• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවේ පසු සටහන: වැඩිම මරණ වුණේ කොහෙද? වැඩිම හානි කොහෙටද? වැඩිම අවතැන් කොහෙද? වැඩිම හානි කොහොමද? Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මාතරට තවමත් තද වැසි! යළිත් ගංවතුර අවදානමක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට පුරා ආපදා විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. මුළු රටම තිගැස්මකින් තවමත් ඉන්නේ. මොකක්ද වුණේ කියලවත් හිතාගන්න බැරි තැනකට මුළු රටම පත්වුණා. දැන් ආපදා පිළිබඳ නිල විශ්ලේෂණය සිද්ධ කරන අවස්ථාව.Sri Lanka Latest News

වාර්තාවලට අනුව බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 583,030යි. බලපෑමට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,078,436යි. ඒ කියන්නේ මිලියන දෙකක්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරියටම දහයෙන් එකක් මේ විදිහට විපතට පත්වෙලා කියලා තමයි අපිට හඳුනාගන්න පුළුවන්. වාර්තා වූ මියයාම් ප්‍රමාණය 618යි. වාර්තා වූ අතුරුදන් වීම් ප්‍රමාණය 209යි. පූර්ණ වශයෙන් නිවාස 4,071කට හානිවෙලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස 71,121කට හානිවෙලා තියෙනවා වාර්තා වූ විදිහට. දැන් ආරක්ෂිත ස්ථාන විදිහට 990ක පුද්ගලයෝ රඳවා තියෙනවා මේ ලියන අවස්ථාව වනවිට.

මේ තත්ත්වය ඉතාම භයානක සහ ඉතාම නරක තත්ත්වයක්. මෙහිදී අපි ගණන් හදපු සහ අපි තේරුම් ගත්ත විදියේ පුදුම වෙනසක් තියෙනවා කියලා ඔබට මම කිව්වොත් ඔබ හිතාවි ඇත්තටම මේ මොකක්ද කියන්නේ කියලා. ලංකාවේ වැඩිම බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාවක් ඉන්නේ නුවරඑළියවත් බදුල්ලෙවත් නෙමෙයි. වැඩිම ආපදාවට පත්වූ පවුල් සංඛ්‍යාවක් ඉන්නේ පුත්තලමේ. පවුල් 98,631ක් පුත්තලමේදී විපතට පත්වෙලා ආපදාවට ලක්වෙලා තියෙනවා. ඒ වාර්තාව තවදුරටත් ඉදිරියට රඳවා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 85,803කුත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 88,738කුත් විපතට පත්වෙලා තියෙනවා. ඒ අනුව දෙවැනි තැනට ගම්පහත්, තුන්වැනි තැනට කොළඹත් තමයි පත්වෙලා තියෙන්නේ, ආපදාවට පත්වූ පවුල් සංඛ්‍යාව අනුව.

ආපදාවට පත් වූ පුද්ගලයන් විදිහට ගත්තොත්, වැඩිම බලපෑමට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාවක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ පුද්ගලයන් 362,664ක්. දෙවැනි තැනට එන්නේ පුත්තලම. 347,211 දෙනෙක් විපතට පත්වෙලා තියෙනවා. තුන්වැනි තැන කොළඹ දිස්ත්‍රික්කයේ 328,846ක් වෙද්දි, නුවර 161,141 දෙනෙක් විපතට පත්වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් 86,313 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 72,007 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 67,340 දෙනෙක් මේ විදිහට ආපදාවට ලක් වෙලා තියෙනවා, විපතට පත්වෙලා තියෙනවා.

මෙතැනදී වැදගත්ම දේ තමයි යාපනය දිස්ත්‍රික්කය. යාපනය දිස්ත්‍රික්කයේ 53,828 දෙනෙක් විපතට ලක්වෙලා තියෙනවා. ඒක නුවරඑළියටත් වඩා වැඩි ප්‍රමාණයක්. නුවරඑළියේ 42,886 දෙනෙක් සහ බදුල්ලේ 45,187 දෙනෙක් තමයි විපතට ලක්වෙලා තියෙනවා සඳහන් වෙන්නේ.

