වත්මන් ආණ්ඩුව මහ බැංකු හොරු අල්ලන බවත්, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලන බව කියා බලයට පත්වුවද ඒ කිසිවක් මේ වනතෙක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
මෙහිදී ආණ්ඩුව ඉටු නොකළ පොරොන්දු පත්‍රය හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් ‘නෑ… නෑ…’ යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් දැකගත හැකි විය.










