑරුම් මට්ටමකට බලපාන්න පුළුවන්. ඒ වගේම ගින්දර, ගෑස්, විදුලිය එක්ක වැඩකරන අය, විකරණ තත්ත්වයන් සමග වැඩකරන අය ප්‍රවේසම් වීමත් වැදගත්. තමන්ට හුරුපුරුදු ආහාර රටාවක් පවත්වාගෙන යෑමත් වැදගත් වෙනවා.
කේතු ග්‍රහයාගේ 2 වැන්නේ ගමන අධ්‍යාපනයට ඉතාම හොඳයි. නමුත් සෞඛ්‍යාරක්ෂිතභාවය කෙරෙහි තර්ජනයක් තියෙනවා. උගුර, කන, නාසය, තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධව විවිධ රෝගයන්ගෙන් පීඩා විඳින කටක ලග්න හිමියන් සිටීනම් එය තමන්ගේ ආහාර පාන ගැනීමේ සිටම තමන්ගේ ජීවිතයේ සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි වැඩි පරිස්සමක් ඇතිකර ගැනීම වැදගත් වෙනවා.

ගුරු 12 වැන්නේ යන ගමන නරක නැහැ. අධ්‍යාපනික වශයෙනුත්, ආධ්‍යාත්මික වශයෙනුත් හරි පිරිච්ච ගතයකින් යුතුව කටයුතු කළමනාකරණය කරගන්න ඔබට අනර්ඝ අවස්ථාවක් ලැබෙනවා. කුමන වයසක හිටියත් ආගමික හෝ ආධ්‍යාත්මික නැඹුරුවක් සහිතව කටයුතු කරන අයට, භාවනාදී කටයුතු හොයන අයට හොඳ පිහිටීමක් හැටියට ගුරුගේ 12 වැන්නේ ගමන පෙන්නුම් කරනවා. ඒ වගේම විදේශ රටවල සංචාරය කරන්න කැමැති අයටත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

සිංහ ලග්නය
ගුරු ග්‍රහයා ගමන් කරන්නේ 11 වැන්නේ ඊසාන දිශාවේ. ඒක හොඳ ලක්ෂණයක්. ඊසාන වැනි දිශාවක ගුරු වැනි ග්‍රහයෙක් බලවත් වීම අධ්‍යාපනික වශයෙනුත් අධ්‍යාත්මික වශයෙනුත්, පෞරුෂ වශයෙනුත් ඉතා සාධනීය අවස්ථාවක්. උසස් අධ්‍යාපනයටත් මේක ඉතා හිතකරයි. කොටස් වෙළෙඳපළ, මූල්‍ය ආයෝජන හෝ එවැනි ව්‍යාපාර කටයුතුවල නිරත අයට අපේක්ෂිත හෝ අනපේක්ෂිත ආකාරයෙන් හොඳින් මුදල් ඉපයීමට අවස්ථාව තියෙනවා. බොහෝ උපායශීලීව තමන්ගේ මනස මෙහෙයවීමට හැකියාව තියෙනවා. හොඳ ඉවක් පහළ වෙනවා. ලාභයක් ගන්න පුළුවන් තැන පිළිබඳ ඉවක් පහළ වෙනවා. ඒක දක්ෂ මානසිකත්වයක්. එවැනි හැකියාවන් වැඩිදියුණු කරගන්න කැමැති අයටත්, ආධ්‍යාත්මික ඥානය වැඩිදියුණු කරගන්න කැමැති අයටත් ඉතා බුහුටි විදියට තමන්ගේ කාර්යසාධනය සාක්ෂාත් කරගන්න ගුරු මැනැවින් උදව් කරනවා.

