ත්‍රස්ත විරෝධී පනත නමින් අලුතින් ගෙනත් තිබෙන පනත් කෙටුම්පත කලින් ඉදිරිපත් කළ එකම බවත්, එමගින් මුළුමහත් රටවැසියාම ත්‍රස්තවාදීන් ලෙස උපකල්පනය කර තිබෙන බවත් අද (2023.09.18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ පැවසුවේය. Sri Lanka Latest News
ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය මුළුමනින්ම මෙම පනත මගින් උල්ලංඝනය කර තිබෙන බවත් ආණ්ඩුව කරන කිසිදු දෙයකට විරුද්ධව අදහසක් පළ කිරීමට හෝ ආණ්ඩුවෙන් යමක් ඉල්ලා සිටීමට ජනතාවට ඇති අයිතිය පවා මෙමගින් ත්‍රස්තවාදී ක්‍රියාවන් බවට පත් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම ඊයේ දින ත්‍රිකුණාමලයේ පැවැති තිලීපන් සමරුවේදී පහර දුන් පිරිස් පිළිබදවද පුබුදු ජාගොඩ මහතා අදහස් පළ කළේය.










