• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ පාප්වහන්සේ කවුද? Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ඊළඟ පාප්වහන්සේ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊළඟ පාප්වහන්සේ කවුද? මෙම තීරණය කතෝලික පල්ලියට සහ ලොව පුරා බෞතීස්ම වූ බිලියන 1.4ක රෝමානු කතෝලිකයන්ට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. එය බොහෝ හේතු නිසා අතිශයින් අනපේක්ෂිත හා විවෘත ක්‍රියාවලියක් වීමට ඉඩ තිබේ. කාදිනල්වරුන්ගේ සංසදය, සිස්ටීන් දේවස්ථානයේදී රහස් සභාවක රැස්වී විවාද කර, තනි නමක් ලැබෙන තෙක් ඔවුන් කැමති අපේක්ෂකයින්ට ඡන්දය දෙනු ඇත.Sri Lanka Latest News

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්ම පත්කරන ලද කාදිනල්වරුන්ගෙන් 80%ක් සමගින්, ඔවුන් පළමු වරට පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම පමණක් නොව, පුළුල් ගෝලීය ඉදිරි දර්ශනයක් ද ලබාදෙනු ඇත.

ඉතිහාසයේ පළමු වතාවට, ඡන්දය ලබාදෙන කාදිනල්වරුන්ගෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක් යුරෝපීයයන් වනු ඇත. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පත්කරන ලද කාදිනල්වරුන් කාදිනල්වරුන්ගේ සංසදයේ ආධිපත්‍යය දැරුවද එය මුළුමනින්ම ‘ප්‍රගතිශීලී’ හෝ ‘සාම්ප්‍රදායික’ නොවේ. එවැනි හේතු නිසා, ඊළඟ පාප්වහන්සේ ලෙස තේරී පත්වන්නේ කවුරුන්ද යන්න අනාවැකි කීම කිසිදාට වඩා දුෂ්කරය.

කාදිනල්වරුන්ට අප්‍රිකානු හෝ ආසියානු පාප්වරයෙකු තෝරාපත් කරගත හැකිද, නැතහොත් වතිකාන පරිපාලනයේ පැරණි හස්තයකට පක්ෂපාතී විය හැකිද?

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අනුප්‍රාප්තිකයා විය හැකි කාදිනල්වරුන්ගේ නම් කිහිපයක් මෙහි දැක්වෙන අතර ඉදිරි දිනවලදී තවත් බොහෝ දේ දැනගැනීමට ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පියෙත්‍රෝ පරොලින්
ජාතිකත්වය – ඉතාලි
වයස – 70

මෘදු හඬක් ඇති ඉතාලි ජාතික කාදිනල් පරොලින්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යටතේ වතිකානයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර උන්වහන්සේ පාප්වහන්සේගේ ප්‍රධාන උපදේශකයා ලෙසද කටයුතු කළහ. නියෝජ්‍ය පාප් පදවියේ ඵලදායී ලෙස ක්‍රියා කළ උන්වහන්සේ, තරගයේ ඉදිරියේ සිටින්නකු ලෙස සැලකිය හැකිය.

උන්වහන්සේ කතෝලික ධර්මයේ පාරිශුද්ධභාවයට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවයට සහ ගෝලීය දෘෂ්ටියකට ප්‍රමුඛත්වය දීමට වැඩි ඉඩක් ඇති බවට ඇතැමුන් සලකති. උන්වහන්සේ විවේචනය කරන්නන් එය ගැටලුවක් ලෙස සලකන අතර උන්වහන්සේගේ ආධාරකරුවෝ එය ශක්තියක් ලෙස දකිති.
නමුත් ලොව පුරා සමලිංගික විවාහ නීතිගත කිරීම විවේචනය කර ඇති උන්වහන්සේ, 2015දී අයර්ලන්ත ජනරජයේ ඊට පක්ෂව ඓතිහාසික ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම ‘මනුෂ්‍යත්වයේ පරාජයක්’ ලෙස හැඳින්වූහ.