හැබැයි කේතු ගමන් කරන්නේ නැගෙනහිරභාවයේ. රාහු ගමන් කරන්නේ බටහිර දිශාවේ 7 වැන්නේ. මේක තරමක් ප්‍රවේසම් වියයුතු අවස්ථාවක්. විවිධාකාර වූ මානසික පීඩන ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවෙන මානසික පීඩන සියල්ලක්ම සාධාරණ නැහැ. බොහෝ ඒවා තමන්ගේම මනස තුළින් හටගන්නා වූ මුළාවීම්. වැරැදි අවබෝධ බවට පත්වෙන්න පුළුවන්. ඒ වගේම විවාහ ජීවිත ගතකරන සිංහ ලග්න හිමියන්ට තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ කෙරෙහි සොයාබැලීමට තියෙන ඉඩකඩ අඩුවෙනවා. මේ අඩුවීම නිසා වැරැදි වැටහීම් හටගන්න පුළුවන්. ඒ බව සිංහ ලග්න හිමියා වටහා ගත්තා නම් ඒක දෝෂයක් වෙන්නේ නෑ. නමුත් හවුලේ කරන වෙළෙඳ ව්‍යාපාර, දේශපාලන, ගමන් බිමන් යෑම ආදී කටයුතුවලදී නම් සිංහ ලග්න හිමියා ප්‍රවේසම් වීම ඉතා වැදගත් වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම සිංහ ලග්න හිමියාටත් ගුරු, කේතු, රාහු ග්‍රහ මාරු තුනම 50ට 50 තත්ත්වයක තියෙන්නේ.

නමුත් රාහුගෙන් කේතුගෙන් ඇතිවෙන තරමක අහිතකර තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ තත්ත්වය 11 වැන්නේ පිහිටන ගුරුගේ ප්‍රඥාවන්තභාවයෙන් මගහරවා ගන්න පුළුවන්. දෝෂයක් හටගෙන තියෙනවා. ඒ දෝෂය නිවාරණය කරගැනීමේ හැකියාවත් කේන්ද්‍රය තුළින්ම ඔබට ලබාදීලා තියෙනවා.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු සහ කේතුත් ගුරුත් පිහිටන්නේ ඉතා බලවත් ස්ථානවල. රාහු ගමන් කරමින් යන්නේ 6 වැන්නේ. කේතු ගමන් කරන්නේ 12 වැන්නේ. ගුරු ගමන් කරන්නේ 10 වැන්නේ. 10 වැන්න කියන්නේ ආලෝක මුදුන උතුරු දිශාව. සමාජයත් එක්ක දේශපාලන වශයෙන් හෝ ව්‍යාපාරික වශයෙන් හෝ සමාජමය වශයෙන් හෝ නායකත්වය අරගෙන කටයුතු කරන කන්‍යා ලග්න හිමියන් ඉන්නවා නම්, ඔවුන් පහුගිය කාලයේ අත්කර ගත් ප්‍රතිඵලවලට වඩා ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කාලයක් උදාවෙනවා. ඔවුන් කෙරෙහි සමාජයේ ලොකු ආකර්ෂණයක්, පිළිගැනීමක් ඇතිවෙනවා. අධ්‍යාපනික ක්ෂේත්‍රයේදීත්, වෘත්තීය ක්ෂේත්‍රයේදීත් මේ පිළිගැනීම, නායකත්වය තරගයකින් තොරව ලබාගන්න පුළුවන්. ඒ වගේම තමන් කරන අධ්‍යාපනය ලැබීම්, රැකියාව ආදී සෑම කටයුත්තක්ම ක්‍රමානුකූලව ආරම්භ කරන්නත්, එය අවසානය දක්වාම මැනැවින් ඉෂ්ට කරන්නත් හැකියාව කන්‍යා ලග්න හිමියන්ට කාලෙකට පස්සේ උදාවෙලා තියෙනවා.

රාහු ඉන්නේ ඉතා බලවත් තැනක. එළඹෙන ඕනෑම අභියෝගයක් මැඬපවත්වා ගන්න 6 වැන්නේ ඉන්න රාහු ග්‍රහයා ඉතා අනර්ඝ සහායක් ලබා දෙනවා. විශේෂයෙන්ම තරගකාරී අවස්ථාවලදී ජයග්‍රහණය අරගෙන දෙනවා. ක්‍රීඩාව, දේශපාලන, ව්‍යාපාරික, තරග විභාග ආදියෙන් ජයග්‍රහණ ලබාදෙනවා. කාලයක් තිස්සේ යම් රෝගයකට ප්‍රතිකාර ලබමින් හිටියා නම් ඒ රෝගය සුවකර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පිරිස් පාලනය සම්බන්ධව, විදේශ මුදල් සම්බන්ධව, විදේශ භාෂා සම්බන්ධව කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මේ ප්‍රයෝජනය තවත් වැඩියි. දැනුම සහ ධනය මෙන්ම සමාජ ප්‍රාග්ධනය හොඳින් උපයන්න පුළුවන්. කේතු ග්‍රහයා ඉන්නේ ඊසාන දිශාවේ. කිසියම් කන්‍යා ලග්න හිමියෙක් උත්සාහ කරනවා නම් ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන්න, මේක තමයි ඒ සඳහා හොඳම අවස්ථාව. ඔහුට හෝ ඇයට අවශ්‍ය කරන ලෞකික දේවල් පහසුවෙන් සපුරාගන්න ඉඩ ලැබෙනවා. උසස් අධ්‍යාපනයටත් ඒ වගේ සුබදායක කාලයක් තමයි මේ උදාවෙන්නේ.

තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 5 වැන්න හෙවත් නිරිත දිශාවටත් රාහු ග්‍රහයාත්, වයඹ දිශාවට ගුරු ග්‍රහයාත්, ඊසාන දිශාවට කේතු ග්‍රහයාත් ගමන් කරනවා. මේක හරිම සංකීර්ණ ග්‍රහ පිහිටීමක්. ඒක තුලා ලග්න හිමියාට ඉදිරි වසර 2ක කාලයේදී දැනේවි තමන්ගේ සිතුවිලි සකස් වෙන්නේ කොයි තරම් විසිතුරු විදියටද කියන එක. එකිනෙකට පරස්පර ශක්තීන් තුනක් එක විට ක්‍රියාත්මක වෙනවා. මම මුලින්ම යනවා ඊසාන දිශාවේ පිහිටන කේතු ග්‍රහයාට. කේතු 11 වැන්නේ පිහිටීම පිළිබඳ කාලයක සිට තියෙන වැරැදි මතයක් තමයි ආර්ථික වශයෙන් සුබදායක නැහැ කියන එක. මුදල් උපයන්න අපහසුයි, ධනය නැතිවෙයි කියන එක. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. කේතු විසින් ඉතා සංවිධිත ආකාරයේ ධනය උපයන මාර්ග සකසා දෙනවා. ඒ දේවල් බොහෝ විට හරිම නිර්මාණශීලීයි සහ ප්‍රබුද්ධයි. ඒ වගේම අධ්‍යාපනික වශයෙනුත්, ආධ්‍යාත්මික පැත්තෙනුත් දේවල් ගවේෂණය කරන, හදාරන සියලු තුලා ලග්න හිමියන්ට කේතුගේ 11 වැන්නේ ගමන සුබ ලකුණක් විදියට භාවිතයට ගන්න පුළුවන්. රාහු ග්‍රහයාගේ 5 වැන්නේ ගමන ඒ තරම් සුබදායක වෙන්නේ නෑ.

ඉදිරි කාලයේදී කේතු ග්‍රහයා විසින් ඊසානදිග බලවත් කිරීමෙන් තුලා ලග්න හිමියාව ආධ්‍යාත්මික පැත්තටම ශාස්ත්‍රීය පර්යේෂණ පැත්තටම, අධ්‍යාපනික පැත්තටම තමා සහ ලෝකය පිළිබඳ හදාගන්න තල්ලු කරනවා. ඒක එහෙම පිටින්ම මනෝමය වශයෙන් කෙරෙන්නා වූ දෙයක්. ආධ්‍යාත්මික වශයෙන් කෙරෙන දෙයක්. ඒ දේට බාධාවක් වෙනවා වෙනත් තැන්වලට හිත විසිරෙන එක. එතකොට ඒ පැත්ත වැහිලා යනවා. ඒක වහන්න තමයි රාහු ග්‍රහයා 5 වැන්නේ ක්‍රියාත්මක වෙන්නේ. හැමෝම ආධ්‍යාත්මික මාර්ගයේ යන්නේ නෑ. නමුත් හැමෝම ලෞකික ජීවිතයක් ගතකරනවා. තුලා ලග්න හිමියන් ප්‍රවේසම් වෙන්න ඕනේ තමන්ගේ රැකියාව සම්බන්ධයෙන්. දැනට කරමින් ඉන්න රැකියාව, රැකියා ස්ථානය, රැකියාවේ ස්වභාවය හොඳ මදි, කරදර වැඩියි වගේ මායාමය මානසිකත්වයක් ඔවුන් තුළ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අඩුම තරමින් ඉදිරි වසර 2 පහුවෙන තුරු තමන් දැනට කරමින් ඉන්න රැකියාව වෙනස් නොකිරීම තමයි තුලා ලග්න හිමියා ලබන විශාලම ජයග්‍රහණය.

