මහනුවර බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.Sri Lanka Latest News
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයෙකු සොයාගෙන ඇති බවයි.
බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම රැකගනිමින් එහි හෝටලයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇත.










