වර්තමානයේ ගොවීන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දින (03) පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය අසල දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සංවිධාන කරනු ලැබූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවීන් පැමිණ සිටි අතර මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායක දහම් සිරිසේන මහතාද සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා ගොවි ජනතාව මුහුණදී සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදීත් මෙවැනි ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරවලට තමන් සම්බන්ධ වන බවයි.