ප්‍රේමය හා විවාහය ගැන කතා කළොත්, බොහෝ සෙයින් එකිනෙකා ගැන සැකකිරීම්, දුරස් වීම් ඍජුව හා වක්‍රම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. උසස් අධ්‍යාපනය ලබන ආයතනය වෙනස් කිරීමට හිත යොමුවෙන්න පුළුවන්. ඒක නොකළ යුතු දෙයක්. තෝරාගත්ත අධ්‍යාපන ආයතනය, තෝරාගත්ත විෂය ධාරාව කොයි තරම් බාධා ආවත් වෙනස් නොකළ යුතුයි. වෙනසක් කළොත් එය කඩාවැටීමට හේතු යෙදෙනවා. නමුත් තුලා ලග්න හිමියාට මේ ඇතිවෙන අවදානමෙන් ගැළවෙන්න ඉතා ප්‍රශස්ත පිළියමක් ගුරු ගෙනල්ලා දෙනවා. 9 වැන්න කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක්. ඒ නිසා ඇතිවෙන්න පුළුවන් මායාමය තත්ත්වයන් ගැන අවබෝධයෙන් මේ අභියෝගය ජයග්‍රහණය කරන්නත්, ඉහළ වශයෙන් උසස් අධ්‍යාපනය ලබන්නත් හැකියාව තුලා ලග්න හිමියාට ලැබෙනවා. විදේශ ධනය, විදේශ දැනුම උපයන්න, විදේශගත වෙන්න බලාගෙන ඉන්න අයට ඒ කටයුතු සාර්ථක කරගන්න අවස්ථාව උදාවෙනවා.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ට සතුටු වෙන්නත්, ඒ වගේම පරිස්සම් වෙන්නත් හේතුසාධක තියෙනවා. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා ගමන් කරන්නේ වයඹ දිශාවේ 8 වැන්නේ. වෘශ්චික ලග්න හිමියාගේ කේන්ද්‍රයේ 2 වැන්න අධිපතියා තමයි ගුරු කියන්නේ. 8 වැන්නේ ගුරු ගමන් කරන නිසා පාරම්පරික වශයෙන් ජානගතව රුධිරගත සීනි වැඩිවීම, මේදය වැඩිවීම, අක්මාව, වකුගඩු ආශ්‍රිත රෝග, හෘදය සම්බන්ධ රෝග, කොඳුඇට පෙළේ යටි කොටස සම්බන්ධ රෝග, පරිවෘත්තීය ක්‍රියාවලියේ දෝෂවලින් පෙළෙන අය බොහෝ ප්‍රවේසම් විය යුතු කාලයක්. ඒ අයගේ ඒ රෝගාබාධ උත්සන්න කිරීමේ අවස්ථාවන් බහුල කරනවා. සාමාන්‍ය වෘශ්චික ලග්න හිමියෙක්ගේ වුණත් මේ කාලයේදී රුධිරගත මේදය හෝ සීනි වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ශරීරයේ තරබාරු බව ඇතිවෙන්නත් මේක හේතු වෙන්න පුළුවන්. ඒ ගැන හුඟක් ප්‍රවේසම් වෙන්න ඕනේ. නමුත් මේකේ වාසියකුත් තියෙනවා. වෙළෙඳ ව්‍යාපාර, කොටස් වෙළෙඳ ව්‍යාපාර වශයෙන් හෝ, මුදල් ආයෝජන කරන වෘශ්චික ලග්න හිමියන්ට අපේක්ෂිත සහ අනපේක්ෂිත කියන දෙපැත්තෙන්ම හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඒ වගේම ජ්‍යොතිෂය හෝ ආධ්‍යාත්මික විෂයන් හදාරන හෝ ඒවායේ නිරත වෘශ්චික ලග්න හිමියන්ට විශිෂ්ට හැකියාවන් පෙන්වන්න මේ ග්‍රහ පිහිටීම භාවිතයට ගන්න පුළුවන්.