උන්වහන්සේ පාප් පදවියට පත්වනු ඇතැයි ඇතැමකු අපේක්ෂා කළද පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අවිනිශ්චිතභාවය අවධාරණය කරන පැරණි ඉතාලි කියමනක් පරොලින් කාදිනල් හිමි හොඳින් දනිති. ‘පාප්වරයෙකු ලෙස යමෙකු රහස් සභාවට ඇතුළු වන්නේ ද, ඔහු ඉන් පිටව යන්නේ කාදිනල්වරයෙකු ලෙසය.’

පෙර පාප්වරුන් 266 දෙනාගෙන් 213 දෙනකු පමණ ඉතාලි ජාතිකයන් වූ අතර, වසර 40ක් තුළ ඉතාලි පාප්වරයකු නොසිටියද, ඉතාලියෙන් සහ යුරෝපයෙන් ඈත්වූ පල්ලියේ ඉහළ ස්ථරවල අවධානය වෙනත් කලාපවලට යොමුවීමෙන් අදහස් වන්නේ දැනට තවත් අයෙකු නොමැති විය හැකි බවය.

ලුයිස් ඇන්ටෝනියෝ ගෝකිම් තග්ලේ
ජාතිකත්වය – පිලිපීන
වයස – 67

තග්ලේ කාදිනල් හිමියන්ට පළමු ආසියානු පාප්වහන්සේ විය හැකිද? පරොලින් කාදිනල් හිමි මෙන් නොව, උන්වහන්සේට දශක ගණනාවක දේවගැතිවරයකු ලෙස අත්දැකීම් තිබේ. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ වතිකානයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු හෝ පල්ලියේ නීතිය පිළිබඳ සංවෘත විශේෂඥයකු මෙන් නොව ජනතාව අතර ක්‍රියාකාරී පල්ලියේ නායකයකු වී ඇති බවය.

ජනගහනයෙන් 80%ක් පමණ කතෝලිකයන් වන පිලිපීනයට පල්ලියෙන් විශාල බලපෑමක් ඇත. එරට තුළ දැනට කාදිනල්වරුගේ සංසදයේ වාර්තාගත සාමාජිකයන් පස්දෙනකු සිටින අතර ඔවුන් සියල්ලන් ම තග්ලේ කාදිනල් හිමිට සහාය දක්වන්නේ නම්, එය සැලකිය යුතු බලපෑම් කණ්ඩායමක් බවට පත්විය හැකිය.

කතෝලික නිර්වචනය තුළ උන්වහන්සේ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සලකනු ලබන අතර, සමාජ ගැටලු සඳහා කැපවීම සහ ස්වර්ගස්ථ වූ පාප්වහන්සේ සමග සංක්‍රමණිකයන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ අනුකම්පාව හේතුවෙන් උන්වහන්සේට ‘ආසියානු ෆ්‍රැන්සිස්’ ලෙස අන්වර්ථ නාමයක් ද පටබැඳිණි.
උන්වහන්සේ ගබ්සා අයිතිවාසිකම් ලබාදීමට විරුද්ධ වී ඇති අතර, ඒවා ‘මිනීමැරුම් ආකාරයක්’ ලෙස හඳුන්වති. එය ජීවිතය පිළිසිඳ ගැනීමෙන් ආරම්භ වන බවට පල්ලියේ පුළුල් ස්ථාවරයට අනුකූල වන ස්ථාවරයකි. ඔහු අනායාස මරණයට එරෙහිව ද කතා කර ඇත.

