• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

W15 හෝටලයට වෙඩි තිබ්බේ කවුද? නියෝග දුන්නේ කවුද? කෝන්තරය මොකක්ද? හැංගිලා ගේම දුන්න යුනිට් එක මොකක්ද? ඔක්කොම එළිවෙයි! Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
W15 හෝටලයට වෙඩි තිබ්බේ කවුද? නියෝග දුන්නේ කවුද? කෝන්තරය මොකක්ද? හැංගිලා ගේම දුන්න යුනිට් එක මොකක්ද? ඔක්කොම එළිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළා. Sri Lanka Latest News

ඔහු ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බව කියා සිටියා.

ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවද ඔහු සඳහන් කළා.
‘වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි.’‍

මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් ‘පෙත්සම්කරුට කෙළින්ම අධිකරණයට ගිහින් පෙනීසිට ප්‍රකාශයක් දෙන්න බැරිද?’ යනුවෙන් විමසුවා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස කියා සිටියා.

‘ස්වාමීනී… මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමැතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි…’

එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ‘පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරනු ඇති අතර, ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?’ යනුවෙන්.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා ‘අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්’ යනුවෙන් යළි සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස ප්‍රකාශ කළා.

‘මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකතන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහෙස්ත්‍රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහෙස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහීභාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක්කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි….’

ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් දිවුරුම් ප්‍රකාශයට අස්සන් කළේ මාතරද, හෝකන්දරද, කොළඹදීද යනුවෙන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් විමසා සිටි වැඩබලන සභාපති විනිසුරුවරයා, ‘ඔහුව දුටුවාද?’ කියා වැඩිදුරටත් විමසා සිටියා.

එහිදී ජනාධිපති නීතිඥවරයා විනිසුරුවරයාගේ එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

‘පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනි.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මගහැර සැඟවිලා සිටිනවා. ඔහු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහායත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වන විට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර ගංගානි මාවතේ පිහිටි නිවස පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27 වැනිදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයන් නොමැති බව අනාවරණ වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනි… මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි….’

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස කියා සිටියා.

‘2023 දෙසැම්බර් මස 31 වැනිදා රාත්‍රී 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කේ.ඩී.එච්. වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන්දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැලෑනේ පිහිටි අදාළ හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණ වී තිබෙනවා. එම අවස්ථාවේදී ‘‍යුක්තිය’‍ මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩිතැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාස නිලධාරීන් දෙදෙනකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයකු මරණයට පත්වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනකු සිටියා. මෙසේ පලාගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර, තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලු‍ දෙනාගේ රාජකාරි ජංගම දුරකතන වසාදමා තිබුණා. පසුව පොලිස් නිලධාරීන් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැකකටයුතු තත්ත්වයක්. වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසුකරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යනුකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ….’

‘ස්වාමීනි, මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩිතැබීමට ලක්වූ අ 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවැති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනීගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔවුන් තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි ‘‍පැරා මිලටරි’‍ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද….?’

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.

SendShareShare
Previous Post

බංකොලොත් රටටත් හොදටම වැඩේ දීලා! ඡන්දයක්වත් නැතිව පිනට ජනාධිපති වුණු රනිල් එයාගේ ආර්යාවයි තව 10ක් එක්ක ලන්ඩනයේ පුද්ගලික ට්‍රිප් එකක් යන්න ආණ්ඩුවේ සල්ලි කෝටි ගාණක් වියදම් කරලා! මෙන්න බඩු! රට හැදුවලු! ඔන්න හදපු හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන අනුර විශේෂ ඉෆ්තාර් උත්සවයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.