• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දොත් හිටියේ පිස්සු වැටිලා! අවුරුදු 6න් මහවැලි හදපු – කුමන්ත්‍රණ කරලා රටෙන් පන්නපු – කවුද මේ කොන්ක්‍රීට් කුලේ? Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සුද්දොත් හිටියේ පිස්සු වැටිලා! අවුරුදු 6න් මහවැලි හදපු – කුමන්ත්‍රණ කරලා රටෙන් පන්නපු – කවුද මේ කොන්ක්‍රීට් කුලේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ බුද්ධි ගලනය ගැන අද අපි කතා කළාට, මතක තියාගන්න මේක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. අද අපේ මේ කතාව ලංකාවෙන් බිහිවුණු ලෝක පූජිත ඉංජිනේරුවෙක් ගැන. ඔහු නමින් ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ. හැබැයි මුළු රටම ඔහුව හැඳින්වූයේ ‘කොන්ක්‍රීට් කුලසිංහ’ කියන අන්වර්ථ නමින්.Sri Lanka Latest News

මෙය කියවන ඔබ මොහොතක් සිතන්න කෙනෙක් තමන්ගේ මවු රට වෙනුවෙන් උපරිම ශක්තිය යොදවද්දී, පටු දේශපාලන වාසි සහ කුමන්ත්‍රණ නිසා රටෙන් එළවා දැමූ මිනිසෙක් ගැන, එයා ලෝකයම දිනලා නැවත තමන්ගේ රටටම සේවය කරන්න එනවා නම් ඒ මොන වගේ උත්තමයෙක්ද? කොතරම් නිහතමානී මිනිසෙක්ද?
1944දී කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවකු ලෙස වරාය සේවයට එක්වන කුලසිංහයන්ට, වරාය භූමිය තමන්ගේ පරීක්ෂණාගාරය වගේ වුණා. කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ඔහු කළ අත්හදා බැලීම් කෙතරම් සාර්ථකද කියනවා නම්, 1963 වෙද්දී ඔහු වරාය අධිකාරියේ සභාපති ධුරය දක්වා ඉහළටම ගියා. කැලණිය ටයර් කම්හල, යක්කල ලෝහ කම්හල, ඔරුවල වානේ කම්හල වැනි රටේ දැවැන්ත කර්මාන්ත ශාලාවල අඩිතාලම වැටුණේ කුලසිංහයන්ගේ මොළයෙන්. 1962 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටුවා එහි සභාපති ලෙස ඔහු කළ සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ.

හැබැයි, දක්ෂයාට තැනක් නැති අපේ රටේ 1970 වෙද්දී කුලසිංහයන්ට එරෙහිව රහසිගත කුමන්ත්‍රණ දියත් වුණා. තමන් පණ මෙන් ආදරය කළ ඉංජිනේරු සංස්ථාවෙන් ඔහුව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. තනතුරුවලට වඩා තම අභිමානය අගය කළ ඔහු, ඒ සියල්ල හැරදමා මැලේසියාවට ගියා.
දෛවයේ සරදම බලන්න. එකල ලංකාවේ සිටි නිවාස අමාත්‍යවරයා අඩු වියදම් නිවාස ගැන ඉගෙන ගන්න මැලේසියාවට ගිය වෙලාවේ, එහේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක දේශනය පවත්වන්නේ ලංකාවෙන් පන්නා දැමූ කුලසිංහයන්. මේක දැකලා ගියපු කට්ටියට තරු පෙනුණාලු. මැලේසියාවට කොන්ක්‍රීට් බෝට්ටු තාක්ෂණය ඉගැන්වූයේ අපේ මේ හෙළ විද්වතායි.

දවසක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් (ීකැැචැරි) ගැන උපදෙස් ගන්න ස්විට්සර්ලන්තයෙන් විශේෂඥයෝ පිරිසක් ගෙන්නුවා. ඒ සුදු ඉංජිනේරුවෝ ලංකාවට ඇවිත් ඇහුවේ එකම දෙයයි.

‘ඇයි ඔබලා අපිට මෙච්චර වියදම් කරලා ගෙන්නුවේ? මේ විෂය ගැන ලෝකෙටම උගන්වන්න පුළුවන් කුලසිංහ ඉංජිනේරුවරයා ඉන්නේ ඔබේ රටේ නේද?’
අන්තිමේදී වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන්ටත් කුලසිංහයන්ගෙන් පාඩම් ඉගෙන ගන්න සිද්ධ වුණු එකයි.

