තමන්ට එරෙහිව 2020 මහමැතිවරණ සමයේදී මඩ ගැසීම සදහා හරිගුප්ත රෝහණධීර මහතා ඇතුලු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර මේ හරිගුප්තා රෝහණධීර යනු එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීති උපදෛ්ශක බවත්, පසුව ඔහු පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ අයකු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
නමුත් මෙම වාර්තාවට කිසිවකුත් අත්සන් තබා නොමැති බවත්, පසුව එම පැමිණිල්ල අල්ලස් කොමිසමෙන් විමර්ශනය කොට එම පනත යටතේ ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවුණු බැවින් ඉදිරි ක්‍රියාමාර්ග නොගත් බවද ඒ මහතා කියා සිටියේය.