ආණ්ඩුවේ වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ ඥානක්කා විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
‘මේක කරොත් හොඳද කියල ඥානක්කගෙන් අහනවා, ඥානක්කා කියනවා හා කියලා’ යැයි කී දිසානායක මහතා රටක් එලෙස ගොඩ නැගිය නොහැකි බව කියා සිටියේය.
දත්ත විද්‍යාව මත පදනම්ව රට ගොඩනැගිය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.