දිගු කාලයක් තිස්සේ ඔබේ රැකියාව හෝ ව්‍යාපාරික පැත්තෙන් තිබුණු, ප්‍රේමය හෝ විවාහය පැත්තෙන් තිබුණු විශාල බාධාවක් ඉවත් වුණා රාහු ග්‍රහයා 5 වැන්නෙන් 4 වැන්නට ගිය නිසා. ඔබේ වෘත්තිය, උසස් අධ්‍යාපනය, විවාහය හා ප්‍රේමය ආදී කටයුතු හොඳින් සංවිධාන කරගෙන බාධා මැඬගෙන යන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. කේතු ග්‍රහයා ගමන් කරන්නේ 10 වැන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශවලට සම්බන්ධව කටයුතු කරන අය, පුරාවිද්‍යා කැණීම් කරන අය, ශාස්ත්‍රීය පර්යේෂණ කරන අයට අපූරු බුද්ධිමය ප්‍රතිභාවක් ලබලා දෙනවා සාමාන්‍ය කෙනකුට නොමැති ආකාරයේ. ඒ දැනුම මැනැවින් සංවිධාන කරගෙන, ඒක වෘත්තියක් විදියට පාවිච්චි කිරීමේ හැකියාවත් ලබාදෙනවා. රහස් පරීක්ෂක ක්ෂේත්‍රයේ හෝ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට මේක හරිම වටිනා අවස්ථාවක්. ඒ වගේම සෑම වෘශ්චික ලග්න හිමියෙක්ම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියන එකත් අවසාන වශයෙන් මතක් කරනවා.

ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ට මේ රාහු, කේතු සහ ගුරුගේ මාරුව සුවිශේෂ වෙනවා. ඔවුන්ගේ කේන්ද්‍රයේ රාහු ග්‍රහයා 3 වැන්නේ ගිනිකොන දිශාවේත්, ගුරු ග්‍රහයා බටහිර දිශාවේ 7 වැන්නේත්, කේතු ග්‍රහයා වයඹ දිශාවේ 9 වැන්නෙත් ගමන් කරනවා. මේ ග්‍රහයෝ තුන්දෙනාම ඉන්න ස්ථාන තුන බලවත්. සුබදායක ස්ථාන. රාහු ග්‍රහයාගේ 3 වැන්නේ ගමන නම් විශිෂ්ටයි. ඕනෑම තරගකාරී අවස්ථාවකින් ජයග්‍රහණය කිරීම විශේෂ අවස්ථාවක් මෙතැනින් ලබාගන්නවා. උසස් අධ්‍යාපනය, ව්‍යාපාරික ක්ෂේත්‍රය, සමාජ දේශපාලන ක්ෂේත්‍රය ආදී හැම එකකින්ම අනෙක් අයට වඩා කැපීපෙනෙන භූමිකාවක් ඉෂ්ට කරන්න ධනු ලග්න හිමියා වාසනාව ලබනවා. ඒ වගේම විදෙස්ගතව දැනුම හෝ ධනය ලබන්නත් හොඳ අවස්ථාවක්. සහජ හැකියාවන් එළිදක්වන්නත්, ඒවා ඔප්නංවාගෙන හොඳ වටිනාකමක් ලබාගන්නත් මේ ග්‍රහයාගේ පිහිටීම මැනැවින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

කේතු ග්‍රහයාගේ පිහිටීමෙන් පෙන්වන්නේ අධ්‍යාපනය, ආධ්‍යාත්මික ක්ෂේත්‍රය, ශාස්ත්‍රීය ප්‍රබෝධය. මේ සෑම දේකටම කේතු ග්‍රහයා 9 වැන්නේ සිටිමින් හොඳ සහායක් ලබාදෙනවා රාහු ග්‍රහයාට. පහුගිය කාලේ ධනු ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා ගමන් කළේ ඉතා අහිතකර තැනක් වන 6 වැන්නේ. ඒ අහිතකර ස්ථානයෙන් මිදිලා ගුරු 7 වැන්නට ඒම ජයග්‍රහණයක්. 7 වැන්නේ සිටින ගුරු විසින්, ප්‍රේමය හා විවාහය, හවුලේ ඇතිකරන ගිවිසුම්, උසස් අධ්‍යාපනය සහ තමන්ගේ සමාජමය සම්බන්ධතාවලදී අපූරු නායකත්ව හැකියාවන් ධනු ලග්න හිමියන්ට උදාකරලා දෙනවා. ඒවායින් ඉතා සාධාරණ, ප්‍රඥාවන්ත ප්‍රයෝජන ලබන්න හැකියාව තියෙනවා. මේ විදියට ගත්තාම ධනු ලග්න හිමියා දෙවැනි වෙන්නේ කන්‍යා ලග්න හිමියාට පමණයි. ආර්ථික, සමාජමය, අධ්‍යාපන සහ ආධ්‍යාත්මික වශයෙන් සෑහෙන මට්ටමේ ඉදිරියට ඒමක්, පිබිදීමක් ලබනවා. තමන්ගේම ව්‍යාපාර පටන් ගන්න තමන්ගේම සේවා සැපයීම් කරන්න, තමන්ගේ හැකියාවට තැනක් හොයමින් සිටියා නම් ඒ සියල්ල ලබාගන්න අවස්ථාවක් ලබාදෙනවා. ඒ අනුව ධනු ලග්න හිමියන්ගේ සෑම අංශයකටම සුබදායක කාලයක් උදාවෙනවා කියන එක කියන්න පුළුවන්.

