• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අනේ ප්ලීස් එපා…!’ විපක්ෂයට ටටා කියා යන්න හදන ගමනේ අවසානය? Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘අනේ ප්ලීස් එපා…!’ විපක්ෂයට ටටා කියා යන්න හදන ගමනේ අවසානය? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට මේ මොහොතේදී මුහුණ දෙමින් සිටිනුයේ විශාල අර්බුදයකටය. එය හුදු ආර්ථික ප්‍රශ්නයකටත් එහා වූවකි. ගංවතුර හා නායයෑම් හමුවේ ආර්ථික, සමාජයීය, දේශපාලනික හා අධ්‍යාපනික ආදී සියලු ක්ෂේත්‍ර මේ මොහොත වනවිට යම් බලපෑමකට හසුවී ඇති බැව් ඔබ අප කවුරුත් දනී. මෙවන් වපසරියක් තුළ රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු දේශපාලන පාර්ශ්වයන් එකම අරමුණක් වෙනුවෙන් පෙළගැසීම විනා තනිව කටයුතු කිරීම නොවේ. එනමුත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හේතුකොටගෙන ආපදා තත්ත්වය හේතුවෙන් ඇතිවූ අර්බුදයන්ගෙන් රට ගොඩනැගීමට විපක්ෂයේ උපකාර හෝ අදහස් ලබානොගැනීම, එක් ආකාරයකින් අර්බුදකාරී සමයක හෝ කිසිදු එකමුතු බවක් නොපෙන්වනු ලබන්නකි.Sri Lanka Latest News

දේශපාලන ඉතිහාසය පිළිබඳ විමසූ විට හඳුනාගැනීමට හැකිවූ එක් මූලික අර්ථකථනයක් වනුයේ ඕනෑම ආපදාවකදී විපක්ෂයේ භූමිකාව ලෙස සලකනු ලබන්නේ ආණ්ඩුවට ඇඟිලි දිගුකොට ආණ්ඩුවේ වැරදි පෙන්වාදීම පමණක්ම නොවේ. වරද පෙන්වාදීම මෙන්ම එහි උචිතානුචිතභාවය හා අර්බුද තත්ත්ව සඳහා විසඳුම්ද ලබාදීම හුදෙක් විපක්ෂයේ කාර්යය විය යුතුය. මන්දයත් රටක් අගාධයට යාමේදී පක්ෂ, පාට, බෙදීම් නොසලකා සියල්ලන්ගේම වගකීම වනුයේ රට ගොඩදැමීම පමණකි. වර්තමාන ආණ්ඩුව එනම් ජනතා විමුක්ති පෙරමුණ එකල විපක්ෂයේ සිට සිදුකරනු ලැබුවේ ආණ්ඩුවට දෝෂාරෝපණ පමණක් කරමින්, වරද පටවමින්, වර්ජන හා උද්ඝෝෂණ ආදිය සිදුකිරීමය. එනමුත් වත්මන් විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු අනෙක් පක්ෂ පෙර නොවූවිරූ ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආණ්ඩුවටත් ජනතාවටත් සහාය දීමට උත්සුක වී ඇත. ආණ්ඩු බලය පෙරළා දැමීම හෝ ක්ෂණික දේශපාලන වාසි ලබාගැනීම හුදෙක් ඔවුන්ගේ අරමුණක් නොවෙයි. දේශපාලන න්‍යායපත්‍රය දෙවැනි කරමින් ජනතාවට හා ආණ්ඩුවට මූලිකත්වය දීම ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශීය මෙන්ම විදේශීය තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවී රටට ආධාර උපකාර ලබාදීම උදෙසා තම අදහස් දැක්වීම සිදුකළද ආණ්ඩුව එය උපහාසයට ගැනීම මෙවැනි අවස්ථාවක සිදු නොකළ යුත්තකි. මන්දයත් රටක් ලෝකයක් මේ සියල්ල බලා සිටියි.

අර්බුද තත්ත්වයකදී හෝ බෙදීම් නොමැතිව පාලකයන් සියලු දෙනා එක්වී කටයුතු කිරීමට නොහැකි නම් හුදෙක් එම තත්ත්වය රටේ අනන්‍යතාවට සිදුකරනු ලබන බලපෑමකි. එමෙන්ම විපක්ෂය ආපදාවන් හමුවේ දේශපාලන වාසි නොගෙන රට වෙනුවෙන් සිටීමේ මෙම මානසිකත්වයද රටක් ලෙස අප අගය කළ යුතුම වූවකි.