වැඩිම මියයාම් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ නුවර දිස්ත්‍රික්කයෙන්. නුවරදී මරණ 232ක් වාර්තා වෙද්දි, දෙවැනි තැනට පත්වෙනවා නුවරඑළිය, මරණ 89ක්. බදුල්ලේ මරණ 83ක්. ඒ අනුව අපිට පැහැදිලියි ආපදාවේ වැඩි විපත් ගංවතුරෙන් සිද්ධ වෙලා තියෙන්නේ. හේතුව පුත්තලම් දිස්ත්‍රික්කයට බලපෑවේ ගංවතුර. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑවේ ගංවතුර. කොළඹ දිස්ත්‍රික්කයට බලපෑවෙත් ගංවතුර.

නමුත් නායයාම් සිද්ධ වෙනවා බදුල්ල, නුවරඑළිය, නුවර වගේ ප්‍රදේශවල. මේ නායයාම්වලින් තමයි වැඩි ප්‍රමාණයක් මියයන්නේ. එහෙනම් අපි හඳුනාගත යුතුයි, නායයාම් පිළිබඳ පූර්ව දැනුම්දීම් පිළිබඳ අවබෝධයෙන් හිටියා නම්, මේ ස්ථානවලින් ඉවත් වුණා නම්, ගංවතුර ගලා එන්නට දින කීපයක් ගතවෙලා ගියා. ඒ දින කීපය ඇතුළේ පුද්ගලයන් ඉවත් කරගැනීම් නිසියාකාරව සිද්ධ කරලා තියෙනවා.

නමුත් පුත්තලම දිස්ත්‍රික්කයේ මරණ 34ක්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මරණ 9ක් සිද්ධ වෙලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මරණ 13ක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ මරණවලට හේතුව බොහෝ වෙලාවට නායයාම් නෙමෙයි. මේ මරණවලට හේතුව සම්පූර්ණයෙන්ම ගංවතුර විය හැකියි.

ඒ වගේම අපිට මරණ වාර්තා වුණු අනිත් දිස්ත්‍රික්ක පිළිබඳ අවබෝධ කර ගත්තොත්, මඩකළපුව දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච මරණ දෙකක්, ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ මරණ අටක්, යාපනයේ මරණ තුනක්, පොළොන්නරුවේ මරණ දෙකක් වාර්තා වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් මරණයක් වාර්තා වෙලා තියෙනවා මේ සඳහන අනුව. ගාල්ල දිස්ත්‍රික්කයේත් එක් මරණයක් වාර්තා වෙලා තියෙනවා. අපි හම්බන්තොටට, ගාල්ලට, කොළඹට, කළුතරට කිසිම හානියක් වුණේ නැහැ කියලා කිව්වට නැහැ එහෙම නැහැ. මේ දිස්ත්‍රික්කවලත් යම් යම් ආපදා සිදුව ඇති බව සමස්ත ආපදා විස්තරයේ සඳහන් වෙලා තියෙනවා.

ඒ අනුව මේ තත්ත්වය නිසියාකාරව කියවාගත යුතුයි ආපදා පිළිබඳ අවබෝධයෙන් ඉන්න පුද්ගලයන්. මහනුවර දිස්ත්‍රික්කයේ තාමත් 81 දෙනෙක් අතුරුදන්. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ 39 දෙනෙක් අතුරුදන්. අතුරුදන් වීම් වැඩි ප්‍රමාණයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා. අරනායක සාමසර කන්ද තියෙන්නෙත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි හිතන විදිය හරි නම්. ඊට කලිනුත් අතුරුදන් වීම් සිද්ධ වුණු දිස්ත්‍රික්කයක්. ඒ වගේම නුවරඑළියෙත් අතුරුදන් වීම් 35ක් වාර්තා වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ අතුරුදන් වීම් 28ක්. පුත්තලමේ අතුරුදහන් වීම් හතරක්. මාතලේ නවයක්. ඒ වගේම කුරුණෑගල අතුරුදන් වීම් 11ක්. අපි දන්නවා කුරුණෑගල සිද්ධ වුණා නායයාමක්. මේ නායයාම්වලින් පුද්ගලයන් අතුරුදහන් වෙලා තියෙනවා.