නමුත් 2015දී මැනිලා අගරදගුරු පදවිය දැරූ කාලයේදී, තග්ලේ කාදිනල් හිමි, සමලිංගික පුද්ගලයන්, දික්කසාද වූවන් සහ තනි මවුවරුන් කෙරෙහි පල්ලියේ ‘දැඩි’ ස්ථාවරය නැවත තක්සේරු කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ, අතීත රළුකම කල් පවතින හානියක් සිදුකර ඇති අතර මිනිසුන්ට ‘හංවඩු ගසා ඇති’ බවක් දැනී ඇති බවත්, සෑම පුද්ගලයකුටම අනුකම්පාව සහ ගෞරවය ලැබිය යුතු බවත් පවසමිනි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තේරීපත්වූ 2013 රහස් සභාවේදී පවා උන්වහන්සේ පාප් ධුරය සඳහා සුදුස්සකු (අපේක්ෂකයකු) ලෙස සලකනු ලැබීය.
දශකයකට පෙර උන්වහන්සේ ඊළඟට පාප් පදවියට පත්විය හැකි ප්‍රකාශ දෙස බලන්නේ කෙසේ දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ, ‘මම ඒක විහිළුවක් විදියට සලකනවා. ඒක විහිළුවක්.’ යනුවෙනි.

ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු
ජාතිකත්වය – කොංගෝ
වයස – 65

කතෝලික පල්ලියට මිලියන ගණනක් සාමාජිකයන් එකතු වෙමින් සිටින අප්‍රිකාවෙන් ඊළඟ පාප්වහන්සේ පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කාදිනල් අම්බොන්ගෝ යනු, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් පැවැත එන ප්‍රමුඛ අපේක්ෂකයෙකි.

උන්වහන්සේ වසර හතක් කිංෂාසාහි අගරදගුරු පදවිය හෙබවූ අතර, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් කාදිනල් ධුරයට පත්කරන ලදී.
උන්වහන්සේ සාම්ප්‍රදායික වටිනාකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ආරක්ෂා කිරීමට කැමති අයකු වන අතර, සමලිංගික විවාහ සඳහා ආශිර්වාදය ලබාදීමට විරුද්ධ වූයේ, ‘එකම ලිංගයේ පුද්ගලයන්ගේ විවාහ සංස්කෘතික සම්මතයන්ට පටහැනි සහ සහජයෙන්ම නපුරක් ලෙස සලකනු ලැබේ’ යනුවෙන් ප්‍රකාශ කරමිනි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බහුතර ආගම ක්‍රිස්තියානි ආගම වුව ද, එහි සිටින කිතුනුවන් ජිහාඩ් කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍යය සහ ඒ ආශ්‍රිත කැරලිකරුවන් අතින් මරණයට හා හිංසාවට ලක් වී ඇත. එම පසුබිම තුළ, අම්බොන්ගෝ කාදිනල් හිමි පල්ලිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නෙකු ලෙස සැලකේ.

නමුත් 2020 සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ ආගමික බහුවිධතාවට පක්ෂව කතා කරමින් මෙසේ පැවසීය. ‘රෙපරමාදු භක්තිකයන් රෙපරමාදු භක්තිකයන් වෙන්න දෙන්න, මුස්ලිම්වරුන් මුස්ලිම්වරුන් වෙන්න දෙන්න. අපි ඔවුන් සමග වැඩ කරන්න යනවා. නමුත් සෑම කෙනෙකු ම තමන්ගේ ම අනන්‍යතාව තබා ගත යුතුයි.’

එවැනි අදහස් දැක්වීම් නිසා, කතෝලිකයන් පල්ලියේ වචනය ලොව පුරා පතුරුවා හැරීමට බලාපොරොත්තු වන ඔවුන්ගේ මෙහෙවර පිළිබඳ හැඟීම උන්වහන්සේ සම්පූර්ණයෙන්ම වැලඳ ගන්නේ දැයි ඇතැම් කාර්දිනල්වරුන් කල්පනා කළ හැකිය.

