රජයේ සමස්ත බදු ආදායමෙන් 9.9%ක් ගෙවන්නේ තමන් හිමිකාරීත්වය දරන සමාගම්වලින් බවත්, රාජ්‍ය ආදායමට එවැනි විශාල දායකත්වයක් ලබාදෙන තමන් වංචනිකයකු ලෙස හැඳින්වීම කනගාටුවට කරුණක් බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අතීතයේ පටන් අප රටේ ජනතාව හුරු වී සිටින්නේ යමක් කමක් ඇති පුද්ගලයා හොරකු ලෙස ලේබල් කිරීමට බවයි.










