සමගි ජන බලවේගයේ තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් මේ මොහොතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වේ.
අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට ස්වාධීන වූ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය, විමල් වීරවංශ පාර්ශ්වය සහ අනුර ප්‍රියදර්ශන පාර්ශ්වය යන කණ්ඩායම් 3ම එකවර විපක්ෂනායකවරයා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී අන්තර්වාර පාලනයක් පිළිබදව විවිධ මත ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන්ද රට ඇතුළේ සංවාදයක් මතුව තිබේ.
ඒ සියල්ල පිළිබදව මෙම සාකච්ජාවේදී කතාබහට ලක්වනු ඇති බවද දැනගන්නට ඇත.










