‘සාධාරණත්වය වෙනුවෙන් නීතීඥයෝ’ සංවිධානය පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් පවතින ආණ්ඩුව සහ ක්‍රමවේදය දැඩි විවේචනයට ලක්කිරීමට කටයුතු කළේය.
එහිදී නීතීඥවරියක වන ලිහිණි මහත්මිය අදහස් දක්වමින් රාජපක්ෂ ජාලය වටා සිටින කණ්ඩායම පවා විවේචනයට ලක් කිරීමට කටයුතු කළාය.
දැනට ඉවත් කොට ඇති නඩු පවා යළි පැවරිය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ඇය කියා සිටියාය.










