පසුගිය දිනෙක පාර්ලිමේන්තු සභා ගැබට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සේවකයකුගේ සහාය ඇතිව ඇවිදගෙන එන ආකාරය අපහාසාත්මක ලෙස වීඩියෝගත කර ‘බැටී ටීවී’ නැමැති ෆේස්බුක් පිටුවේ පළ කොට ඇති බව එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත පැමිණීල්ලක් කොට ඇත.
සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ සම්බන්ධන් මහතාට අපහාස වන ආකාරයට මෙම වීඩියෝව නිර්මාණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සොයා දඩුවම් දිය යුතු බවකි.
මේ හරහා සම්බන්ධන් මහතාගේ වරප්‍රසාද කඩවී ඇති බවද ඒ මහතා පෙන්වා දී ඇත.
අදාළ අවස්ථාවේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් එම මන්ත්‍රීවරයා පහසුවෙන් සොයාගත හැති බවද සුමන්තිරන් මහතා පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් මෙම හෙළිදරව්වෙන් පසු අදාළ වීඩියෝව ඉවත් කර ගැනීමට බැටී ටීවී ෆේ්ස්බුක් අඩවිය පියවර ගෙන ඇත.










