බදුර්දීන් මහතාගේ නිවසේ දැරියක මියයාම සම්බන්ධයෙන් අද සමගි ජන බලවේගය පක්සයෙන් විනය පරීක්ෂණයක් හෝ දැඩි නිවේදනයක් හෝ මෙතෙක් නිකුත් වී නැති බවට ආණ්ඩුවේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කළ චෝදනාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පිළිතුරු ලබා දුන්නේය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩු කරන්නේ සමගි න බලවේගය නොවන බවත්, වැරදිකරුවන්ට දඩුවම් දීම ආණ්ඩුවේ කටයුත්තක් බවත්ය.
එමෙන්ම 20 වන සංශෝධනය සහ විශ්වාසභංගය සම්මත කරගනිද්දී රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග යහන්ගත වුණේ ආණ්ඩුව බවද ඒ මහතා කියා සිටියේය.