මකර ලග්නය
මකර ලග්න හිමියාට මට දෙන්න තියෙන්නේ හොඳ ආරංචියක් නෙවෙයි. හොඳ ආරංචියක් නෙවෙයි කියන එකෙන් කියන්නේ මේක නරකයි කියන එක නෙවෙයි. මකර ලග්න බෙහෙවින්ම තමන්ගේ ශරීර සෞඛ්‍යයත්, ආර්ථික හැකියාවත් කෙරෙහි මනා වූ සෝදිසි කිරීමකින් කල්ගත කරන්න ඕනේ කාලයක් තමයි උදාවෙන්නේ. රාහු ග්‍රහයා 2 වැන්නේත්, ගුරු 6 වැන්නේත්, කේතු 8 වැන්නේත් ගමන් කරනවා. විශේෂයෙන්ම තයිරොක්සින්, උගුර කන නාසය සම්බන්ධව හෝ හෝමෝන ඌනතාවන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන මකර ලග්න හිමියන් සිටිනවා නම් ඒ අය ප්‍රවේසම් වෙන්න ඕනේ කාලයක්. විශේෂයෙන්ම තමන්ගේ ආහාර පාන ඇවතුම් පැවතුම් රටාව ගැන.
හවුලේ මූල්‍ය ගනුදෙනු කරන මකර ලග්න හිමියන් ඒ ගනුදෙනුවලදී හොඳ සෝදිසියකින් එවැනි එකඟතාවන්ට යන එක හොඳයි. නැත්නම් පාඩු ලබන්න පුළුවන්. යුග ජීවිතය සම්බන්ධයෙනුත් යම් යම් පසුබෑම් තත්ත්වයන් හටගන්න පුළුවන්. ඒ වගේම නරකම දේ තමයි ගුරු ග්‍රහයා 6 වැන්නේ යන ගමන. ඔබ පාරම්පරික වශයෙන් රුධිරගත සීනි, මේදය, ශරීරයේ අධික බර, ගර්භාෂගත රෝග, හෝමෝන ඌනතාවන් සම්බන්ධයෙන් පීඩා විඳිනවා නම් ඒ රෝග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්න. නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඒ වගේම ඔබේ ආහාර රටාව මැනැවින් පාලනය කරගන්න. ආහාර පාන ඇවතුම් පැවතුම්, ව්‍යායාම ආදියට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න. ඒ වගේම ඔබ සේවය කරන ස්ථානයේ ප්‍රධානියා සමග නිස්කාරණේ මතභේද හටගන්න කාලයක් තමයි උදාවෙන්නේ. ඔබගේ වරදකුත් නෑ, ඔහුගේ වරදකුත් නෑ. කාලය විසින් දෙපැත්ත අතර දුරස් බවක් හදනවා. මේක ඔබේ රැකියාවට සමාජමය සම්බන්ධතාවට බාධකයක් හැටියට මතුවෙනවා. ඒ ගැනත් විමසිලිමත් වෙන එක හොඳයි.

