ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළේය.
මේ හරහා යම් පිරිස්වලට පහත් නිර්ලජ්ජිත වින්දනයක් ලැබීමට හැකි බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා මෙම සිදුවීම් හෙළා දකින බවද සදහන් කර සිටියේය.
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” 11 වැනි අදියර ඊයේ (01) ආරම්භ විය.
“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අටලක්ෂ පනස්දහසක් (රු.850,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැදවච්චිය, අගුනොච්චිය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුවිය.