මේ තත්ත්වය තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ අනුව මරණ 618ක් විදිහට සඳහන් වෙලා තිබුණත් අපි විශ්වාස කරනවා මේ මරණ ප්‍රමාණය 618ට වඩා ඉතා ඉහළ අගයක් ගනීවි කියලා. මේකට විසඳුමක් විදිහට දැන් බොහෝ දේවල් සිදුකරමින් යනවා. මේක තමයි ආපදා පිළිබඳ සමස්ත වාර්තාව අවසාන වශයෙන් විශ්ලේෂණය.

ආපදා පිළිබඳ විශ්ලේෂණයෙන් අනතුරුව නිසි නිගමනවලට එළඹෙන්නට බොහෝ දෙනකුට හැකියාව ලැබේවි. අපි විශ්වාස කළ යුතුයි දැන් මේ තමයි යථා තත්ත්වය. මරණ තව ඉදිරියට වාර්තා වේවි සමහර වෙලාවට. මරණ වාර්තා ලැබෙන්නේ අතුරුදන් වූවන්ගේ මෘත ශරීර හොයාගැනීම සඳහා වූ මෙහෙයුම් දැන් පූර්ණ වශයෙන්ම නවත්තලා දාලා තියෙන්නේ. ඇත්තටම ඒකට කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙම හොයා ගන්න පුළුවන් කමක් නැහැ කියලා අපි දන්නවා මේ වගේ තත්ත්වයකදී.

අපේ රණවිරුවෝ සියලු දෙනාම මේ වෙනුවෙන් වෙහෙස වුණා. මේ වෙලාවේ ශ්‍රී ලංකා රජය තමන්ට හැකි උපරිමයෙන් අවශ්‍ය දායකත්වය සපයමින් ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාම හැකි තත්ත්වයෙන් තමන්ට උපරිමයෙන් පුළුවන් විදිහට මේ පිළිබඳ කැපවෙලා මේ විදිහට මහන්සි වෙමින් ඉන්නවා. අපි ඒකට ගරුකළ යුතුයි එතුමන්ලාට. අපි දන්නවා රටක ජනාධිපතිවරයෙක් විදිහට පත්වුණාට පස්සේ රාජකාරි දහස් ගණනක් පැවරෙනවා. ඒ තත්ත්වය නිසාවෙන් මේ කටයුතු මේ විදිහට කරන එක ලේසි නැහැ. නමුත් අපහසු වුණත් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යමින් සාකච්ඡා කරමින් තොරතුරු හොයාබලමින් එක එක්කෙනාගෙන් කරුණු විමසමින් මේ කරන කාර්යභාරයට අපි ගරු කරනවා. අපි සියලු දෙනාම එකතු වෙලා ගොඩ එන්න නැගිටින්න උදව් කරන්න ඕනේ කියන එක තමයි අපි යෝජනා කරන්නේ ‘මව්රට’ විදිහට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘අනේ ප්ලීස් එපා…!’ විපක්ෂයට ටටා කියා යන්න හදන ගමනේ අවසානය? Sri Lanka Latest News

Next Post

කාටවත් කරගන්න බැරි වුණා…! ලෝ ප්‍රකට ‘නිවුස්වීක්’ අනුර ඉන්න තැන හොයාගෙන ඉන්න තැනටම යයි! මෙන්න ජනාධිපති ආපදාව අස්සේ කියපු ටික! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.