කේතු 8 වැන්නේ ගමන් කිරීම හේතුකොට ගෙන හැම විටම හිතට දැනෙන්න ගන්නවා තමන්ට මොකක් හෝ ලෙඩක් තියෙනවා කියලා. නමුත් ඇත්තටම ලෙඩක් නැතිවෙන්න පුළුවන්. ඒ වගේම හැම විටම අනෙකා දිහා සැකයෙන් බලන ගතියකුත් තියෙනවා. හදි හූනියම් ආදී ගුප්ත දේවල්වලින් තමන්ට පීඩාවක් කරලා තියෙනවා වගේ හැඟීමකින් අනෙකා දිහා සැකයෙන් බැලීමේ ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක පදනම් විරහිතයි. හැබැයි මේකේ වාසියකුත් තියෙනවා. එවැනි නක්ෂත්‍ර විද්‍යාව, අංක විද්‍යාව, ශාන්තිකර්ම ගැන, වාස්තු ශිල්පය වගේ විෂයන් ඉගෙනගන්න කැමැති අය ඉන්නවා නම්, ඒ අයට මේ අවස්ථාව හොඳයි. එවැනි ක්ෂේත්‍රයන්හි නිරත වෘත්තිකයන්ටත් අපූරු ඉවකින් වැඩකිරීමේ හැකියාව මේ කාලය තුළදී ලබාගන්න පුළුවන්. මකර ලග්න හිමියන් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැනත්, ධනය සහ මූල්‍ය හුවමාරුවලදීත්, බාහිර හා අභ්‍යන්තර සමාජ සම්බන්ධතාවලදීත්, රැකියා කටයුතුවලදීත් වෙනදාට වඩා තමාගේ අතින් සිදුවන අඩුපාඩු ගැන මෙනෙහි කරමින්, ඒවා හදාගැනීම සඳහා වැඩි කාලයක් යොමුකිරීම තමයි වැදගත් වෙන්නේ.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නභාවය වූ නැගෙනහිර දිශාවට රාහු ග්‍රහයාත්, බටහිර දිශාව වූ 7 වැන්නට කේතුත් ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා 5 වැන්නේ ගමන් කරනවා. මේක හරි අපූරු පිහිටීමක්. බොහෝ දෙනෙක් බයවෙනවා රාහු ග්‍රහයා ලග්නයට ආවාම. නමුත් කිසිසේත්ම බියවිය යුතු හේතුවෙක් නැහැ. කුම්භ රාශියට, කුම්භ ලග්න හිමියාට රාහු නරක ග්‍රහයෙක් නෙවෙයි. කුම්භ ලග්න හිමියන් ටිකක් හෙමිහිට තීන්දු ගන්න කෙනෙක්. ඒ ගතියට වඩා බොහොම ඉක්මන්කාරී ගතියක්, යම් වේගවත් ගතියක්, තීරණ ගැනීම හා තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳයි. ඒ හොඳ දේ තමයි කාලයක් තිස්සේ ගොඩගැසුණු වැඩ කෙටි කාලයකදී වේගයෙන් අවසන් කරගන්න පුළුවන් වීම. තීන්දුවක් ගන්න බැරිව ළතැවෙමින් හිටියා නම්, ඒ ගැන පහසුවෙන් තීන්දු ගන්න පුළුවන්. ඔබේ මෙතෙක් සැඟව තිබුණු සහජ හැකියාවන් ඔබට මැනැවින් එළිදක්වන්න අවස්ථාව ලැබෙනවා.

කේතු ග්‍රහයාගේ 7 වැන්නේ ගමන් කිරීම විවාහයට හොඳ නෑ කියලා මතයක් තියෙනවා. මේක ගෝචර ගමනක්. මේ ගෝචර ගමනේදී සිදුවෙන්නේ සමාජ සම්බන්ධතා, ප්‍රේමය හා විවාහය ආදී සබඳතා ස්ථාවර වීමක්. අඩමානෙට තිබුණු දේවල් තහවුරු වීම. ඒ වගේම ජීවිතයේ උසස් පුද්ගලයන් වැඩිපුර එකතු කරගන්නවා. ඉවත් කළ යුතු පුද්ගලයන් ඉබේටම ඉවත් වෙලා යනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම ත්‍රිකෝණස්ථානගත වෙච්ච ගුරු ඔබේ ජීවිතයට සෑහෙන මට්ටමේ උදව්වක් කරනවා. ඉගෙනගන්න කුම්භ ලග්න හිමියෙක් ඉන්නවා නම් ඒ අයගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙනුත් හොඳ යෝජනා ඇතිවෙනවා. හොඳ සම්බන්ධතා හටගන්නවා. ඒවා සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එතෙර දැනුම හෝ ධනය ලබන්න උත්සාහ කරන කුම්භ ලග්න හිමියන්ටත් මේ ගුරු ග්‍රහයාගේ ත්‍රිකෝණස්ථානගත වීම නිසා ලෞකික පැත්තෙන් ලබන ජයග්‍රහණ පහසුවෙන් ලබන්න පුළුවන්.

