රණවිරුවන් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුව ඇතුළේ කතාකරපු හැටි!
ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා බවත් ඇස් හිස් මස් ලේ අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ දුක්ගැනවිලි ගණනාවක් ඇති බවත් 2019 දී පවා කොටුවේ ඇති උද්ඝෝෂණයට එක්ව මේවා සාකච්ඡා කළත් ඒවාට විසදුම් දෙන්න අවස්ථාව නොලැබුණ බවත් අවස්ථාව ලැබුණේ නම් මුලින්ම සලකන්නේ මේ විරෝධාර රණවිරුවන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රණවිරුවන් නිසා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ඇති නිසා මොවුන්ට අසාධාරණයන් ගණනාවක් ඇති බවත් 2025 අයවැය තුළින් සියලු රාජ්‍ය සේවකයන්ගේ සහ සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සංශෝධන කළත ත්‍රිවිධ හමුදා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ආබාධිත විශ්‍රාමිකයන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කර ඇති බවත් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගත් ආබාධිත රණවිරුවන්ට විශේෂ වරප්‍රසදා හා විශ්‍රාම වැටුප් ලබා දීමට නීතිමය පදනමක් තිබුණත් ඔවුන්ට ද ඒ හිමිකම නොලැබෙමින් යන බවත් මේ සහන කප්පාදුව රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත් අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්‍රමවේදයක් මත නතර කර ඇති බවත් මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමෙන්තුව අසළ පොල්දූව මංසන්ධියේ දී පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා එක්වෙමිනි.
පරිපාලන ගැටලු ආබාධිත රණවිරුවන්ට අදාළ නැති බවත් මොවුන් රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කර ඇති නිසා පරිපාලන ගැටලු මුල් කර ගෙන සහන කප්පාදු නොකරන ලෙසත් කරුණාකර මේ සියලු අයිතිවාසිකම් වීරෝධාර අබාධිත රණවිරුවන්ට හා ඒ පවුල්වලට ලබා දෙන ලෙසත් යම්කිසි නීතිමය පදනමක් තුළ මේ රණවිරුවන්ට ඒ සහන එක් එක් අයගේ කැමැත්ත අකැමැත්ත මත නොව නීතියක් ලෙස ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආරක්ෂක අංශ තමන්ගේ සහෝදර රණවිරුවන්ට හානි නොකර ආරක්ෂා කර ගැනීම පොලිසිය ප්‍රමුඛ සියලු දෙනාගේ වගකීම බැවින් මේවා නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමරිකානු එක්සත් ජනපදය පවා ඔවුන්ගේ රටේ රණවිරුවන්ට උසස් ලෙස සලකන නිසා ඉන් පාඩම් ඉගෙන ගෙන ත්‍රස්තවාදය පරාජය කළ මේ රණවිරුවන් අමතක නොකළ යුතු බවත් සංවේදී වී මොවුන්ට හිමි සහන ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










