ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ජාතියේ රණවිරුවන්ට උපහාර දැක්වීය.
අනතුරුව සිය පළමු නිල සංචාරය සිදු කරමින් අමාත්‍යතුමන් අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ වෙත පැමිණියේය.
එමෙන්ම එහි නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක යෙදුනු අතර ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම ද සිදු කළේය.
ත්‍රස්තවාදීන් සමග ගැටුමේදී ආබාධිත වූ රණවිරුවන්ට රැකවරණය සලසන ‘මිහිඳු සෙත් මැදුර’ බරපතළ ලෙස ආබාධිත තත්වයේ පසුවන රණවිරුවන් සඳහා අඛණ්ඩ රැකවරණය, උදවු උපකාර සහ ප්‍රතිකාර ලබාදෙන නිවහනකි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මිහිඳු සෙත් මැදුරේ සංචාරය සඳහා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

