කුම්භ ලග්නයෙන් උපන් කාන්තාවක් ඉන්නවා නම් දරු සම්පත් අපේක්ෂාවෙන්, ඇයට හොඳ දරුවන් ලැබීමේ හැකියාවක් මේ අවස්ථාවේ ලැබෙනවා. ඒ අනුව ගත්තාම කුම්භ ලග්න හිමියාට චකිතයකින් තොරව තමන්ගේ සහජ හැකියාවන් ඔස්සේ හොඳ ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා දීලා තියෙනවා.

මීන ලග්නය
මීන ලග්න හිමියන්ට රාහු ග්‍රහයා ගමන් කරන්නේ 12 වැන්නේ ඊසාන දිශාවේ. කේතු ග්‍රහයා ගමන් කරන්නේ 6 වැන්නේ නිරිත දිශාවේ. ගුරු ගමන් කරන්නේ දකුණු දශාවේ 4 වැන්න. මේක සුවිශේෂ අවස්ථාවක්. කෙටියෙන්ම කියනවා නම් මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද රාහු වගේ ග්‍රහයෙක් ඊසාන වැනි දිශාවක ගමන් කරද්දී බොහෝ විට ඒ අය තුළ ඇතිවෙන ගුණධර්ම, යුක්තිගරුකභාවය වෙනුවට අනවශ්‍ය කලබලයක්, සංවරයක් නැතිවෙලා තමන්ගේ ප්‍රකෘති ස්වභාවයන්ටත් වඩා අප්‍රසාදයන්ට පත්වෙන සුලු දේවල් තමා තුළින් එළියට එනවා. ඒක සුබ නැහැ. ඒ වගේම නිධන්ගත රෝගයන්ගෙන් පෙළෙන අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන එක ඉතා සුදුසුයි.
ඒ පිහිටීම් දෙක තරමක් අඩමානසහගතව තිබුණත් එතෙර කටයුතු සඳහා නම් හොඳයි. ලංකාවෙන් පිට යෑමට, ධනය සෙවීමට, දැනුම සෙවීමට, රට රටවල් එක්ක එකතු වෙලා කටයුතු කිරීමට සුදුසු පසුබිමක් නිර්මාණය වෙනවා. එවැනි කටයුතු කරන අයට ආර්ථික වශයෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. එතැනදීත් ඉක්මන්කාරීභාවය හා ලාභ කෙරෙහි වැඩිපුර හිත යොමුකිරීම නිසා යම් යම් අපකීර්තියන්ට ලක්වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා ප්‍රවේසම් වෙන්න වෙනවා. නමුත් ගුරු ග්‍රහයාගේ ගමන ඉතා හොඳයි. ගුරු ගමන් කරන්නේ 4 වැන්නේ. රාහුගෙන් කේතුගෙන් ඇතිවෙන විෂමකාරී තත්ත්වයන් මැඬපවත්වාගෙන, තමන්ගේ හිත තුළ වැදගත්කමක් ඇතිකරගන්න හොඳ පුහුණුවක් මීන ලග්න හිමියාට ලැබෙනවා.

ගේදොර ඉඩකඩම් මිලට ගැනීමට හෝ විකිණීමට, එවැනි ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් එවැනි මීන ලග්න හිමියන්ට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙපාර්ශ්වයක් අතර, අතරමැදි කටයුතු කරන අයටත් උසස් ප්‍රතිඵල ළඟාකර ගන්න පුළුවන්. මීන ලග්න හිමියාට මේ වාසි අවාසි දෙකම තියෙනවා. ඒ දෙකම වටහාගෙන වාසිදායක තත්ත්වයන් වැඩිකොට ගෙන, අවාසිදායක තත්ත්වයන් මැඬපවත්වාගෙන යන්න ඔබට අවස්ථාව තියෙනවා.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්න යයි! I Sri Lanka Latest News

Next Post

‘ප්‍රේමදාස අගමැතිතුමා මාව බෙල්ලෙන් අල්ලලා මේසේ යටට තල්ලු කළා’ ඇයි ජේ.ආර්. මෙහෙම දෙයක් ප්‍රසිද්ධියේ කිව්වේ? Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.