පීටර් කොඩ්වෝ අපියා ටර්ක්සන්
ජාතිකත්වය – ඝානා
වයස – 76

සිය සමකාලීන සගයන් විසින් උන්වහන්සේ තෝරාගනු ලැබුවහොත්, බලපෑම්සහගත කාදිනල්වරයකු වන ටර්ක්සන් හිමියන්ට වසර 1,500කින් පත්වූ පළමු අප්‍රිකානු පාප්වහන්සේ වීමේ ගෞරවය හිමි වනු ඇත.

අම්බොන්ගෝ කාදිනල් හිමි මෙන්, උන්වහන්සේ ද එම පදවිය අවශ්‍ය නොවන බව කියා තිබේ. ‘මම දන්නේ නැහැ පාප්වරයෙකු වෙන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවක් තියෙනවාද කියලා,’ උන්වහන්සේ 2013දී බීබීසීයට පැවසීය.

සිය මහාද්වීපයේ පල්ලියේ වර්ධනය මත පදනම්ව ඊළඟ පාප් පදවිය ලැබීමට අප්‍රිකාවට ධනාත්මක හේතුවක් තිබේ දැයි විමසූ විට, ‘එවැනි සලකා බැලීම් ජලය බොර කිරීමට නැඹුරු වන’ බැවින්, සංඛ්‍යාලේඛන මත පදනම්ව පාප් වහන්සේ තෝරා නොගත යුතු බව තමාට හැඟෙන බව උන්වහන්සේ පැවසීය.
උන්වහන්සේ 2003දී දෙවැනි ජුවාන් පාවුළු පාප්වහන්සේ යටතේ කාදිනල්වරයෙකු ලෙස උසස් කරන ලද පළමු ඝානා ජාතිකයා වූහ.

කාදිනල් තග්ලේ මෙන්, කාදිනල් ටර්ක්සන්ද දශකයකට පසු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තෝරා පත්කර ගන්නා විට පාප්වරයෙකු වීමට විභවයක් ඇති කාදිනල්වරයකු ලෙස සලකනු ලැබීය. ඇත්ත වශයෙන්ම, ඡන්දය ඇරඹීමටත් ඔට්ටු තබන්නෝ උන්වහන්සේ ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කළහ.
ෆන්ක් සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු වූ ටර්ක්සන් කාදිනල් හිමි, උන්වහන්සේගේ ජවසම්පන්න පැවැත්ම සඳහා ප්‍රසිද්ධය.

අප්‍රිකාවේ බොහෝ කාදිනල්වරුන් මෙන්, උන්වහන්සේ ද ගතානුගතික මතයකට නැඹුරු වේ. කෙසේ වෙතත්, උන්වහන්සේ තම උපන් රට වන ඝානාව ඇතුළු අප්‍රිකානු රටවල සමලිංගික සබඳතා අපරාධකරණයට විරුද්ධ වී තිබේ.

2023දී බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී, ඝානාවේ පාර්ලිමේන්තුව ඛඨඊඔූ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවීමේ පනතක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී, සමලිංගිකත්වය වරදක් ලෙස නොසැලකිය යුතු යැයි තමා සිතන බව ටර්ක්සන් කාදිනල් හිමි පැවසූහ.

2012දී, වතිකාන බිෂොප්වරුන්ගේ සමුළුවකදී යුරෝපයේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත වීම පිළිබඳ බිය උපදවන අනාවැකි පළකළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වූ අතර, පසුව උන්වහන්සේ ඒ සඳහා සමාව අයැ ද සිටියහ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ලක්ෂ ගාණක් පෝලිමේ ඉද්දී රාලහාමී කෙනෙක් තරුණ නෝනා කෙනෙක්ව පෝලිම් පන්නවලා ඇතුළට දමයි! කොල්ලො සෙට් එකක් ගේම ඉල්ලයි! රාලහාමිට කටඋත්තර නැතිවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

GSP+ දෙනවද නැද්ද බලන්න යුරෝපා සංගම් නියෝජිතයන් හෙට ලංකාවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.