1977දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත්වූ පසු, ඔහුට කුලසිංහයන්ගේ වටිනාකම වැටහුණා. ඒ වෙද්දී ඔහු සිංගප්පූරුවේ සේවය කළේ මාසිකව රුපියල් මිලියන 2ක (එකල හැටියට අතිවිශාල මුදලක්) වැටුපකට. නමුත් ජනාධිපතිවරයාගේ ඇරයුමෙන්, ඒ සියලු සැප සම්පත් අතහැර ඔහු ලංකාවට ආවේ රුපියල් 50,000ක සොච්චම් වැටුපකට. ඒ ඔහු තුළ ජීවත් වුණු සැබෑ දේශප්‍රේමියා නිසා.

මහවැලි ව්‍යාපෘතිය අවසන් කරන්න අවුරුදු 30ක් යනවා කියලා විශේෂඥයෝ කියද්දී, කුලසිංහයන් ඒ අභියෝගය භාරගත්තා. ඔහු කිව්වේ ‘මේක අවුරුදු 6න් කරන්න පුළුවන්’ කියලා. ඔහු ඒ සඳහා උපයෝගී කරගත්තේ විදේශීය තාක්ෂණය විතරක් නෙවෙයි. ‘නිඩඩ් සහ ක්‍රැසගැන්ඩී’ යන විද්‍යාඥයන් ලියූ පැරණි ලංකාවේ වාරි තාක්ෂණය ගැන පොත්පත් ඔහු පරිශීලනය කළා. අපේ රාවණා යුගයේ සිට පැවත ආ පස් වේලි තාක්ෂණය ලෝකයට පෙන්නුවේ ඔහුයි.

මාදුරුඔය ව්‍යාපෘතියට ඔහු රුපියල් මිලියන 650ක ඇස්තමේන්තුවක් දෙද්දී, බලධාරීන් එය නොසලකා කැනේඩියානු සමාගමකට මිලියන 2,800කට ලබාදුන්නා, මේක අපේ ඉතිහාසයට එකතු වුණු කළු පැල්ලමක්.

අද අපි ආඩම්බරයෙන් නරඹන බොහෝ නිර්මාණ පිටුපස තිබෙන්නේ මේ අසමසම මොළයයි. කළුතර මහා චෛත්‍යය (ලෝකයේ ප්‍රථම හිස් කොන්ක්‍රීට් චෛත්‍යය) කොත්මලේ මහා සෑය, කොළඹ ග්‍රහලෝකාගාරය, මහවැලි වේලි සහ වාරි පද්ධති.

කුලසිංහයන් කොළඹ ඉඳන් කොන්ක්‍රීට් බෝට්ටු හදලා හොංකොංවලට යවද්දී, ඔහුට රිදවන්න ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලයට සුද්දෙක් ගෙනත් බෝට්ටු හැදෙව්වා කියලා කතාවක් තියෙනවා. ඒ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම.

ලෝක ප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා වරක් පැවැසුවේ මෙවැන්නකි.
‘ලෝකයට සිහින දකින්නන් අවශ්‍යයි, ඒ වගේම ඒ සිහින සැබෑ කරන ප්‍රායෝගික ඉංජිනේරුවන් අවශ්‍යයි. ආචාර්ය කුලසිංහ යනු මේ දෙවර්ගයේම දුර්ලභ සංකලනයකි.’
ඔහු සැබවින්ම යුගපුරුෂයෙක්. කුලසිංහයන් දේශපාලන කුමන්ත්‍රණ හමුවේ සැලුණේ නෑ. මුදලට තමන්ගේ දැනුම පාවාදුන්නේ නෑ. මවු රටට ආදරය කළ ඔහු අවසන් හුස්ම හෙළන තෙක්ම නිර්මාණය කළේ හෙට දවසේ ලංකාවයි.

අදටත් අපිට කුලසිංහලා වැනි මිනිසුන් අවශ්‍යයි. නමුත් ප්‍රශ්නය නම්, අපේ රට තවමත් කුලසිංහලාට ආදරය කරන්න ඉගෙනගෙන තිබේද යන්නයි.

SendShareShare
Previous Post

හරිනි 2015 වාර්තාවක් හදලා කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් විශ්වවිද්‍යාලවල අද කරන්න හදනවා! මේ හදන්නේ යෞවන සමාජවලට පත්කළා වගේ පැලවත්තේ ලිස්ට් එකට සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත්කරන්නයි! හරිනිවත් ඉස්සරහා තියාගෙන විපක්ෂනායක සජිත් හරිනිගේ ඉතිහාසය එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලාල්කාන්ත උඹ බෲස් ලී නම් මම මයික් ටයිසන්..! උඹට දෙකයි හොම්බට අනින්නේ බිම ඇදන් වැටෙන්න! 88-89 චණ්ඩිකම් දාන්න එන්න එපා! අපිත් ඒවා කරපු උන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.