අනුර කුමාර දිසානායක මහතා ඇතුලු ජවිපෙට බිත්තර ප්‍රහාරය එල්ල කළේ ආණ්ඩුව නොව ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය බව එස්.බී. දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද ජවිපෙ සියලු මර්මස්ථාන පෙරටුගාමීන් විසින් අල්ලාගෙන ඇති බවකි.
විශ්වවිද්‍යාල සියල්ල තුළ අද පෙරටුගාමීන් බලය අත්පත් කරගෙන ඇති බව කී දිසානායක මහතා ජවිපෙට විශ්වවිද්‍යාල තුළ අද කිසිදු බලයක් නොමැති බවත් ඒ මහතා පැවසීය.










