පාර්ලිමේන්තුව තුළ ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් තහවුරු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17)පාරලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සහ මාධ්‍යවේදී කසුන් සමරවීර යන මහත්වරුන්ගේ ජංගම දුරකතන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් පැහැරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව විමර්ශනයක් කරන ලෙසයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
පාර්ලමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියා.










