දරුවන් පැහැර ගනිමින් ගම්වාසීන් බියවද්දමින් තර්ජනය කරමින් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන කොටදෙණියාවේ අල්කයිඩාව පිටුපස සිටින්නේ කුමන පුද්ගලයන්ද, කුමන කල්ලියක්ද යන්න සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ කර ඇත.
කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති මෙම කල්ලියේ තර්ජන හා බිය වැද්දීම් වලට එරෙහිව පසුගිය දා කොටදෙණියාවෙ ගම් වාසීන් පාරට බැස විශාල උද්ඝෝෂණයක් සිදු කොට ඇත.
ගම් වාසීන්ගේ චෝදනාව වී ඇත්තේ මෙම කල්ලිය පිටුපස ප්‍රභල හස්තයක් ක්‍රිියාත්මක වන බැවින් පොලිසියද පරීක්ෂන කටයුතු හරියාකාරව සිදු නොකරන බවයි.
කොටදෙණියාව කළඹන මෙම අභිරහස් අල්කයිඩා කල්ලිය පිළිබද කළ විශේෂ හෙළිදරව්වක් මව්රට යූ ටුයුබ් හරහා නරඹන්න.