මෙවන් සහයෝගයක් විපක්ෂයෙන් ලැබෙන කාලවකවානුවක හෝ ආණ්ඩුව තනිවම ගමනක් යාමට උත්සුක කරන බවක් පෙනෙන්නට තිබේ. තීරණ ගැනීමේදී විපක්ෂයේ හෝ අනික් පාර්ශ්වයන්ගේ අදහස් නොසලකා හැරීම මෙන්ම රටට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇති මොහොතක පවා ගනු ලබන තීරණ සම්බන්ධයෙන් අවදානමක් ගැනීම හුදෙක් ආණ්ඩුව තනිවම ගමන් කිරීමට උත්සුක වන ආකාරය මනාව පසක් කිරීමකි. මෙම අදහසට නිදසුන් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී හඳුනාගැනීමට හැකි විය. ගංවතුර අර්බුදයත් සමග පාර්ලිමේන්තුවේදී පැවැත්වූ සාකච්ඡාවේදී ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ තනි ගමන විස්තර කරමින් ‘අනේ ප්ලීස් එපා’ යනුවෙන් ප්‍රකාශ කර ඇත. විපක්ෂයේ උපකාර නොසලකා විපක්‍ෂය උපහාසයට ලක්කිරීම හුදෙක් ආණ්ඩුවේ අරමුණ මැනැවින් කියාපාන්නකි. දේශපාලන මතවාදයන් කුමක් වුවත් විපක්ෂ නායකයකුගේ අදහස් නොවිමසීම, නොතැකීම ආණ්ඩුවේ අදූරදර්ශී ස්වභාවය තවදුරටත් පෙන්නුම් කරන්නකි.

මෙම අර්බුදය හුදෙක් අප බලාපොරොත්තු වනවාට වඩා බරපතළ හා සංකීර්ණ වූවක් බව ආණ්ඩුව මෙන්ම විපක්‍ෂයද තේරුම් ගැනීම සිදුකළ යුතුය. මන්ද එය හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය, උද්ධමනය පාලනය වැනි තත්ත්වයන් මෙහිදී ඇතිවිය හැකිය. එමෙන්ම පෝෂණ ඌනතා, අධ්‍යාපනය කඩාවැටීම් හා සෞඛ්‍ය පද්ධතියේ දුර්වලතා ද ඇතිවිය හැකිය. එමෙන්ම බහු පාර්ශ්වික සම්මුතියක් නොමැතිව ගන්නා ඕනෑම තීරණයක් කෙරෙහි මහජන විරෝධයද ඇතිවීම් හා ඇතැම්විට දේශපාලන අවස්ථාවර භාවයන්ද ඇතිවිය හැකිය. එනයින් හුදෙක් විය යුත්තේ සියලු දෙනාම එක් වී මෙම ගැටලු උදෙසා විසඳුම් සෙවීමය. එසේ නොකළහොත් හුදෙක් රටක් ලෙස අප අගාධයට යනු නිසැකය.

රටක් වශයෙන් අප හට ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි. ආණ්ඩුව මෙම මානසිකත්වයෙන් වහාම ඉවත් විය යුතුමය. හුදෙක් ආණ්ඩුව සියලු දෙනාම එකට එකතු කරගෙන පොදු වැඩපිළිවෙළක් යටතේ ගමන් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුමය. දේශපාලන වාසි ලබාගැනීම වෙනුවට රට ගොඩනැගීමට ඉදිරිපත් වූ විපක්ෂයකට දොරටු විවෘත කිරීම ආණ්ඩුවේ වගකීමකි. ඔවුන්ගේ අදහස්වලට සවන් දීම මෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැබෑ ලෙසම සම්බන්ධ කරගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය වේ. අද දින තනිවම මේ අර්බුදය ජයගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් ඒ හුදෙක් දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට හේතුවනු ඇත. මේ මොහොතේ තිබෙන එකම සත්‍ය නම් ආපදාව තවදුරටත් තීව්‍ර බවය. එබැවින් ආණ්ඩුව තවදුරටත් මෙම තනි ගමන යාමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට පැහැදිලිවම කිව යුත්තේ ඉදිරියට එනු ලබන ප්‍රතිවිපාක සඳහාද තනිවම මුහුණ දෙන්නටද සූදානම් වන ලෙසය. මන්දයත් ජාතික සමගියෙන් තොරව කිසිදු දෙයක් ළඟාකරගත නොහැකි වන බැවිනි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

නඩු තවම ඉවර නෑ! වර්තමානයට ඔබින නායකයෙක් එන්න ඕනෑ! එහෙම වුණොත් එකතුවෙන්න පුළුවන්! විජේදාස ගියාට මෛත්‍රීලා නිමල් සිරිපාලගේ නායකත්වය පිළිගන්නෙ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආපදාවේ පසු සටහන: වැඩිම මරණ වුණේ කොහෙද? වැඩිම හානි කොහෙටද? වැඩිම අවතැන් කොහෙද? වැඩිම හානි කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.